
වැල්ලවත්ත , බම්බලපිටිය මුහුදු වෙරළට පිරිමි නිරුවත් මළ සිරුරු දෙකක් ගොඩ ගසා ඇති අතර කොලොන්නාව තෙල් සංස්ථාව ආසන්නයේ තෙල් ඇළක තිබී තවත් මළ සිරුරක් සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා මාවත ආසන්නයට ගොඩ ගසා තිබූ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබූ බවත් වැල්ලවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් ද සිල්වා මහතා පවසයි.
බම්බලපිටිය මැරීන් ඩ්‍රයිව් පාරෙ වෙරළ තීරයේ තිබී සොයාගත් මළසිරුර අධික ලෙස නරක් ව තිබුණ බවත් බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න රත්නායක මහතා පවසයි.
මළ සිරුරු දෙක සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හඳුනාගැනීම සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කරන බවත් පොලිස් ස්ථානාධිපතිවරු වැඩිදුරටත් පැවසූහ.
කොලොන්නාව තෙල් සංස්ථාව ආසන්නයේ පිහිටි තෙල් ඇලේ තිබී හමු තරුණයාගේ මළ සිරුර කාගේද යන්න තවමත් තහවුරු වී නැතැයි පොලීසිය කියයි.
දෙමටගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල සිරුර කොහොම වෙතත් ඇල නම් ඉතාමත් පරිසර හිතකාමී බව පේනවා . මේවා පේන්නේ නැත්ද .
වසර 13ක්ම උදේ හවා.. දෙමටගොඩට ඉස්කෝලෙ යන්න පහුකරපු පාලමක්... අපොයි දැන් හැටි... !!!
යළි හිස ඔසවන භීෂණයක පෙරනිමිති වත්ද? 2021 නොවැම්බර් 30 දා වඩමාරච්චි මරඳන් කේනි මුහුදු වෙරළට එක් මළ සිරුරක්ද, නොවැම්බර් 28 දා ඩෙල්ෆ් මුහුදු වෙරළට එක් මළසිරුරක් සහ නොවැම්බර් 27 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි මනල්කාඩු මුහුදු වෙරළට මළ සිරුරු 2 ක්ද වශයෙන් මළ සිරුරු 4ක් ගොඩගසා තිබුණා කියලා වාර්තා වුණා. අපේ අනුනායක ස්වාමීන්වහන්සේගේ ප්රාර්ථනය ඉටුවෙලා වගෙයි.