(සුජිත් හේවාජුලිගේ)
වෙළෙඳපොළේ පවතින අධික සිමෙන්ති හිඟය නිසා ඉදිකිරීම් වැඩ බිම්වලින් සියයට 50ක පමණ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි ඉදිකිරීම් සමාගම් පවසයි.
මේ තත්වය නිසා බොහෝ ඉදිකිරීම් වැඩබිම්වල සේවකයන්ට වැටුප් ගෙවීමට පවා නොහැකිව ඔවුන් නිවෙස්වලට පිටත් කර යවා ඇතැයි එම සමාගම් නිලධාරීහු පිරිසක් ලංකාදීපයට පැවසූහ.
සාමාන්‍යයෙන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1375 ක් වුවත් මේ දිනවල අලෙවි කැරෙන්නේ රුපියල් 1500 , 1600 වැනි අධික මිල ගණන් වලට බවත් හිඟය නිසා ඒ මිල ගණන්වලට පවා සිමෙන්ති මිලදී ගැනීම නොහැකිවී ඇති බවත් කියති.
ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් ඇතුළු ආයතනවලට මේ දිනවල ලැබෙන්නේද ඉල්ලුම් කරන සිමෙන්ති ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණ බව දැනගන්නට ඇත.
ඉදිකිරීම් වැඩබිම් බහුතරයක් ක්‍රියාත්මක වන්නේ කොළඹ නගරය සහ ඒ අවට ප්‍රදේශවලය.සිමෙන්ති හිඟය නිසා මෙම වැඩබිම් බොහොමයක කටයුතු නැවතී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ටනම් කියලා වැඩක් නෑනේ.. හමුදාවටවත් කියලා බලන්න.
මේකටනම් රජය මැදිහත් විය යුතුමයි.
දැන් සැපද?