ගැබිණි කත ලක්ෂ 15ක කුඩු සමග මාට්ටු රුපියල් ලක්ෂ 15 ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් යතුරු පැදිපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි ගැබිනි කතක් ඇතුළු කතුන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි . 29 November 2021
ආරක්ෂක සේනා මූලස්ථාන මගින් කාබනික පොහොර නිෂ්පාදනය කරයි රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබා දෙමින් දිවයින පුරා පිහිටි සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන මගින් ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර නිෂ්පාදනය කර ඇති බව හමුදාව පවසයි. 29 November 2021
ඉන්දියානු සාගර සම්මේලන ආරම්භ සැසිවාරයට ජනපතිට ආරාධනාවක් අබුඩාබි නුවරදී ලබන 4 වැනිදා පැවැත්වෙන ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භ සැසිවාරය ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනාවක් ලැබී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (29) පැවසීය. 29 November 2021
ත්‍රිරෝද රිය කොහොඹ ගහක ගැටී තරුණියක් මරුට මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් කොහොඹ ගසක ගැටිමෙන් සිදුවු අනතුරින් 24 හැවිරිදි තරුණියක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසයි. 29 November 2021
එජාපයට බලය හිමි හොරොව්පතාන ප්‍ර. සභා අයවැය පරදයි එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ඡන්ද හතකින් අද පරාජයට පත්විය. 29 November 2021
'පාලකයන් රටට කළ විනාශයට සියලු දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි ' පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන හරි නම් සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 29 November 2021
පොලිස්පති මහාධිකරණයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වත්මන් පොලිස්පති සී. ඩි.වික්‍රමරත්න අද (29) ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණියේය. 29 November 2021
'පරිපූරක ඇස්තමේන්තුවකින් හෝ ගෙවීන්ට වන්දි ගෙවනවා' කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර ගොවියාට වන්දි ලබාදීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. 29 November 2021
මාස 8 කට පසු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අරඹයි කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවදානමත් සමග මාස 08 පමණ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (29) යළි ආරම්භ කෙරිණි . 29 November 2021
හංවැල්ලේ නිවසකත් ගෑස් පිපිරුමක් හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ආ ගෑස් සිලින්ඩරයක් ගෑස් ලිපට සම්බන්ධකර සුළු වේලාවක් තුලදී එම ගෑස් ලිප පුපුරා ගිය බවට එම නිවසේ කාන්තාව අද (29) උදෑසන පැමිණිල්ලක් සිදු කර ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 29 November 2021
රෝහල්වල සම්පත් බෙදීයාමේ විසමතාව ගැන විමර්ශනයක් අරඹන්න රජයේ රෝහල් අතරේ වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් බරපතළ විසමතාවක් පවතින හෙයින් ඒ පිළිබඳව කඩිනමි විමර්ශනයක් පවත්වා ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 29 November 2021
'ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැ' ඉන්ධන හිඟයක් නිසා විදුලි ප්‍රශ්නයක් ඇති වීමට කිසිම හේතුවක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 29 November 2021
'වසර 6කදී රටේ ගෑස් පිපිරීම් 233ක්' රටේ ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම්වල සිලින්ඩරවලට අදාළව පිපිරීම් ඇතුළු සිද්ධීන් 233 ක් 2015 ජනවාරි 1 වැනිදා සිට මේදක්වා වාර්තාවී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 November 2021
'ශ්‍රී ලංකාවේ විදේශ විනිමය තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට ලබා දෙන්න ' ශ්‍රී ලංකාව සතුව දැනට පවතින විදේශ විනිමය තත්ත්වය පාර්ලිමේන්තුවට ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා:-(එජාප) පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. 29 November 2021
ගෑස් කාන්දුවකින් තවත් පිපිරීමක් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවක අද(29) ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීමක් සිදු වි වෙළදසැලට හානි සිදුවිම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. 29 November 2021
'වර්තමානයේ අමාත්‍යාංශ බෙදා ඇත්තේ කිසිම තේරුමක් නැති විදියට' අමාත්‍යාංශ අද බෙදා ඇත්තේ කිසිම කෙනෙකුට තීරණයක් ගෙන වැඩ කිරීමට හැකි වන අයුරින් නොවන හෙයින් ඒවා පළමුවෙන්ම විද්‍යාත්මක ක්‍රමයකට බෙදීම කාලීන අවශ්‍යතාවක් බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝපාර්ලිමේන්තුවේදී අද (29) පැවැසූහ. 29 November 2021
යුදගනවි ඇමෙරිකානු සමාගමකට දීමට එරෙහි පෙත්සසමටවිරෝධතා ගොනු කරන්න දිනයක් කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන මස 06 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන්නැයි පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා , අමාත්‍ය මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන්ට අද (29) නියෝග කළේය 29 November 2021
‘ඉඳගන්න’ කතාවෙන් නෝන්ඩි වෙච්ච විපක්ෂයේ ප්‍රබලයා කවුද? බස්නාහිර පළාත නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රබලයෙක් ගිය සතියේ දවල් කෑමට පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේය. 29 November 2021
යුගදනවි පෙත්සම් සලකා බැලීම ඇරැඹේ කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද 29 November 2021
ජනපති අණින් නතර වූ ආර්.එම්.වී කාක්කෝ යළි රජ කරති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය. 29 November 2021
ඔමික්‍රෝන් වැලැක්වීමට රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 November 2021
මහවිරුවන් සැමරූ දෙදෙනකු එස්.ටී.ඒෆ්.දැලේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් දිනය සැමරීමට ක්‍රියාකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් කොක්නිඅඩිචෝලේ කඩුකාමුනෙයි ප්රදෙුශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.. 29 November 2021
'ඔමික්‍රෝන් බරපතළයි: රටට එන සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරන්න' ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මේ රටටත් ඇතුළුවීමට හැකියාවක් ඇති හෙයින් රටට එන සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 November 2021
පඩිපෙළින් වැටී සූපවේදීයා මරුට මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති පැති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 29 November 2021
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි. 29 November 2021
පස්වෙනි මහලෙන් වැටි හොටෙල් කළමණාකරු මරුට නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 29 November 2021
දරු ප්‍රසූතියට පා පැදියෙන් ගිය මන්ත්‍රී පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2021
’ඔමික්‍රෝන්’ ගැන බොරු කලබල එපා ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට කියයි. 29 November 2021
ගිලන්රියේ හැපුණු කාන්තාව මරුට හදිසි අනතුකරට ලක්වූ රෝගියෙක් රෝහලට රැගෙන එමින් තිබූ 1990 හදිසි ප්‍රතිකාර සේවා ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය පැවසීය. 29 November 2021
උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 29 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026