(අජන්ත කුමාර අගලකඩ)
රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිසියට දැඩි විවේචනයක් එල්ල කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (14) රැස් වූ අවස්ථාවේදී ඔවුන් මෙම විවේචනය එල්ල කර ඇත .
එම රැස්වීමට පොලිස්පතිවරයාද කැඳවා ඇති අතර පොලිස්පතිවරයා ඉදිරියේද මන්ත්‍රීවරුන් මෙම විවේචනය එල්ල කිරීමද විශේෂත්වයකි.
ගෙවල් ගිනිතැබීම් හා වාහන වලට හානි කිරීම් සිදුවෙද්දී එය පාලනය කිරීමට පොලිසිය ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් නොගත් බවද ඔවුන් පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනාගෝගම, ගාලු මුවදොර පහරදීම සිදුවන විටත් පොලිසිය ඒවා වළක්වන්නට පියවර නොගැනීම සම්බන්ධව මහජන නියෝජිතයින් හැටියට මොනවද කියලා තියෙන්නේ? ප්‍රචණ්ඩ ක්‍රියා තමන්ට එරෙහිව සිදුවනවිට පමණක්ද මේ මහජන නියෝජිතයින්ට ඇස් ඇරෙන්නේ?...
ඇත්ත පොලීසිය තමයි වතුර ප්‍රහාර, කඳුලු ගෑස් ප්‍රහාර වෙලාවට නොගහ ගෝල්ෆේස් එකට මැරයින්ට එන්න ඉඩ හැරලා මේ මැති ඇමැතින්ගේ ගෙවල් ගිනිතැබුවේ...!
ඔය කථාව අර නගුට පස්ස පැත්තේ ගහගෙන ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ හැංගිලා ඉන්න කෙනාට කිව්වා නම් ඔයිට වැඩිය හොඳයි...!
ඔය දොස් කියන කට්ටියගෙන් කීදෙනෙක් නිරායුධ සහ අපක්ෂපාතී අයට පහර දීමට සහභාගී වුණාද කියලා නම්ගම් ඇතිව කියන්නකෝ. ඊට පස්සේ අපි හරියට නීත්‍යානුකූල අධිකරණමය ක්‍රියාමාර්ගයකට යමුකෝ.. කොයි කොයි කිල්ලෝටවලත් හුණු තියෙනවලු..
තමුන්ලා ඉල්ලන් කෑවාට පොලිසියට විතරක් දොස් කියලා වැඩක් නැහැ. ගින්නක් නැතුව දුමක් ඇවිලෙන්නේ නැහැනේ. ඒ ගැනත් හොයලා බැලුවොත් නරකද..?
අපේ සල්ලි නුඹලා හොරකම් කරලා හදපු ගෙවල්... ඉතින් ඔයාලාට අමාරුද?
ගාලු මුවදොර අහිංසක මිනිස්සුන්ට පහර දුන්නු එකට නෙවෙයි, ඇමැතිලගේ ගෙවල් ගිනිතියපු එකට නම් පොලිස්පති ගෙදර යවයි. මේ වගේ විකාර බලබලා ඉන්න නිලධාරීන් නිසා තමයි රට නැතිවෙන්නේ.
මේ ඔක්කොටම මුල ත්‍රිකුණා මලේ බංකරේ හැංගිලා ඉන්න මයිනා...
ඔහොම වෙලා මදි...
මුන් රනිල් එක්ක ඩීල් දානකොට අපි දැනගත යුතුය ක්‍රියාවට ඇක්ෂන් නැතිවට ප්‍රතික්‍රියාව ට ඇක්ෂන් ගන්න බව . ඉක්මනින් කමිටුවක් හදා වර්තමාන වටිනාකමට වන්දි නොදුන්නොත් තමයි පුදුම .
ඇත්තටම කොන්දක් තියන පොලිස්පතිල , හමුඳපතිල ඉන්නවනම් මෙ වෙද්දි...