
(යොහාන් භාසුර සහ ප්‍රසාද් රුක්මල්)
බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ පිලීපැනිමට ලක් විමෙන් බදුල්ල කොළඹ - දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දුම්රියේ මැදිරි හතරක් මෙසේ පීලිපැනීමට ලක් වූ බවත් , මින් දුම්රිය මාර්ගයටද සුළු අලාභහානි වී ඇතැයි දුම්රිය බළධාරීහු කීහ.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වන පොඩිමැනිකේ ,උඩරට මැණිකේ දුම්රියන් මෙන්ම මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය හාලිඇල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කරවීමට කටයුතු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේය.
පිලීපැනිමට ලක් වූ දුම්රිය යලි පීලිගත කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයෙන් අදාළ සේවක කණ්ඩායම් රැගෙන විශේෂ ආපදා දුම්රියක් අදාළ ස්ථානයට ළඟා වී එම දුම්රිය පිලීගත කිරිමේ කටයුතු පස්වරුව වන විට ආරම්භ කළ බවද උසස් නිළධාරියා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ එක දවසක්වත් තියෙනවද දුම්රියක් පීලි පැන්නේ නැති...