
(රොමේෂ් මධුෂංඛ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාපනය නාගදීප පුරාන රජමහා විහාරයට ගොස් අද ආගමික වතාවත් වෙනුවෙන් සහභාගී විය.
යාපනයට පැමිණ පළමුව නාගදීප විහාරයට ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර එහිදී නාගදීප පුරාණ රජමහා විහාරාධිපති, උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් විපක්ෂ නායක වරයාට ආශිර්වාද කිරීම සිදු වූ අතර මෙම අවස්තාවට විපක්ෂ නායක වරයාගේ බිරිඳ වූ ජලනී ප්‍රේමදාස මහත්මියද සහභාගී වී ආශිර්වාද ලබාගත්තාය.
පසුව නයනතිව් නාගාපුශානි අම්මාන් කෝවිල වෙත පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි ආගමික වතාවත්වලට එක්වූ අතර දේවාශීර්වාදය ද ලබා ගන්නා ලදි.
තවද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුලු පිරිසක්ද සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා අරයලයි මෙයාලයි තරඟෙට පන්සල්වල රවුන් ගහනවා.
දුප්පතාගේ දුක හඳුනන, මහජන මුදල් සත පහක් හෝරා කා නැති, පාර්ලිමේන්තුවේ අවුරුදු 26ක් පළපුරුද්ද ඇති, ලක්ෂ 26ක් අරගෙන විපක්ෂ නායක වුණු ඔබතුමා සීරුවේ ගමන යන්න... ජය නියතයි. අද වෙනකොට නායකයෙක් නැති රටේම මුළු ජනජීවිතයම ප්‍රශ්නවලින් පිරිච්ච ඉතිහාසයේ නොවුණු තත්වයකට අනාථ වෙලා තියෙන්නේ... මිනිස්සුන්ට මේවා කියන්න කෙනෙකුත් නැහැ. අහන්න කෙනෙකුත් නැහැ. අහෝ රටකට ගිය කලක්..!
80 ගනන්වල ඉඳලාම මල් වට්ටියක් අරන් ඉන්න ෆොටෝ තිබුනේ. හැබැයි එතුමා තමයි අරලියගහ මන් දිරයේ පෝයට සිල් ගැනිමත් එය රුපවාහිනියේ පෙන්වීමත් පටන් ගත්තේ. එය එතුමාගේ අභාවයත් එක්ක නතරවෙලා ආපහු පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ. තරඟයට පන්සල් යෑම නම් පිස්සුවක් නමුත් ඒ සිල් හෝ අනිත් ආගමික වැඩසටහන් හොඳයි මොන ආගමේ වුනත්. මොකද අපිටත් මොනවා හරි යහපත් දෙයක් දැනගන්න පුලුවන් නිසා. ඒ වුනත් මේ සේරම දෙශපාලනය කරන අය ඒ තම තමන් පිලිපදින ආගම්වල හැටියට ජීවත් වෙනවානම් ඔය පන්සල් පල්ලි ගානේ යන එක ඔයිට වඩා හොඳින් අපිත් පිලිගන්නවානෙ.
ප්රභාකරන්ට උතුර දුන්නානම් නාගදීපයක් ඉතිරි වෙන්නේ නැහැ. උතුරු කරය ශ්‍රීලංකා සිතියමේ ඉතිරිකරලා වන්දනා කරන්න නගදීපේ ඉතිරිකලාට ඔය ආකාරයටම නැමිලා මහින්ද රාජපක්ෂටත් නමස්කාර කරන්න.