
(ඩයනා උදයංගනී)
ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න ගැන සැකයක් පවතින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙහි මතුපිටින් පෙන්වන්න හදනවාට වඩා කුමන්ත්‍රණයක් වී ඇති බව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ රටේ පාලකයන් පාලන එය යටගැසීමට උත්සාහ කරන බවත්, විමර්ශනයකින් ඒවා එළියට ගැනීමට උත්සාහ නොකරන බවත් සඳහන් කළහ. දේශපාලනඥයින් රටේ නීතියේ ආධිපත්‍යය විනාශ කර ඇතැයි කී කාදිනල්තුමෝ මේ ක්‍රමය තුළ කිසිම පුද්ගලයකුටතමන් ආරක්ෂිතයි කියා හෝ යුක්තිය ඉටුවෙයි කියා සිතිය නොහැකි බව ද කීවේය.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහරයේ විමර්ශනවල වත්මන් තත්වය පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිතුමාව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ඔහු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබාගෙන තිබියදී බව කී කාදිනල්තුමෝ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රට තුළ බියක්, අවිනිශ්චිතතාවයක් හා කැළඹිලි ස්වභාවයක් ඇතිකිරීමේ අරමුණින් ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේදැයි සොයා බලන ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේත් නිර්දේශ කර ඇතැයි කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල් තුමනි, ඔය කියන කාලයේ බලයේ සිටියේ රනිල් මෛත්‍රී ආන්ඩුවක්. ඔවුන් දෙපැත්තටම බෙදිලා කුළල් කාගත්තට ඔවුන් අතෙයි ඔය සිදුවීම නවත්වන්න අවශ්‍ය බලය තිබුණේ. ඔබතුමා ඉඟි කරන අන්දමට මහින්දලා ඔය ප්‍රහාරය සිදු කරන්න කුමන්ත්‍රණය කළත් ඔවුන් හිටියේ විපක්ෂය ලෙස. ආරක්ෂක නීතිය සහ සාමය ඇමතිලා වගේම අනික් ලොක්කන් කුළල් නොකා ඇස් ඇරගෙන හිටියනම් ඔය විනාශය කාටත් කරන්න ලේසි නෑ. ඒ මදිවට ඒ තිබුණු ආණ්ඩුව ඕක වෙන්න අරිවිද ඡන්ද ගන්න. කවුද ඕනෑකමින් පරදින්නේ?
කාදිනල් තුමා බහුබූත කියවනවා වගෙයි. රටේ පැවතී ආණඩුව කොහෙවත් ඉන්න කොටසකට බලය ලබාගන්න රටේ ත්‍රස්තවාදය පතුරවන්න ඉඩ දීලා බල හිටියේ ඇයි කියන එක කාදිනල්ට පරස්නයක් නොවෙයි වගේ? පුහුනුවීමෙදී බෝම්යක් පිපිරීමෙන් අල්ලාගත් ත්‍රස්තයින් අසාද් සාලී කියන හාදයා බේරාගෙන යාම කාදිනල්ට හිතන්න තරම් ප්‍රශ්නයක් නොවෙයි. බෝම්බ පුපුරනවා කියා දැනගෙනත් ක්‍රිස්තියානි කාරයෝ ඒ බව පල්ලියට නොකීව එකත් කාදිනල්ට ප්‍රශ්නයක් නොවේ. රටේ හම්බ ත්රස්තවාදයක් පවතින බවත් බුද්ධි අංශ රජයට දැනුම් දීලා ඒ පිළිබඳව පවතී රජය කටයුතු නොකිරීමත් කාදිනල්ට පරශ්නය්ක් නොවෙයි. ප්‍රහාරය වෙන දෙන ස්ථාන හා වෙලාව දැනගෙන ඒ ප්‍රහාරය මැඩපවත් වන්න කටයුතු නොකිරීමත් කාදිනල්ට ප්‍රශ්නයක් නොවෙයි. කොටින්ම උදේ සවස දෙවියන්ට යාක්ඥා කර දෙවිපිහිට ඉල්ලන දෙවිපිහිටයි ජේසු පිහිටයි කියන දෙවියන් වඳින්න පල්ලියට ආ ක්‍රිස්තියානි බැතිමතුන් දෙවියන් විසින් බේරා නොගැනීමත් ප්‍රස්නයක් නොවෙයි. එකම ප්රශ්නය බෝම්බ පිපිරෙන බව දැනගත් පසුකාලෙක බලයට එන්න ඉන්න කොටසක් මේ සම්බන්ධව ක්රීයා නොකිරීමයි
කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව මෙවැනි ප්‍රකාශයක් රට අස්ථාවර කිරීමට NGO/INGO/ වෙනත් රටවලට භාවිතා කළ හැක.
දැන්වත් ඔබ වහන්සේට තේරුණ එක ලොකු දෙයක්.
කාදිනල්තුමාගේ කතාවේ හරි පැත්තකුත් තිබෙනවා. ඒ තමයි ජනතා ඡන්දය ලබා ගැනීම ඉලක්ක කරගනිමින් සුළු ජාතින් තරහ නොකරගෙන ඔවුන්ගේ ඡන්ද බලාගෙන යහපාලකයින් පාස්කු ප්‍රහාර සිදුවීමට ඉඩ හැරියේද යන්න? ඒ පැත්තට තිබෙන සාක්ෂි, බර බොහොම වැඩී කාදිනල්තුමා
තේරුනේ දැන් තමයි.
අපොයි..! මේ මූනත් තහඩුවත් දැන් දැකලා ඇති වෙලා ..
සැකයක් තියනවා තමයි.මුළු රටම සැක කරනවා එකම විදියට .හැබැයි මේකේ අපරාධ කාරයෝ අල්ලන්න නිල පාට කොළ පාට නොවන රජයක්ම එන්න ඕනේ.මහ බැංකුවේ මංකොල්ලයත් එහෙමයි.අනිත් මිනී මැරුම් ,අපරාධ වගේම
අපි හිතුවා .මයිත්රීපාල ලොක්කයි පොහොට්ටුවයි කෙලගන්න කොට අලුත් නාටකයක් කරනවා තමයි කියලා.එහෙම සම්බන්ධයක් නෑ කියලා අඟවලා ජනතාව යවන්න බොරුවට එළිපිට බැන ගන්නවා.එච්චරයි .නො ඇක්ෂන්
පාස්කු ප්‍රහාරයේ වාර්තාව මුළුමනින්ම ප්‍රකාශ නොකරන්නේ කුමක් නිසාද.?
ඔබතුමාටත් අනුමාන කිරීමේ සීමාවක් නැහැ
මහ මොළකාරයා මොහොමඩ්... එයාගේ දේශනා නිසයි මෙහෙම වුනේ කියලා ප්‍රසිද්ධියේ කිව්වොත් වෙනදේ දන්නවා නේද..?