(මනෝප්‍රිය ගුණසේකර)
විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට එවන සියලු මුදල් ශ්‍රි ලංකා රුපියල් බවට අනිවාර්ශයෙන් පරිවර්තනය කළ යුතු බවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහාතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා නීතිඥ සංගමය ගොනු කළ පෙත්සම ලබන 20 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.
සෝභිත රාජකාරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගනිමින් විනිසුරු මඩුල්ල එම නියෝග නිකුත් කළේය.
නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සහ උප සභාපති අනුර මැද්දේගොඩ යන මහත්වරුන් ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහ බැංකු අධිකපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මූල්‍ය මණ්ඩලය නම්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd