(ඩයනා උදයංගනී සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව දිනන්නට බැහැ යැයි කී පොහොට්ටුවේ නායකයන් ජනාධිපතිවරයෙන් පසු, කරපිංචා මෙන් එය භාවිතා කර විසිකර දැමූ බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගැනතිබූ උවමනාව, වටිනාකම ගැන කිවහොත් එහි ඉහළම නායකයෝ තමාව කීපවරක්ම හමුවී සාකච්ඡා පැවැත්වූ බව කී හිටපු ජනාධිපතිවරයා එහි පළමු, දෙවන හා තුන්වන යන නායකයන් තිදෙනාම ජනාධිපති කාර්යාලයට වෙන වෙනම පැමිණ තමන් හමුවූ බව සඳහන් කළේය.
එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැතිව දිනන්න බෑ කී අය ජනාධිපතිවරණයෙන් පසු පළමු සතියේම දෙපාර්ශවය අතර අත්සන් කළ සන්ධාන ගිවිසුම කඩ කළ බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා වසර දෙකක් ගතවුවත් එහි ඇති කිසිම කාරණයක් ඉටුකර නැතැයි ද කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාතර දිස්ත්‍රික්කයේ දී ඊයේ (9) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සමුළුවට එක්වෙමිනි.
තමන් දන්නා පරිදි ළඟදී ජනාධිපතිවරණයක් එන්නේ නැතැයි කී සිරිසේන මහතා ඊ ළඟට පැවැත්වෙන ජාතික මැතිවරණය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් බව ස්ථිරවම කිව හැකි බව ද පැවසීය.
ජනමත විචාරණයක් තබා ආණ්ඩුවේ කාලය දික්කරගැනීමට යන බව ඇතැමුන් කීවත් එය කවදාවත් කෙරෙන්නේ නැති වැඩක් බව ද හෙතෙම කීය.
වර්තමානයේදී රටම අසරණ වී ඇති බවත්, මෙය මැතිණිගෙ කාලෙ වගේ යැයි සමහරු කීවත් එකල මෙවැනි අහේනියක් හෝ පෝලිම්වල සිටි ජනතාව ආණ්ඩුවට කුණුහරපයෙන් බැනීම් සිදුවූයේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
තමා බලයට පත්වූ පසු 2015 තිබුණාටත් වඩා අඩුවෙන් භාණ්ඩ ලබාදුන් බවත්, රුපියල් දෙකකින් තෙල් මිල වැඩිකළත් පොහොට්ටුවේ නායකයන් කොටුවේ සිට පාර්ලිමේන්තුවට බයිසිකලයෙන් ආ බවත් කී හිටපු ජනාධිවරයා එදා ඔවුන් ජනතාවගෙන් දැන් සනීපද, සැපද කියා ඇසූ බව ද කීවේය.
නායකයෙකුට තනිව රටක් කළ නොහැකි බවත්, ඔහුට හොඳ කණ්ඩායමක් සිටිය යුතු බවත් කී සිරිසේන මහතා තමන් අවුරුදු පහක් ආණ්ඩු කරද්දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ හෝ විපක්‍ෂයේ කිසිවකුත් තමා වෙනුවෙන් කතා නොකළ බව ද පැවසීය.
එදා අගමැතිවරයාගේ හෝ ඇමති මණ්ඩලයක සහය නැතිව හා කිසිම බලයක් නැතිවත් තමන් අද වැනි අර්බුදයකට රට ඇද දැම්මේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරපින්ච්චා හපය අහක දමන්නේ කව්ද? කරපින්ච්චා වල ගුණ දන්නා අය කරපින්ච්චා හපය අහක දමන්නේ නැත. නොවයි රම්පෙ කෑල්ලක් වගේ සුවඳ බත් ටික එකට අරගෙන පොත්ත අහක දැම්ම කියන්න. පාර්ලිමේන්තු කැන්ටිමේ නම් රම්පෙ කරපිංචා නැතුව ඇති .ඒත් ගෙදරින් ගෙනෙන බත් එකේ තිබෙන්න ඕනේ.
තැන තැන කයිවාරු නොගහ ඔය සන්ධානයෙන් පුලුවන්නම් අයින් වෙන්නකො.
මේ රැට් ගැන අවධානය යොමු නොකරන්න
ඉතින් නහයෙන් අඬ අඬ ඉන්නෙ නැතුව ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම කණ්ඩායමක් විදියට විපක්ෂෙ වාඩි වෙනවකො. මෙයා මේ කරන්නෙ එක්කො අමු නාටකයක්. නැත්තම් මෙයාලගෙ ෆයිල්ස් තියෙනවා පොහොට්ටු ලොක්කො ගාව.
උකුස්සා තටු සලයි..බෙල්ල කරකවමින් වට පිට බලයි..
මෙයාගෙ කයිවාරු වැඩියි . හිතං ඇති ඊලග සැරේ කල්ල මරේ කියල . ඒ වැරැදිලා මහත්තයා නිකං උඩ පනින්නෙ නැතිව හිටියොත් හොඳයි .
මහින්ද වගේම මෙයත් කරන්නේ පුතාට පුටුව හදන වැඩේ .අරයා හැන්ද අතේ තියන නිසා බෙදා ගන්න හදනවා.මෙයා හැන්ද හොයාගන්න සටන් කරනවා.වෙනස එච්චරයි .මෙයාට චන්දෙ දෙන එවුන්ට මඩු වල්ගෙන් තලන්න තමයි තියෙන්නේ
පාස්කු ප්රහාරය වෙන්න දීල දැන් එනවා මෙතන කයිය ගහන්න. කොච්චර කෑගැහුවත් පාස්කු ප්රහාරයේ පවු හෝදගන්න බැරිවෙයි ගොයියෝ.
2015 ජනාධිපතිවරණයේදී දුන්නු පොරුන්දු ඉටු නොකිරීමේ පාපකර්මය තමා අද ඔයා විඳින්නේ. විධායක බලය අහෝසි කරනවයි කිව්වා, හොරුන්ට දඬුවම් දෙනවයි කිව්වා, තමන් පරාජයට පත්වුහොත් අඩි හයක පොළොවේ යටට යන්න වේවි කිව්වා. අවසානයේ බෝම්බ පුපුරුවනකම් බලාගන ඉඳල, ඔයාම කියපු හොරුන් මිනීමරුවන් එක්ක එකතු වුනා. ස්වාභාවික දඬුවෙමින් ඔයාට කවදාවත් මිදින්න බැහැ.
ඔයාගේ මෑත කාලයේ ක්රියා වලින් මටනම් දැනෙන්නේ හා හැඟෙන්නේ මේක ඔය පොහොට්ටුවත් එක්ක කතාවෙලා කරන රංගනයක් හැටියටයි.පුලුවන්නම් ආණ්ඩුවෙන් ඉවත් වෙලා පොදු ජනතාවත් එක්ක එකතුවෙන්න ඔයාට බැහැ
අනේ කවුරු කවුරුහරි මෙයාට ලකුණු ටිකක් දෙන්න. හැමෝම දන්නවා කුණුකුඩේට යවන්න ඕනේ මොනාද කියලා.