(යොහාන් භාසුර)
දුම්රිය දෙපාර්තමේන්තුව රාත්‍රී තැපැල් දුම්රිය සහ ආසන වෙන්කළ හැකි සීග්‍රගාමී දුම්රිය කීපයක් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
බදුල්ල සිට කොළඹ දක්වා රාත්‍රී තැපැල් දුම්රිය, කොළඹ සිට හැටන් දක්වා සීඝ්‍රගාමි දුම්රිය, කොළඹ සිට කන්කසන්තුරය සහ කන්කසන්තුරය සිට කොළඹ දක්වා සීඝ්‍රගාමී දුම්රිය අද (10) දිනයේ හදිසියේ අවලංගු කර ඇති බවත් පාර්සල් ප්‍රවාහන දුම්රියයන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පාලනාධිකාරිය අසමත්ව ඇති බවත් කසුන් චාමර මහතා කීය.
මෙම තත්වය හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය දුම්රිය හරහා ප්‍රවාහනය කරනු ලබන ලොතරයිපත් සහ මධ්‍යම පළාත තුළ ප්‍රචලිත මල් ප්‍රවාහන කටයුතු ද මේ වන විට පුද්ගලික ප්‍රවාහන අංශයකට ලැබී ඇතර බව කී චාමර මහතා පැවසුවේ පාඩු ලබන දුම්රිය දෙපාර්තම්නේතුව තව දුරටත් පාඩු ලැබීමේ තත්ත්වයට ඇද දැමීමට පාලනාධිකාරිය ක්‍රියාකරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කොළඹට එන්න ඕනේ මේල් ටික හෙට ඇවිල්ලා වැඩක් නෑ. ඒ නිසයි පෞද්ගලික ප්‍රවාහන අංශයට යන්නේ...
කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව මේ දුම්රිය සේවා අවලංගු කිරෙමෙන් තව දුරටත් පිලි බිඟු කෙරෙන්නේ රටේ බංකොලොත් භාවය සහ මේ රජයේ අකාර්යක්ෂමතාවයයි.ඉදිරියේදී තව මොන කැපිලි එයිද දන්නේ නැහැ.රට කෙමෙන් කෙමෙන් අගාධයට යනවා