මිලානෝ විරෝධය අතරමග නතර වෙයි
පාස්කු ප්රහාරය සම්බන්ධ විමර්ශනය ජනතාවට වසන් කර, වින්දිතයන්ට යුක්තිය ඉටු නොකර ශ්රී ලංකාවේ බෞද්ධ,හිංදු, ඉස්ලාම්, ක්රිස්තියානි,සහෝදරත්වය සහජීවනය ආරක්ෂා නොකරන බවට චෝදනා කරමින් මිලානෝ චෙන්ත්රාලේ දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණය අතර තුර එම ස්ථානයට ආ තවත් පිරිසක් පාස්කු ප්රහාරයට ‘‘රාජපක්ෂලා වගකිව යුතු බවට‘‘ චෝදනා කරමින් කෑ ගැසීමට නිසා උද්ඝෝෂණය අතරමඟ නතර කිරීමට සංවිධායකයන්ට සිදු වීය