(සුජිත් හේවාජුලිගේ)
ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවැසේ.
මේ අතර රක්ෂණය කෙරුණු දේපළ සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වේ.
පසුගිය දිනවල ඇතිවූ කලහකාරී සිද්ධීන්වලින් පසු මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් විය.
එම සිද්ධීන්වලදී වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක්ද විනාශවී ඇතැයි පොලිසිය පවසයි.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත හමුවට පැමිණි නියෝජිතයන් රැගෙන ආ බස්රථවලින් 40ක් පමණ ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබ තිබිණ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවෙසකට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 200 කට ආසන්න බව පැවසේ.
යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන දෙනියාය ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයකට ගිනි තැබීමෙන්ද එවැනිම පාඩුවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං බැසිල්ට, යෝෂිතට එහෙම එව්වා හදන්න ඔය කියන තරම් සල්ලි කන්දරාවක් තිබිලා තියෙන්නේ කොහොමද?
මේවට වන්දි ගෙවීමට පෙර මෙම දේපළවල නියම අයිතිකරුවන් කවුද? ඔවුන් මෙම දේපළ ගොඩනගන්න මුදල් උපයාගත්තේ කොහොමද? ඔවුන් එම වත්කම්වලට පසුගිය අවුරුදු 10තුළ ආදායම් බදු ගෙවලා තිබෙනවාදැයි යන්න සොයාබැලිය යුතුවේ. මල්වානේ ගෙදරට අයිතිකරුවෙක් නැති නිසා වන්දි ගෙවන්නේ කාටද?
රක්ෂණයෙන් ගෙවන්න නම් ඒ දේපළ මිලදී ගැනීමට වත්කම් උපයපු විදිහ හෙළිකරන්න කියන්න.
ඕක ඇත්ත නම් ඕකුන් ටික ඔය කෝටි 2000 හොයාගත්තු හැටිත් කියපල්ලකෝ...!
මේතරම් විශාල මුදලක් මොවුන්ට ලැබුණේ කොහොමද, හොයන්නේ නැද්ද?
අපි බැංකුවෙන් ලෝන් එකක් ගන්න ගියාම දාහක් අහනවා. ඊට අමතරව අපේ පඩියට එන සල්ලිවලින් මොකක් හරි ඉතුරුවක් කරන්න ගියාම සල්ලි කොහෙන්ද? අරකද? මේකද? කී දාහක් අහනවද? අන්න ඒ වගේම ඔය දේපල කොහොමද උපයාගත්තේ...? එච්චර මුදල් කොහෙන්ද කියලා සොයා බලලා පමණක් රක්ෂණ ගෙවීම කරන්න..
රක්ෂණ මුදල් දෙන්නේ අයිතිකරුට. මෙන්න හොඳ අවස්ථාවක්... විගණනය කරලා ඒ මුදල රාජසන්තක කරන්න.
ඇත්ත... රක්ෂණයෙන් සල්ලි අරගෙන තිබුණාට වැඩිය හොඳින් බංගලා හදාවි. ගෙවල්වලට, බස්වලට ගිනි තියපු ගොන්නු ඒක දැනගෙන හිටියෙ නැත්ද? මීට කලින් ඇතිවූ ජාතිවාදී කලබල වලින් පස්සේ ගොඩනැගිලි හදපු හැටි මතක ඇති නේද?
දූෂිත දේශපාලුවන් කරලා තියෙන හොරකම්, වංචාවල හැටියට තමුන්ගේම මුදලින් ඕවා හදාගන්න බැරිකමක් නැහැ.
රක්ෂණය කරන්න ගියාම දේපළ තක්සේරු කරනවා. එම නිසා ආයත ක්‍රමවලින් මුදල් උපයපු දේශපාලකයෝ ඕවා රක්ෂණය කර නැහැ. දැන් මේ හදන්නේ රජයෙන් මේවට වන්දි ගන්න. අපි අවධානයෙන් ඉන්න ඕනේ...
සතයක්වත් ගෙවීම් කරන්න එපා. මෙයාලා හම්බකළ විදිහ හොයන්න...
මැති ඇමතිවරුන් ගේ නිවාස දිහා බැලුවාම පේනවා කොහොම සූඛෝපභෝගි විදියට ජීවත් වෙන්න ඇත්ද කියලා. මහා පරිමාණයේ හොරකම්, වංචා, දූෂණ වලින් ගසාකෑවා. ජනතාවගේ ලේ, දහඩිය මහන්සිය උරාබීපු ලේ මාපිල්ලු. ජනතාව මහපාරට වැටෙන තැනටම වැඩ කෙරුවා.
පව්, නොකා නොබී හම්බකරලා හදලා තියෙන්නේ...!