ඇඳිරි නීතිය ජල සැපයුමටත් ගැටළුවක් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමත් සමග ජල බිල්පත් ගෙවීම සියයට 60 කින් අඩු වීමෙන් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවත් මෙම තත්ත්වය මත ඉදිරියේදී සේවා පවත්වාගෙන යාමේ ගැටලුවක් ද ඇති විය හැකි බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පවසයි. 11 September 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නැව නොවැම්බරයේ ඉවත් කරනවා‘‘ කොළඹ වරායට නුදුරු මුහුදේදී ගිනිගෙන විනාශවූ එක්ස්ප්‍රස් පර්ල් (x-press pearl) නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු ලබන නොවැම්බර් මුල් සතියේදී ආරම්භ කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය. 11 September 2021
සඟවා තිබූ පොහොර ලොරි දෙකක් අල්ලයි වැඩි මිලට අලෙවි කිරීමට ගෙන ආ බවට සැක කරන පොහොර තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලීසය කියයි. 11 September 2021
ලක්ෂ 50ක කහ සහ විදුලි උපකරණ කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ, විදුලි උපකරණ සහ උපාංග තොගයක් කල්පිටිය කුඩාව වෙරළතීරයේ දී අත්අඩංගුවට ගත් බැව,කල්පිටිය විජය නාවුක හමුදාව පවසයි. 11 September 2021
සතොස රටපුරා අලෙවිසල් තවත් සියයක් මේ වසර අවසාන වීමට පෙර සතොස අලෙවිසැල් තවත් සීයක් රටපුරා ආරම්භ කරන බව වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 11 September 2021
තෙල් අර්බුදය විසඳන්න කෝටි 250ක ණයක් ගන්න යයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර ඇත. 11 September 2021
කෝටි හතරක කේරල ගංජා අල්ලයි විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් සිදුකළ වැටලීම් තුනකදී රුපියල් කෝටි හතරකට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 11 September 2021
දකුණු මුහුදෙන් කුඩු කිලෝ 150ක් සමග නවයක් දැලේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී හෙරොයින් මත්කුඩු කිලෝ 150 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ බහු දින යාත්‍රාවක් සමග ඉරාන ජාතිකයින් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. 11 September 2021
පළාත් කීපයකට අදත් වැසි වාර කිපයක් සබරගමුව, බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේදීත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 September 2021
ජනපති රට අරින විදිය ගැන සෞඛ්‍ය ප්‍රධානීන්ගෙන් වාර්තාවක් කැඳවයි රට ලබන 21 වැනිදායින් පසු විවෘත කරන්නේ නම් ඒ සඳහා පැණවිය යුතු සීමා සහ අනෙකුත් කරුණු පිළිබඳ නිර්දේශ සහිත වාර්තාවක්ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 11 September 2021
ඇමෙරිකා බිහිසුණු ප්‍රහාරයට අදට වසර 20යි ඇමරිකා ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී අදට (11) වසර විස්සකි. 11 September 2021
රන්ජන්ට සමාව ඉල්ලා චන්ද්‍රිකා ජනපතිට ලියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු ද වන රංජන් රාමනායක මහතා ට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙි. 11 September 2021
කබ්රාල් අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු ලේකම්ට සදුදා බාරදෙයි මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ,රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අනිද්දා (13) බාරදීමට නියමිතය. 11 September 2021
‘‘පාසල් විවෘත කළ යුතු යැයි මා යෝජනා කළේ නෑ‘‘ තමන් කිසිදු අවස්ථාවක පාසල් නැවත විවෘත කළ යුතු යැයි යෝජනා නොකළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ප්‍රතිශක්ති විද්‍ය සහ අණුක වෛද්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි. 10 September 2021
මව්බිම රනින් සැරසූ දිනේෂ්ට නිවසක් ජපානයේ, ටෝකියෝ නුවර පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනූ දිනේෂ් ප්‍රියන්ත හේරත්ට නිවසක් ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ තීරණය කර තිබේ. 10 September 2021
සා.පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන දින කිහිපයකින් තීරණයක් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභහග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 10 September 2021
කොවිඩ් ආසාදිත මරණ 131ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 131 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 2,028ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,028 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 10 September 2021
පදනම් විරහිත ප්රකාශයන්ට නොරැවටී එන්නත් ලබාගන්න කොවිඩ් මර්දන එන්නත් ශරීරයට අහිතකර බවට ඇතැමුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බවත්, ඒවාට නොරැවටී එන්නත් ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 10 September 2021
“අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවෙලා’’ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍යකරන ඔක්සිජන් ප්‍රමාණය සති කීපයකට උඩදී පැවති තත්වයට වඩා සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 10 September 2021
“සියලු අර්බුදවලින් රට මුදාගන්නවා’’ කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය ඇතුළු රට මුහුණ දී සිටින සියලුම අර්බුදයන්ගෙන් රට මුදා ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය රජය ක්‍රියාත්මක කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (10) පැවසීය. 10 September 2021
’’රට විවෘත කරන විට පාසල් විවෘත කිරීමත් කළ යුතුයි’’ ඉදිරියේදී රට විවෘත කිරීම සිදුකරන විට පාසල්ද විවෘත කිරීමට සැලසුම් කළ යුතු බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය. 10 September 2021
මහ බැංකුවේ අධිපති ධුරයෙන් ඉවත් වීමට යයි ඉකුත් සතියත් දින දහයත් අතර කාලයේ සිදු වූ සිත් රිදවන සිදුවීම් සහ කරුණු නිසා තමන් සැලසුම් කළ දිනට කලියෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (10) ප්‍රකාශ කළේ ය. 10 September 2021
සියයට දහයක් කටුවට බයේ එන්නත මගහරී කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි මෙරට ජනගහනයෙන් සියයට දහයකට ආසන්න පිරිසක් එන්නත් කටුවලට ( සිරින්ජර) ඇති බිය නිසා එන්නත් ලබා ගැනීම මගහරින බව පෙනී ගොස් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 10 September 2021
’හීලෑ අලි ඇතුන් අපි බලාගනනම්’ පෙරහැරේ යන අලි ගැන පන්සල් බලා ගන්නා බැවින් අලි මිනිස් ගැටුම්වලට මැදිව දුක්ඛදායී ලෙස මියයන වන අලි ඇතුන් ගැන බලාගන්නැයි හීලෑ අලි ඇතුන් කිහිප දෙනා පස්සේ දුවන රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා සිටින බව කොළඹ හුණුපිටිය ගංගාරාමාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පැවැසූහ. 10 September 2021
’පාර්ශව තුනක් රකිමින් සහල් මිල නියම කළා ’ ගොවියා, වී මෝල්හිමියා සහ පාරිභෝගිකයා යන පාර්ශව තුනම ආරක්ෂා කරමින් වර්තමාන සහල් මිල නියම කළ බවත් වෙනත් ඕනෑම දේකට වඩා රටේ නීතිය ඉහළට යැයි සියලු දෙනා මතකයේ තබාගත යුතු බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 10 September 2021
’නිවාඩු ගත කරන්නන් අතර “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ’ ලොව නිවාඩු ගත කරන්නන් අතර ප්‍රසිද්ධ “හොඳම දූපත් 25” අතරට ශ්‍රී ලංකාව ද තේරී පත්ව ඇත. 10 September 2021
ස්පුට්නික් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක් ලබන සතියේ මෙරටට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා මදි පාඩුවී ඇති ස්පුට්නික් එන්නත් ප්‍රමාණය සපුරාලීම සඳහා එම එන්නත් මාත්‍රා එක් ලක්ෂ විසිදහසක තොගයක් ලබන සතියේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 10 September 2021
'සහනයක් නොදුන්නොත් සංචරණ සීමා ඉවත් කළත් බස් වැඩ නෑ' පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා රජය කඩිනම් සහනයක් ලබා නොදුනහොත් සංචරණ සීමා ඉවත් කළත් බස්රථ ධාවනයට පියවර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 10 September 2021
‘බොබ්මාලේ’ගේ බිරිය ඇතුළු තිදෙනකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර බේරුවල හෙරොයින් සිද්ධියට අදාළව අඩංගුවට ගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන චමින්දත් තාබෲ නොහොත් ’’බොබ්මාලේ’’ සහ ඔහුගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක ඇතුළු තිදෙනෙකු ලබන 15 වන දා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද(10) අවසර ලබා දුන්නා ය. 10 September 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026