
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙි බීජ අවශ්‍යතාව හා බීජ නිෂ්පාදනය පිළිබඳ නිවැරදි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ කළ සංචාරයකදී මෙි කරුණු අනාවරණය වූ බව කී අමාත්‍යවරයා මෙරට වගා කරන බෝග අනුව වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය හා නිෂ්පාදනය කරන බීජ ප්‍රමාණය , වාර්ෂිකව ආනයනය කරන බීජ ප්‍රමාණය හා වර්ග පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගෙන සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නිලධාරින්ට උපදෙස් දුන් බවද පැවසීය.
කවුරුන් බීජ නිෂ්පාදනය කළත් කවුරුන් බීජ ආනයනය කළත් ඒ සියලු තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි උගත් බුද්ධිමත් දක්ෂ කෘෂිකර්ම ඇමති කෙනෙක් ඉන්න විට මොකට බීජ ගැන බය වෙනවද
එතකොට කෘෂි කර්ම ඇමති කියලා ජාතික ධනයෙන් පඩිත් එක්ක මුදල් හොරා කකා ඉන්නවා මිසක් තමන්ගේ අමාත්‍යංශයේ වැඩ ගැන වත් දන්නේ නැති කොමිස් කකා ඉන්න නිකමා.මුන් තමයි ඇමතිලා මූ උදේ ඉඳන් කරන්නේ කොහෙන්ද කොමිස් ගහන්නේ කියලා මිසක් වෙන කරන වැඩක් නැහැ
අවුරුදු දෙකක් ඇමති ධූරයේ භුක්ති විඳලා, ගොවීන් අපහසුතාවට පත් කරලා, දැන්ද කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ සංචාරය කලේ. නමුත් මෙයාගේ දුර්වලකමට ජනාධිපති දොස් පවරන්නේ නිලධාරෙන්ට සහ තනතුරෙන් අයින් කරන්නේ බුද්ධිමත් ලේකම්වරුන්ව සහ උපදේශකවරුන්ව.
පිං පඩි කකා නිදියන් හිටිය නිලධාරීන් ඔය පව් කවද ගෙවල ඉවර කරන්නද
නිලධාරීන් අවශ්‍ය දත්ත හොයන්න ගියාම බඩේ පාර වදින්නේ කාගේද.?
හැම එකාම අවධාරණය කර කර ඉන්නවා මිසක්, විසදුම් දීල වැඩ කරන එකෙක් නෑ . කතා පමණයි වැඩ නැත . අරක නැ මේක නැ කියනවා ඇරෙන්න මම මේ අඩුපාඩුවට නිවැරදි කලා කියන මිනිහෙක් නෑ
අනේ පව්... ඊළඟට එන අය මේවා කිව්වොත්...
සෞභාග්‍යයේ දැක්ම කොහොමද
මෙයා මේ ඇමති ධුරයට ආපු දා ඉඳන් අරවා කරනවා, මේවා කරනවා, අරව දෙනවා, මේවා දෙනවා මිස කරපු මගුලක් නැහැ. මෙහෙම තමයි විදුලිබල ඇමැති ඉන්න කාලෙත්... කයිවාරු විතරයි. විදුලි අර්බුදය, තෙල් අර්බුදය, කෘෂිකර්ම අර්බුදය එසේමයි...