
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්බන්ධ ලිපි ගොනු හතරක් තමා සතුව තිබෙන බවත් වේදිකා ගානේ වල්පල් දොඩවමින් නොසිට ඒ ලිපි ගොනු ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි අභියෝග කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවකදී අද (11) පැවසීය.
එදා මේ ප්‍රශ්න අදින්නේ නැතිව සිටීමේ ප්‍රතිවිපාක අදටත් විඳින බව කී කරුණානායක මහතා සුදු රෙදි ඇඳගෙන දේශපාලනය කරන්නට හදන පුද්ගලයන් ගැන සියලු තොරතුරු තමා සතුව තිබෙන බවද කීය.
එජාප තොටළඟ දේශපාලන කාර්යාලයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ කරුණානායක මහතා කීවෙි කතා පළ කරමින් නොසිට වරදක් තිබෙනවා නම් ප්‍රසිද්ධ වේදිකාවේ ඕනෑම මොහොතක විවාදයට එන ලෙසත් එමගින් සැබෑ තත්ත්වය හෙළිදරව් වනු ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර වංචාව ගැන ලිපි ගොනු නැත්ද? ඔබේ වංචාවන් ගැන රටම දන්නවා. තවමත් යහතින් වැජඹෙන්නේ අපේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ඇති දුර්වලතා නිසයි.
ලිපි ගොනු නැතත් ඔය මනුස්සයා ලෝක අණ්ඩපාලයෙක් කියලා මුලු රටම දන්නවා..
දෙකම කුණුකූඩෙට...
උන්දැ සුදු සරම ඇන්දට කමිසය නිල් පාටයි කොහොම වුනත් එජාපයේ උදව්වෙන් බලයට පැමිණි තම පාක්ෂිකයන්ට පමණක් උදව් කලා පමණක් නොවෙයි, එජාප පාක්ෂිකයින්ට සිදුකළ පළිගැනීම්වලටත් සාධාරණයක් කරන්න නුදුන්නාට විරුද්ධව රවී මැතිතුමා කරන කටයුත්ත සාර්ථක වේවා.. රවීට ජයවේවා...!!!
රටට වැඩ කිරීම කෙසේවෙතත් මෛත්‍රී තමන්ගේ සුඛවිහරනයට අවශ්‍ය දේවල් බලයේ සිටින අවධියේම කරගත්තා. නැවත බලයට එන්න දගලන්නේ ලැබුන දේවල් මදි නිසාද? කිසිම ප්‍රතිපත්තියක් නැති තමන්ගේම වාසියට වැඩකරන කෙනෙක් බවනම් කවුරුත් දන්නවා.
මේක ලංකාව නිසා හොඳයි .නැත්නම් දෙන්නම ඉන්න ඕනේ හිරේ
හිටපු ජනපතිතුමා තම අභියෝගය පිළිගත යුතුයි!
දැන් ආය පටන් අරන් පොර ටෝක්.
ඇයි මේ ලිපි ගොනුසේරම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාරදෙන්න බැරි? එහෙම මෛත්‍රී කට වහගත්තා නම්, මේවා රටට හෙළි කරන්නේ නැද්ද? කොහොම හරි මේක හොඳ අවස්ථාවක්, දෙදෙනාගේ කුණු ගොඩ සේරම හෙලිවෙන්න. හැබැයි ඔයාලාට නම් රටේ නීතිය ක්‍රයාත්මක වෙන්නෙත් නැහැ. දඬුවම් ලැබෙන්නෙත් නැහැ. නමුත් කවදා හෝ ස්වභාවික දඬුවමින් නම් බේරන්න බැහැ.
එකවල්ලේ පොල්.
2x2 පොලුවලින් ගහලා එළවන්න ඕනේ ඔක්කොමන්ලාව...