
(අරුණ ඩයස්)
වලපනේ කූඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු ඊයේ (08) සවස අල්ලා ගැනිමට වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත් වු බව වලපනේ පොලිසිය පවසයි.
මෙම උල්මොල්ලිය වෙල්යායේ දැවන්ත පිඹුරෙකු සැරිසරමින් සිටින බවත් එම දැවන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජිවිතවලට අනතුරක්විමට ඉඩ ඇති බව පවසමින් බියට පත් වු ප්රදේශවාසීන් විසින් මෙම දැවන්ත පිඹුරා පිළිබදව වලපනේ මුලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් ඔස්සේ දැනුමි දි වලපනේ පොලිසිය දැනුවත් කර ඇත.
එම අවස්ථාවේ වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටි වලපනේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා මෙම දුරකථන ඇමතුම ඔස්සේ වහාම ක්රියාත්මකවී තවත් පොලිස් නිලධාරියෙකු සමග දැවන්ත පිඹුරා සැරිසරමින් සිටි වෙල්යායට ගොස් කිසිදු බියක් සැකයක් නොමැතිව ප්රදේශවාසීන් ද කිසිදු සහයක් නොමැතිව ප්රදේශවාසීන් ද පුදුමයට පත් කරමින් දැවන්ත පිඹුරා අතින් අල්ලා ගෙන පොහොර මල්ලකට දමා වලපනේ කිර්තිබණ්ඩාරපුර වන ජීවි කාර්යාලයට දැන්වීමෙන් අනතුරුව වන ජිවි නිලධාරිහු පැමිණි පිඹුරා ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිම සදහා රැගෙන ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වගේ පොලිස් නිලධාරීන් රටට වාසනාවක්.. ස්ථානාධිපති තනතුරු සුදුසු බව ක්රියාවෙන් ඔප්පුකරලා තියෙනවා.
මෙන්න නියම පොලිස් නාලධාරියෙක්... !!!
පොලිස් දෙපාර්තමේන්තුවේ සීසැග් හොරා, සාපින් එක්ක කෙස්ස පැහෙනකම් වැඩ කරපු මට මේ පිඹුරත් කජ්ජක්ද?
OIC තනතුරට උසස් කළ යුතුයි.
ඔබ නියම ආදර්ශවත් පොලිස් නිලදරුවෙකි , ඔබට ජය
එතුමාගේ නිර්බීත ක්රියාවට අපේ ගෞරවයත්, ප්රණාමයත් පුදකරනවා.
ඔය සතාව මැදමූලනේ පැත්තට ගිහින් දාන්ඩයි තිබුනේ.
පොලිස්පතිවරයා ඔහුගේ ක්රියාව හඳුනාගත යුතුයි. ආදර්ශමත් පොලිස් පරීක්ෂකවරයෙක්.
මෙය අති විශිෂ්ඨයි සර් ! ඔබතුමාගේ මේ වයස වෙන විට රටට යුතුකම් රැසක් කර ඇති බව පැහැදිලියි. හැබැයි මේ රටේ සමහර පාලකයො වගේම ඊරිසියාව අතින් අග තැන්පත් නිකන් ඉදන් රාජ්ය සේවය කරන එක්තරා කණ්ඩායමක් ඔබතුමාව මුරුංගා අත්තේ තියලා තවත් භයානක වැඩ වැඩියෙන් ගන්න බැරි නැහැ. අපේ රටේ සේවයට ලැදි මිනිස්සු හැමදා වෙලාවට වැඩ කරන අතර ඔවුන් පිට වැඩිපුර වැඩ පටවා වාසියට ජීවත්වෙන කොටස රටටම විනයකි.
මෙන්න අපේ වැඩකාරයෙක් ඔබට ජය.
ඔහු වැඩ බලන මූලස්ඨාන පොලිස් පරීක්ෂකයකු විතරක් නෙමෙයි.මහජනයාගේ ආරක්ෂාව අංක එකට තබා වැඩ කරන,වැඩ පෙන්නන්න සූර වීර පොලිස් නිලධාරියෙක්.අගය කල යුතු ක්රියාවක්
පිඹුරා උනත් පොලිසියේ හැටි දන්නවා .රාජකාරියට බාධා කලොත් සිද්ධ වෙන්න පුළුවන් කරදර වලින් බේරිලා කැලයකට යන්න පුළුවන් උනේ මොලේ කල්පනාවෙන් වැඩක් කරපු නිසා.මේ නිලධාරියට සුභ පැතුම්