
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වී ජාතික ආණ්ඩුවක් හදනවා නම් ඊට නායකත්වය දීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නමුත් රටේ මතුව තිබෙන ප්‍රශ්න වලින් වත්මන් ආණ්ඩුව බේරා ගැනීම සඳහා මුක්කු ගැසීමට රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න අගමැතිකම රනිල් වික්‍රමසිංහ මහතාට රට බාර දෙන්න යන බවට ආරංචියක් ඇතැයි ද එසේ වුවහොත් නායකතුමා අගමැතිකම බාර ගනීවිදැයි එජාප ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජයවර්ධන මහතා මෙි බව කීය.
මෙහිදී රුවන් විජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේ වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව බාර දෙන්නට යන බවට ආරංචි පැතිරීමෙන්ම තහවුරු වන්නේ රට හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බවයි.
රටට අවශ්‍ය ඩොලර් ගෙනැවිත් ආර්ථිකය හදන්නට එක්සත් ජාතික පක්ෂ නායකයාට හැකියාව ඇති නමුත් වත්මන් ආණ්ඩුවට ගොස් බාල්දු වෙන්නට වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නැතැයි ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් අනුර කුමාර කියනවා ජනතාව පාරට බහිනවා නම් නායකත්වය දෙන්නම්ලු... මෙහෙන් රනිල් නායකත්වය ඉල්ලනවා. සජිත් ඉල්ලනවා මදිවට වෙල්ගමත් ශබ්ද පිට කරනවා. කවුරුත් මහජනතාව වෙත නායකත්වයක් පිරිනමන්න ලෑස්ති නෑ. ඔක්කොම හදන්නේ මහජනතාවගේ කරපිටින් ගිහින් නායකත්වය අරන් ඊට පස්සේ තමන්ට වැඩක් කරගන්න තමයි.
ආණ්ඩුව බේරගන්න ඔහෙලාව මුක්කුවකට ගන්නවාට වඩා හොඳයි, පැපොල් බටයක් මුක්කුවකට ගන්න එක...
ඇත්තටම මේ මිනිස්සු පාසලට ගිහිල්ලාවත් නැතිද කියලා හිතෙනවා.. මේවා දකිනකොට. ඡන්දෙන් පැරදිලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා රට ගොඩගන්න ඉල්ලනවා. මොනවා කීවත් ඩොලර් හොයන එකනම් ශුවර්. අටමස්ථානයයි, සීගිරියයි, මත්තලයි, කටුනායකයි විකුණලා..