(යොහාන් භාසුර)
චීනයෙන් පොහොර මෙට්‍රික්ටොන් 80,000 ක් මාර්තු සහ අප්‍රේල් මාස වන විට ආනයනය කරන බවත් එම පොහොර තොගය එළඹෙන කන්නය සඳහා යොදා ගැනීමටත් බලාපොරොත්තු වන බවත් කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.
ප්‍රතික්ෂේප කළ චීන පොහොර නැවෙන් පොහොර නැවත නොගන්නා බව කී සභාපතිවරයා එම චීන සමාගමෙන් ලැබෙන අලුත් පොහොර ද තත්ව පරීක්ෂාවෙන් පසුව පමණක් ලබාගන්නා බව ද සඳහන් කළේය.
චීනෙන් ආනයනය කරන පොහොරවල නයිට්රජන් සංයුතිය වැඩි බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන පොහොර නැව ලංකාව වටේම ගොස් වරායට පැමිණෙන විට 2023 හමාරවේවි..!!!
කරුණාකර මෙය අප රටේ ක්ෂෙත්රයට අදාළ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ පරීක්ෂණයකින් පසු මිස නිදහස් කරන්න එපා. අපේ දේශපාලඥයන් ඉතා නූගත්, මන්ද මානසික සහ කොමිස් කෑදර පිරිසකි. පොහොර නැතිව වේලක් හැර වේලක් කෑමට සමහරුන්ට සිදුවූවත් අහිතකර ක්්ෂුද්ර ජීවින් පැමිණියහොත් ලංකාව සහරා කාන්තාරයක් වේදැයි කිව නොහැක. තම වාසියට වැඩ කරන තණකොළ කන ඡන්ද දායකයනුත් වංචනික රාජ්‍ය යාන්ත්‍රණය නිසාත් මේ රටේ ජාතියේ අවසානය කොයි මොහොතේ කෙසේ වේදැයි අවිනිශ්චිතය.
ප්රමිතියානුකූල අසුචි වෙන්න ඇති.
නැත්නම් හැම මාසෙම මේ කුණු වලට $ මිල්ලියන 6 ගානේ ගෙවාවී, අන්තිමට ගැස්, තෙල්, බෙහෙත් ගෙන්න සල්ලි නෑ
කොත්තු රොටී හදමු.
වහාම අර පරීක්ෂණ ඒකකයේ ඉන්න විශේශන්ග්යන් ඉවත් කර නූගත් හෙන්චයියෝ ටිකක් දාන්න, එහෙම නැත්නම් තර්ජනයවත් කරන්න. නැත්නම් ඕකත් ප්‍රතික්ෂේප උනොත් මිනිස්සුන්ට කන්නත් නැතිවෙනවා ඔය ගූ නැවට ප්‍රමාද ගාස්තු සහ වන්දි ගෙවල. ඕක ගූ නෙවේ වස උනත් කමක් නැ ගෙනල්ල බාගන්න. බැරිද ඔය කොමිස් ඇමතියට රජයෙන් නිකන් සල්ලි දීල කොමිස් ගහන එක නවත්වන්න කියන්න. ඔය පොඩි කොමිස් කුට්ටියකට රටට වෙන පාඩුව ඊට වඩා සිය ගුනයකට වැඩ වැඩියි.
අපි නොගත්ත පොහොර වලට සල්ලිත් ගත්තා. දැන් ආයෙත් පොහොර චීනෙන්ම ගන්නවා. අන්තිමට චීනාම දිනුවා...
ඔන්න තවත් සුපිරි කොමිස් මාටියා පාරක් කීපදෙනෙකුගේ සාක්කු වලට....
එහම අලුත් පොහොර ද තත්ව පරීක්ෂාවෙන් පසුව නුසුදුසු නම්, මේ පාරත් වන්දි ගෙවනවද? චීනුන්ට තත්ව පරීක්ෂාවට පැර අපේ ඇමතිලාට කොමිස් දෙන්න එපා කියල.
පව් ගොවියො-සහ අසරණ පාරිභෝගිකයො-
ආහ් අලුත් යකඩයක් හොයාගෙන වගේ .චීන නවනේ පොහොර ගන්නේ නැත්නම් සල්ලි ගෙව්වේ මොකටද ?ආනයන අපනයන ක්ෂේශ්ත්‍රයේ ඉන්න අයට මේවා ගොන් ආතල් කියලා තේරෙනවා.අනිත් අයට නම් තේරෙනවද දන්නේ නැහැ.චීන පොහොර වල නයිට්‍රිජන් වැඩියි කියන්න මොකද්ද තියන ශක්තිය
සාමාන්‍යයෙන් පොහොර නිශ්පාදනයට ගොවිපොලවල් ආශ්රිත සත්ත්ව අසූචි භාවිතා කරනු ලබයි. නමුත් චීනයේ දිනකට එකතුවන මිනිස් අසූචි වේලා කුඩුකර පොහොර නිශ්පාදනයට යොදවන බවට විදේශ මාධ්‍ය චෝදනා කර ඇත.