(අජන්ත කුමාර අගලකඩ)
කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ.
මන්ත්‍රීවරුන් ගණනාවක්ම එම රැස්වීමට පැමිණ සිටියේ වෙනදාට වඩා සරල,සාමාන්‍ය වාහන කිහිපයකින් බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ වේදනාබර, කටුක පාඩම් ජීවිතයේ යතාර්ථය කියාදෙයි...
අරගලයට ජයවේවා..!!
සුපිරි රථ වුණත් අරන් තියෙන්නේ ජනතාව ගසාකාලා... සමහරුන්ට සුපිරි වාහන හතර පහ තියෙනවා. දේශපාලුවන්ගේ කෙරුවාවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
ඕවා නිකං මාධ්‍ය සංදර්ශන විතරයි.
අපිට නැතිවුණාට කමක් නැහැ. ඔබලා කන්න බොන්න.. මෙපමණ කලක් රටම කෑවා.
ටික දවසක් යනකන් ඔය අපිව ගොනාට ඇන්දවීම් තියෙයි. මාසයක් හමාරක් යනකොට වැඩේ පෙනෙයි.
ගෙවල් වලට ගහපු එකට අකමැති වුණත් එක දෙයක් වුණා. චමල් හංගගෙන හිටපු යූරියා මිටි 400, ජොන්ස්ටන්, ලොකුගේලා හංගගෙන හිටපු ගෑස් ටැංකි.. මේ වගේ කිඹුල් කඳුළු හෙලන අය 225 ක් ඉන්න රටක් මේක. කොල්ලන්ට තරහා යන එක සාධාරණයි.
දවසකට හරි මොවුන්ගේ උද්දච්ඡකමට පාඩමක් උගන්නපු අරගලකරුවන්ට ප්‍රණාමය..!
කොහොම උනත් මෙය හොඳ ආදර්ශයක්. ඉන්ධන ලීටරයකට කිලෝ මීටර් 4 ක් 5 ක් පමණ ධාවනය වන මෝටර්රථවල ගමන් ගැනීමට තරම් ලංකාව දියුනු මට්ටමක නොවන බව සැවොම තේරුම් ගත යුතුය. මෙරට මැති ඇමතිවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන්ටද තීරු බදු රහිත රථවාහන ගෙන්වීමේදී රටෙහි ආර්ථිකයට ගැලපෙන පරිදි අඩු එන්ජින් ධාරිතාවකින් යුත් වාහන ගෙවීමට පියවර ගත යුතුය.
අදුර ගත්තොත් කන්න වෙයි කියල වෙන්න ඇති
ඔය මැති ඇමතිවරු පත්වෙලා තියෙන්නේ ඔබලාගේ ඡන්දෙන්මයි.
ඕකත් සුදුසු වැඩී ත්‍රීවීලර් එකෙක් තමයි හොඳ.
ඔය පාර්ලිමෙන්තු මන්ත්‍රීලා ජනතා සේවකයො... මේ අයට අනවශ්‍ය විදියට ගරු නම්බු දෙන්න අවශ්‍ය නැහැ... නම කියල කතා කරන්න. ලොකේ ප්‍රභල රටවල ජනාධිපතිවරුන්ට පවා මිස්ට විතරයි තමාගේ උගත් කමට වඩා පහලින් ඔවුන් සිටින්නේ නම් නම පමනක් භාවිතා කරන්න.
මීට දශක 3කට විතර කලින් නගර සබිකයින්, ප්‍රාදේශීය සබිකයින් පාවිච්චි කලේ C90 මෝටර් සයිකලේ.