
(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ සිටිමින් එහි අභ්‍යන්තරයේ දී විවේචන ඉදිරිපත් නොකර, එළියේ දී ආණ්ඩුව විවේචනය කිරීම කැබිනට් සම්ප්‍රදායට පටහැනියැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (10) ප්‍රකාශ කළේය.
එසේ අභ්‍යන්තර ප්‍රශ්න විවෘතව විවේචනය කිරීමෙන් දුර්විපාක රාශියක් අනිවාර්යයෙන් ඇති වන බැවින් එවැනි හැසිරිමක් කිසිසේත් සුදුසු නැතැයි ද අමාත්‍යවරයා කීය.
ජී එල් පීරිස් මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ අභ්‍යන්තර විවේචන පිළිබඳ කර ඇති ප්‍රකාශය සම්බන්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය එය බව ද ප්‍රකාශ කළේය.
දරුණු අභියෝගවලට මුහුණ දී එයින් ගොඩ ඒමට ශ්‍රී ලංකාව තුළ සහජ ශක්තියක් තිබෙන බව ඉතාමත් පැහැදිලි යැයි ද, එබැවින් අභියෝග තමන්ට ප්‍රශ්නයක් නොවන්නේ යැයි ද කී අමාත්‍යවරයා සාර්ථකව අභියෝගවලට මුහුණදීමට අවශ්‍ය ප්‍රධාන සාධක වන්නේ දැඩි අධිෂ්ඨානය, එකමුතුකම, හා අනෝන්‍යය සහයෝගය යැයි ද කීය.
රජය තුළ විවේචනයක් ඇත්නම්, එය සැලකීමට භාජනය කර නිවැරදි කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම උචිතම ප්‍රතිචාරය බවත්, විවේචනය කරන පුද්ගලයාට විරුද්ධව පියවර ගැනීම යෝග්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇති ප්‍රකාශය කිසිසේත්ම තමන් පිළිගන්නේ නැතැයි ද පොදුජන පෙරමුණු සභාපතිවරයා කීය.
විවෙචන තිබිය යුතු නමුත්, මේ සම්බන්ධව ලෝකයේ පිළිගත් මූලධර්ම ඇතැයි ද පෙන්වා දුන් අමාත්‍යවරයා, ආණ්ඩුව තුළ වගකීම් භාර අරගෙන තිබේ නම් එම තත්වයක් තුළ ආණ්ඩුව තුළ වරදක් ඇත්නම් නිවැරදි කිරීමට අවශ්යවයන්නේ ආණ්ඩුව තුළ සිටිමින් යැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුලෙදි කචල් දාන්න ගියොත් වැඩේ හබක්. යටටම තමයි තල්ලු වෙන්නේ. එළියේදී කොහෙට හරි යන්න පුළුවන්...
මේ මහල්ලො රැළ දන්නවා ඔවුන්ට ජීවත් වෙන්න තියෙන්නේ තව වසර කීපයයි කියලා. ඒ හින්දා තමන්ගේ සුඛ විහරණය සඳහා කරන්න පුළුවන් උපරිම දේවල් කරන මානසිකත්වයක ඔවුන් ඉන්නේ. රටේ බහුතරයකට හෙණ ගැහුනත් කමක් නෑ. තමන්ට සැප හම්බ වෙනවා නම් කමක් නෑ.. කියන තත්වයක ඉන්නේ. විකෘති සහ සිහිමද මානසික තත්වයන්ගෙන් යුත් මහල්ලන් ඉහළ පුටුවල ඉන්න රටවල්, ආයතන බලාගෙන ඉඳිද්දී කඩා වැටෙන්නේ...
එහෙම කරන්නේ දෙපිට කාට්ටු කුහකයින්...
ඇතුලෙදි වැරැදි පෙන්නලා දෙන්න තරම් කොන්දක් තියෙන එක්කෙනෙක් ඔය පොහොට්ටුවේ ඉන්නවද? අනිත් එක, වැරැදි පෙන්වලා දුන්නාම හදාගන්න අය පොහොට්ටුවේ ඉන්නවද? ගෙදර අයට කියන්න ඕනෑ දේවල් රටේ මිනිස්සුන්ට කියන්නේ අපිට අහවල් අමාරුව තියෙනවා කියලා හිතාගෙනද?
තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපි නොදන්නවා නෙවෙයි. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට පැනපු කෙනෙක්නේ... ඔය කියන කැබිනට් සම්ප්‍රදායට අනුව වැඩ සිද්දවෙන බවක් නම් පේන්ඩ නැහැ... ඇතුළේ සිදු වෙන දේවල් සහසුද්දෙන්ම දැනගෙන, ඒවා කියන්න ගියොත් වෙන්නේ මොනවද කියලත් දන්න නිසානේ එළියට ඇවිත් කියන්න ඇත්තේ...?
ඕවා කියන්න ගිහින් අන්තිමට සිද්ද වෙන දේ ගැන කවර කතාද? සුදු වෑන්, ඝාතන අතුරුදහන්, මිනීමෝරු දැන් කියලා වෙනසක් නෑනේ? ඒ කට්ටියමනේ රජ කරන්නේ...
ඔයාලත් ඒමනේ එළියේදී ජනතාවට පච හලලා අැතුළට ගිහින් හිනාවෙනවා..
ඇතුළෙදි කිව්වා නම් දත් නැතිව බත් කන්න වෙන්නේ. ඔක්කොම ඉන්නේ චණ්ඩිනේ..
කිසිම ප්‍රතිපත්තියක් නැති කාලකන්නියෙක්.තමන්ගේ පට්ටම් රැක ගන්න ලොක්කා කියන ඕනෑම දෙයක් කියයි.කිසිම ලැජ්ජාවක් නැතිව.මේවා නම් රටේ උගත් සමාජයටත් නිග්‍රහයක්
මේ මනුස්සයා කී පාරක් එහාට මෙහාට පැන්නද?පක්ෂ කීයක හිටියද.මේ වගේ බඩ ගෝස්තර මහාචාර්ය වරු තමා රට කෑවේ
මේ මහාචාර්ය උතුමාට මොලේ නැහැ. ජනතාව දන්නවා ඇයි ඇතුලෙදි කතාකළාම වෙන්නේ නැත්තේ කියලා... ඇතුලෙදි කට හෙලෙව්වොත් බඩකට පුරා කන්න වෙනවා... ඒකයි..! අපිට කොලේ වහන්න හදනවා... පාර්ලිමේන්තු සම්ප්රදාය ගැන බණ කියලා.
ඔබතුමාගේ ඔය කතාව පුන්නක්කු බොන ඉතුරුවෙලා ඉන්න බයියන් සොච්චමකට කියන්න