(සුජිත් හේවාජුලිගේ )

පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයා කළ යුත්තේ සැබෑ ලෙසම  රට ගොඩනැගිය හැකි ජනතාව පතන වෙනසකට අවස්ථාව සලසාදීම  බවද  හෙතෙම සඳහන් කළේය.

තමාට මුදල් ඇමැති වෙන්නැයි ඉල්ලීම් පැමිණියද එයට  අවනත නොවූ බව පැවසූ මන්ත්‍රීවරයා ජනරැල්ල කිසිසේත්ම  පාවා දිය නොහැකි බවද සඳහන් කළේය.

ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ යැයිද ඔහු කීවේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.