
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එම පරිපාලකවරුන් මෙන්ම එම අපරාධ සඳහා සම්බන්ධ වූවන් ද අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එකී පුද්ගලයන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා කිරීමේ හැකියාව තිබෙන බවත් වසර පහකට නොවැඩි සිර දඩුවමකට යටත් කිරීමට හැකියාව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගිනිතියන්න පළමු ගිනිකූර ගැහුවේ මහින්ද, මුලු රටම බලා ඉන්දැද්දී. එයාව ගන්න අත්අඩංගුවට ඉස්සෙල්ලම ඔය සිල්ලර වැඩ නොකර..!.
අර සාමකාමී නිර්පාක්ෂික අරගලයට පහර දුන්නු අයගේ වීඩියෝ හැමතැනම තියෙනවා. ඒවායේ පහර දෙන පහරකන සියලුම දෙනා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. ඒ වුණාට අර පොලිසියේ ලොක්කාට පහරදීපු අය එක දවසෙන් හඳුනා ගත්තා වගේ මෙතැන කිසිකෙනෙක් තවම හඳුනා ගෙන නැහැනේ. බලන්නකෝ එකෙත් හැටි...!
එදා අරලිය ගහ මන්දිරයේ ඉඳන් ආව මැරයෝ තාම ඔබතුමන්ලාට අඳුරගන්න බැරි වුණාද? ඕනෑ නම් පොලිස්පතිතුමාගෙන් අහන්න කට්ටිය ඉන්නවා.. රාජ්‍ය ආරක්ෂාව සහිතව තරු 5 හෝටල්වලයි, හමුදා කෑම්ප් වලයි.
ඔවුන් අත්අඩංගුවට අරගෙනයි දාන්න ඕනෑ.
පාස්කු ප්‍රහාරය ගැන නම්ගම් සහිතව සියලු තොරතුරු තිබියදීත් ඒකට සම්බන්ධ කිසිම කෙනෙක්ව අද වෙනතුරුත් අත්අඩංගුවට ගන්න බැරි වුණා නේද..? තමන්ගේ රටට ද්‍රෝහිවෙලා තියෙන්නේ ඔයාලා තමයි.
පුළුවන්නම් හිරේ දාන්නකෝ බලන්න.
වැරදි කළා නම් අරලියගහ මන්දිරයේද නැත්ද කියලා අදාල නැහැ. ගෝල් ෆේස් ගිහිල්ලා ගහපු අයගේ ගෙදරටම ගිහිල්ලා ගහන්න නීතිය කොහෙද තියෙන්නේ...? එයාලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක විතරයි තිබුණේ... දැන් ඊටත් එහා ගිහිල්ලා ගෙවල්වලට ගහපු අයත් ඒකට අනුබලයක් දුන් අයත් නීතිය හමුවට ගෙන ආ යුතුයි. බස්වලට ගහපු එකෙන් රාජපක්ෂලාටද පාඩුව..?
ඒ වුණාට රටක් බංකොළොත් කරපු 225 අඳුනාගන්න තවම බැරිවුණා නේද?
රටම ගිනි අවුලුවන්න කටයුතු කරපු උදවිය තවම හොයාගන්න බැරිවෙලා...!
ප්‍රථමයෙන්ම රටට ගිනි තැබුවේ, මහින්ද රාජපක්ෂ ඇතුළු පොහොට්ටු මැරයින් කණ්ඩායම... පළමුව ඒ රැස්වීමට පැමිණි සැමදෙනාගෙන් ප්‍රශ්න කරන්න. පොලීසියට හිතාගන්න බැරි වුණාට, ඒ අයව ගෙන්නුවේ සාමකාමී අරගල ස්ථාන දෙකට පහරදීමට මිස වෙනත් දෙයක් වෙනුවෙන් නොවේ. මේ රටේ පොලීසිය උස් තැන් දැක හැකිලෙනවා. මිටි තැන් දැක පුප්පනවා. ලැජ්ජාවක් ඇත්තේම නැහැ. ඉස්සෙල්ලාම මේ යුද්ධය ඇතිකළ කෙනාට දඬුවම් කරන්න. ඒත්, ඔහු දැඩි රැකවල් මැද සුවසේ නිදැල්ලේ වාසය කරනවා. යමක හේතුව නැතිකළ විට එහි ප්‍රතිඵලය නිකම්ම නැතිව යනවා...
මයිනන්ට දඬුවම් කරන්න පළමුව...
අරලියගහ මන්දිරයේ හිටපු හනුමන්තාව තවම හොයාගන්න බැරි වෙන්න ඇති...
දැන් මෙතන වැරදි නැත්තේ... ආණ්ඩුවේද? පව් ආණ්ඩුවට මොකුත් කියන්න එපා.. එයාලාට ඌවා වෙයි. කෝටි 2.25ක් මැරයින් ඇයි මෙහෙම කරන්නේ? හෙන ගහයි මේ පොඩි අයට කරන අපරාදෙට. පොලිස් බබාලත් පව්.. එයාලා මොනවා කරන්නද...? රට ගැන මෙච්චර කැක්කුමක් තියෙන මිනිස්සුන්ට එහෙම සමාජ මාධ්‍යවලින් මඩ ගහන්න එපා.
හඳුනා ගත්තාට වැඩක් නැහැ අදාළ පුද්ගලයින්ට ත්‍රස්තවාදී පනත යටතේ චෝදනා ඉදිරිපත් කොරන්න.