(මනෝප්‍රිය ගුණසේකර)

ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් සොයන මට විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ද ඩොලර් සෙවීමේ හැකියාවක් නැතැයි ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

යුගදනවි විදුලි බලාගාරය ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කර ඇති ගම්මන්පිල මහතා එම නඩුවට පෙනීසිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් මේ බව පැවැසීය.

මෙම තත්ත්වය උත්සන්න වීමට මත්තෙන් විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ගෙන්වාදීමට ඩොලර් ලබාදෙන ලෙස තමන් ඉල්ලාසිටි අවස්ථාවේ‘‘අපට විදුලිය නිපදවන්න ඕනෑ තරම් ජලය තියෙනවා. අපට ඉන්ධන අවශ්‍යතාවයක් නෑ‘‘ යනුවෙන් ඒ අවස්ථාවේ තමන්ට පැවැසූ බවත් දැන් විදුලි අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ ඩොලර් සොයාගෙන ඉන්ධන ලංකාවට ගෙන්වීමට හැකියාවක් නැතැද ඒ මහතා පැවැසීය.

වර්ෂය පුරාම මුළු ලංකාවටම හිරුඑළිය ඇති බවත් උතුරු නැගෙනහිර පළාත්වල සුළං බලයෙන් විදුලිය නිපදවීමට හැකියාව තියෙනවා. ජලාශ හා අභ්‍යන්තර ඇති තත්ත්වය ප්‍රයෝනයට ගනිමින් විදුලිය උප්පාදනය කිරීමට හැකියාවත් අප සතුයි. මෙවන් සියලු දේ තිබියදීත්  විදුලි බල අර්බුදයකට යාම රටේම අවාසනාවක් යැයි ද ඒ මහතා පැවැසීය.