(ටෝනි කරුණානායක)
අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනිතබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියම කළාය .
ඉකුත් 09 වෙනිදා රාත්‍රීයේ දී අයුතු ජන රාශියක සාමාජිකයින් වී නිවෙස් ගිනි තබා දේපොලවලට හානි කිරීමේ චෝදනා මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු උඩුගම්පල , කෙහෙල්බද්දර , වීදියවත්ත,මදුරුවිට යන ප්‍රදේශවල පදිංචිකරුවන් පස්දෙනකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නීතිඥ සංසන්දය ඉදිරිපත් වේවිද බේරා ගන්න? බලමු.