(අංජුල මහික වීරරත්න)
ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්‍රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන බලවේගය ට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි.
ගත වන දිනක් පාසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දෙමින් සිටින බැවින් ඉහත ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනම් සහ ධනාත්මක ධනාත්මක ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බව ද අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායක වෙත යැවූ ලිපියේ සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් බයයි සජබේ දියවෙලා යයි කියලා. රට වගේද නායකකම..?
අපිට නං හැඟෙන්නේ ඔය කරන්නේ තවත් ඩීල් එකක් කියලයි...
මේ ආණ්ඩුවට එකතු වුණොත් රාජපක්ෂ හොරු අල්ලන්න බෑ. රනිල්-ගෝඨා ඩීල්වලට යන්න හොඳ නෑ...
එකතු වුණොත් යහපතක් වේවි..!
විපක්ෂ නායකවරයා විසින් මෙම ඇරයුමට යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි පුරවැසියන් බලා සිටිති. මේ මොහොතේ රට ගැන සිතා එක්ව කටයුතු කිරීම විය යුත්තකි...
ඩීල් කපටිකම්...
නියෝජ්‍ය අගමැතිවරයෙක් වහාම පත් කරන්න. දේශපාලකයෙක් හරි, පිට කෙනෙක් හරි .
රනිල් ඔච්චර වැඩකාරයෙක් නම් පාර්ලිමේන්තුවේ බහුතරය සහ ජනාධිපතිගේ සහයෝගය තිබෙනවා නම් කරලා පෙන්වන්න. බොරු ඩීල් අවශ්‍ය නැහැ. විපක්ෂ නායකයා විපක්ෂයේ කාර්ය භාරය කරන්න.
රටේ දැනට පවතින ආර්ථික අර්බුදයට පක්ෂ, පාට බේද නොතකා ජනතාවගේ ඡන්දෙන් බලයට පත්වූ සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ කෙරුවේ දූෂිත දේශපාලකයින්. මැතිවරණයකදී මේ ජරාජීර්ණ සිස්ටම් එක වෙනස් කිරීමට ජනතාව තීරණය කරාවි...
ඔයත් එක්ක එක්වෙනවා කියන්නේ, ජනතාව අනුමත නොකරන වැඩක්...
2005 ඉඳලා වුණේ රනිල් හොඳ නෑ කියලා මහින්දව ගෙනාවා. මහින්ද හොඳ නෑ කියලා රනිල් ගෙනාවා. අපි තවත් රැවටෙනවද? මෙයාලා නැතිව වෙන කෙනෙක් නැද්ද මේ රටේ..? සජිත් මේ අයගේ උගුල්වලට අහුවෙන්නේ නැතිවෙයි කියලා හිතනවා.
අභියෝගයට බයේ පැනලා ගිය සජිත් දැන් කියනවා රාජපක්ෂලා ඉන්න ආණ්ඩුවක තනතුරු ගන්නේ නෑ.. අරගලකරුවන්ගේ මතයට හිස නවනවා කියලා. රනිල් වික්‍රමසිංහ අගමැතිකම බාර ගත්තා කියලා දැන ගත්තු ගමන් කොන්දේසි ලිහිල් කරලා බාර ගන්නම් කියලා ලියුම් යැව්වේ ඇයි? එහෙනම් හදිස්සියේ.. පටු බල තණ්හාවෙන් දේශපාලන ඩීල් දාන්නේ රනිල් නෙවෙයි .., සජිත්..
දැන් ඔබතුමාට තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් තිබෙන නිසා ඇරයුම් පසෙකලා වැඩ පෙන්නන්න...
ගාලු මුවදොර නිර්පාක්ෂික උද්ඝෝෂකයන්ට පොහොට්ටුවෝ පොලුවලින් පහර දුන් විට මුළු රටම නැගී සිට පොහොට්ටුවන්ට බරඅවි ප්‍රහාරයක් එල්ලකළා. පොහොට්ටුවෝ අදටත් ඉන්නේ හැංගිලා... ඒකෙන් පේනවා ඔවුන්ට රටේ බහුතරයක ජනමතයක් තිබෙන බව.. ඔවුන් උද්ඝෝෂණය කරන්නේ, ගෝඨාභයට සහ මහින්දට ගෙදර යන්න කියලා මිසක් රනිල්ව හෝ සජිත්ව අගමැති කරන්න කියලා නොවේ...
රටට වෙන විපතේ පෙර නිමිති ලිපියේ ශීර්ෂ පාඨයෙන්ම දැනේ. රටේ මර්මස්ථාන විජාතිකයන් අතට තෙල් වෙනුවට. රට අගාධයට දැමුවෝ අන්තිමට මුකුත් නොදන්නා බබාලා වේවි අන්තිමට.