
(සුමිත් ප්‍රේමතිලක)
රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් වැන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොතුපිටියේදී අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරත "පානදුර සලිදු" නැමැත්තාට අයත් කේරළ ගංජා බව පොලිසිය කියයි.
පානදුර සිට කළුතර දෙසට ධාවනය වූ වෑන් රථය පොතුපිටිය මංසන්ධිය අසල ගාලුපාරේ නවතා පරීක්ෂා කිරීමේදී පොලිතින් උරවල අසුරා තිබූ කේරල ගංජා කිලෝ 63 යි ග්‍රෑම් 200 ක් සොයාගෙන සැකකරු අත්අඩංගුවට ගත් පොලිසිය වෑන් රථයද සිය බාරයට ගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 7 කට අධික ජාවාරම් මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇතැයිද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd