(යොහාන් භාසුර)
පාසල් දරුවන් තුළ ‘කොවිඩ්’ රෝග පැතිර යෑම වැළැක්වීම සඳහා කටයුතු කිරීමේ වගකීම දරුවන්, දෙම්පියන්, අධ්‍යයන සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල යන පාර්ශව හතරටම පැවරෙන බවත් මෙම පිරිස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමනය කළ හොත් අවධානමෙන් ගැලවිය හැකි බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
දරුවෙක්ට ‘කොවිඩ්’ රෝග ලක්‍ෂණ තිබුණොත් හෝ පවුලේ කෙනෙක් ආසාදිත වුවහොත් දරුවන් පාසලට එවීමෙන් වළකින ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව කී උපුල් රෝහණ මහතා දරුවෙක් ‘කොවිඩ්’ ආසාදිත බවට පාසලේදී හඳුනාගත හොත් සෙසු පිරිස් ආරක්‍ෂා කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගතයුතු බව ද සඳහන් කළේය.
බොහෝ ප්‍රධාන පෙළේ පාසල්වල සීමිත ඉඩ කඩක් ඇති පංති කාමරයක් තුළ දරුවන් 40 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන බවත් එවැනි පංතියක දරුවෙක්ට ‘කොවිඩ්’ ආසාදනය වුවහොත් දැඩි අවදානමක් ඇති බවන බවත් උපුල් රෝහණ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd