(උපුල් හේරත්)

වැඩි මිලට පොහොර අලෙවි කිරීමට ගිය ගොවිකු ගස් බැද ආපසු මුදල් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් අනුරාධපුර පරසන්ගස්වැව පොලිසියෙන් වාර්තා වෙයි.

පරසන්ගස්වැව කහගොල්ලෑව  වන ලැහැබක දී මෙය සිදු වූ බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. 

කහගොල්ලෑව, පරසන්ගස්වැව ලිපිනයේ පදිංචි තරුණ ගොවියකු තලාව මල්වානේගම ගොවි මහතකුට රසායනික පොහොර මිටි තුනක් මිට පෙර රුපියල් 50,000 අලෙවි කර ඇත.

එම පොහොර මිටි ලබා ගත්තේ යැයි කියන ගොවි මහතා නැවතත් පෝර මිටි දෙකක් ඉල්ලා සිටි අවස්ථාවේ  වැඩිපුර මුදලක් පොහොර අලෙවි කළ පුද්ගලයා පොහොර ගත් පුද්ගලයාගෙන් ලබාගෙන ඇතත් මුදලට පොහොර ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ගැටුම සිදුව ඇතැයි ද වාර්තා වෙයි.

මුදල් නොදී මඟ හැරීම නිසා පොහොර ඉල්ලා සිටි පුද්ගලයා තවත් පිරිසක් සමග ගොස් කැලයකට ඇදගෙන ගොස් ගසක බැඳ  ඇති අතර ඒ අතුර තුර  මුදල් ලබාදීමෙන් පසු ඔහු මුදා හැර ඇතැයි වාර්තා වෙයි.