කොරෝනා ආසාදිතයන් තවත් 560ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 560 දෙනකු අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 10 October 2021
සුදු වෑන් එකක් ගැන තුෂාන්ගෙන් පොලිසිය පැමිණිල්ලක් නාඳුනන පිරිසක් සුදු වෑන් රථයකින් පැමිණ තම නිවස අසල සැකකටයුතු හැසිරීම ජීවිතයට තර්ජනයක් නිසා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කළ බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය. 10 October 2021
සාදයක සීමාව ඉහළ දමන්නැයි ඉල්ලයි රටේ පැන නැගී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තයේ නිරත ලක්ෂ 15 ක් පමණ වන පිරිස ගැන සිතා අවම වශයෙන් 150 ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීමට අවස්ථාව සලසා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා උත්සවශාලා හා ආහාර සැලසුම්කරුවන්ගේ සංගමයෙහි සභාපති අතුල කළුආරච්චි මහතා ඉල්ලා සිටියේය. 10 October 2021
20 අසාර්ථක බව ජනපති පිළිගත් නිසා 19 බලාත්මක කළ යුතුයි තමාට දේශපාලන පළපුරුද්ද සීමා සහිත බැවින් අගමැති සහ කැබිනට් මණ්ඩලය එකතුවී සාමූහිකව කටයුතු කරමු යැයි ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් විසිවන සංශෝධනය අසාර්ථක බව ජනපති පිළිගෙන ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10) පැවසීය. 10 October 2021
විමුක්ති පුතු තාත්තාගේ උපන්දිනය දා තැබූ සටහන දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති නමුත් තම පෞද්ගලික හැකියාවෙන් වැදගත් වෙතැයි සිතන සමාජ සේවා කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහ විජය කුමාරතුංග මහතාගේ පුත්, වෛද්‍ය විමුක්ති කුමාරතුංග මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත. 10 October 2021
හමුදාවෙන් පැන්න හිටපු සෙබළා ගිනි අවියක් සමග මාට්ටු විදේශීය රටක නිශ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිණි අවියක්, පතුරම් ගැබක් සහ ගිණි අවියට යොදන උන්ඩයක් සන්තකයේ තබා ගෙන සිටි බව කියන යුධ හමුදා විශේෂ බලකායෙන් පලාගිය සෙබළකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (10) ගම්පහ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගනු ලැබීය. 10 October 2021
බන්ධනාගාර නියාමකලාට පහරදුන් දෙදෙනාට බන්ධනාගාරයේදී ප්‍රහාරයක් අඟුණකොළපෑලස්ස බන්ධනාගාරයේ නියාමකයන් දෙදෙනකුට පහර දුන් බවට චෝදනා ලැබූ ප්‍රදේශීය සභා මන්ත්‍රී අමිල කුමාරසිංහට හා දුලන්ත රාජපක්ෂට අඟුණකොළපෑලැස්ස බන්ධානාගාරය තුළදී ඉතා අමාණුෂික ලෙස පහර දී ඇතැයි ඔවුන් ගේ ඥාතීහු පවසති. 10 October 2021
කොරෝනාවෙන් අදත් මරණ 35ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 35 දෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය. 10 October 2021
පොලිස් උසස්වීම් ගැන පොලිසියේ අප්‍රසාදය සහකාර පොලිස් අධිකාරි උසස්වීම් පිරිනැමූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් පිරිසක් දැඩි කළකිරීමකට පත්ව සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 10 October 2021
වරාය නගරය දෙසැම්බරයේදී ජනතාවට විවෘත වෙයි කොළඹ වරාය නගරය ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 10 October 2021
‘කතිරයා’ගේ වැගන් ආර් රිය නීතිවිරෝධී දේපළ කොට්ඨාසය බාරයට බිංගිරිය පොලිස් වසමේ පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත්තේ යැයි සැකකරන රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමින් යුත් වැගන් ආර් වර්ගයේ කාර් රථයක් නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන පොලිස් කොට්ඨාසය බාරයට ගෙන තිබේ. 10 October 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළට ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා අද (10) වාරියපොළ දී පැවසීය. 10 October 2021
වගකීමක් නැත්තම් කොරෝනා අලුත් රැල්ලක් ලෝකයේ පුරා කොරෝනා අලුත් රැල්ලක් මතු වෙමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 10 October 2021
පොහොරට අඬාවැටෙන මහවැලි ගොවියෝ මහවැලි සී කලාපයට අයත් දිඹුලාගල නුවරගල ගොවි සභාපතිවරුන් සහ ගොවි නියෝජිතයෝ මෙන්ම ගොවියෝ, මෙවර මහ කන්නයට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර සහන සහනාධාරය කඩිනමින් ලබා දෙන්නැයි රජයට බලකරමින් අද පෙරවරුවේ මැදගම්පිටිය වෙල්යායේ දී උද්ඝෝෂණයක් සිදු කළහ. 10 October 2021
‘නායකයා අවංක වුණත් ගෝලයෝ කපටිනම් ගමනක් යන්න බෑ‘ රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 October 2021
අතුරුදන් පාසල් සිසුවියගේ සිරුර පාළු නිවසකින් හමු වෙයි මීට දින තුනකට පෙර අතුරුදන් වූ බව කියන 14 හැවිරිදි පාසල් සිසුවියගේ මළ සිරුර දඹුල්ල කලෝගහඇළ ප්‍රදේශයේ පාළු නිවෙසක තිබී හමු වූ බව පොලිසි කියයි. 10 October 2021
‘‘රජය සහ මා කෙරෙහි අප්‍රසාදයක් ඇති බව පිළිගන්නවා‘‘ බලාපොරොත්තුවූ ආකාරයට වැඩකටයුතු නොවීම නිසා තමා සහ රජය කෙරෙහි ජනතාව අතරේ අප්‍රසාදයක් තිබෙන්නේ යැයි තමා පිළිගන්නා බවත් සියලු දේ පසුබෑමට ලක්වුණේ කොවිඩ් සමග වසර දෙකක් සටන් කිරීමට තමාට සිදුවූ නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 10 October 2021
පොලොන්නරුවේ සහල් හීතු හිතූ මිලට පොළොන්නරුවේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සාධාරණ මිලකට සහල් ලබාදෙන බවට ප්‍රකාශ කළ ද මේ වන විට සිල්ලර වෙළඳුන් හිතු හිතූ ලෙස මිල ගණන්වලට සහල් අලෙවි කරන බව පොලොන්නරුවේ සහල් පාරිභෝගිකයෝ පවසති. 10 October 2021
නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු ගල් වෙයි නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ මහතා එහිදී අතුරුදහන් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 10 October 2021
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉල්ලා මිලානෝහි උද්ඝෝෂණයක් 2019 අප්‍රේල් 21 වැනි දා එල්ල වූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට යුක්තිය ඉල්ලා පවත්වන උද්ඝෝසණයක් අද සවස 3.00ට ඉතාලියේ මිලානුවර මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපට ද අද සවස 3.00 පැවැත්වේ. 10 October 2021
ආනයනික පළමු සහල් තොගය හෙට ළඟා වෙයි සහල් හිඟයට පිළියමක් ලෙස රජය ආනයන කරන පළමු සහල් තොගය හෙට (11) ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 10 October 2021
වේල්ස් එඩ්වඩ් රජ කුමරුගේ ගල් බංකුව මත පිළිස්සුණු මළසිරුරක් හංවැල්ල සිතාවක රාජධානියේ බලකොටුවක්ව පැවති වර්තමානයේ රජයේ තානායමේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් බංකුවක් මත හැත්තෑ හැවිරිදි පුද්ගලයකු ගිනි ඇවිලි මියගොස් සිටියදී සොයාගත් බව හංවැල්ල පොලිසිය පවසයි. 10 October 2021
බලපත්‍ර නැතිව පුපුරණ ද්‍රව්‍ය තබාගත් කළුගල් ව්‍යාපාරිකයා මාට්ටු මීරිගම අක්කර 20 ප්‍රදේශයේ දී බලපත්‍ර නැතිව වෙඩි බෙහෙත් ඇතුලු පුපුරණ දුව්‍ය තොගයක් ලග තබාගත් ව්‍යාපාරිකයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන මීරිගම පොලිසියට බාර දෙනු ලැබීය. 10 October 2021
බොරු කීවැයි මව දියණියගෙ කට පුච්චයි සිය පස් හැවිරිදි දියණියගේ කට දෙපස ගිණි පෙල්ලකින් බරපතල ලෙස පිලිස්සූ බව කියන මවක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 10 October 2021
චීන කොම්පෝස්ට් ගැන චීනයෙන් සහතිකයක් චීන සමාගමින් මෙරටට ගෙන්වූ කාබනික පොහොර සාම්පලවල අහිතකර ක්ෂුද්රජීවීන් අන්තර්ගත බවට ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව කඩිනම් නිගමනයකට පැමිණීම විද්‍යාත්මක පදනමකින් තොරව සිදුවූවක් යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 10 October 2021
හිතුමනාපෙට ගමේ කොන්ත්‍රාත් බෑ ගම් මට්ටමින් විවිධ සංවිධානවලට කොන්ත්‍රාත් ලබාදීමේදී සුදුසුකම්ලත් කමිටුවක් මගින් පරික්ෂා කර පළපුරුද්ද හා හැකියාව පිිළිබඳව සොයා බලා ඒවා ලබාදීමට කටයුතු කරන්නැයි භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා සියලු ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දන්වා ඇත. 10 October 2021
යූ.එන්. නියෝජිත හනා සිගර් නී.පොලිස්පතිවරියනට සුභපතයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් හමීඩ් මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනාට සුභ පැතුම් එක්කර තිබේ. 10 October 2021
ථූපාරාමයෙන් සොරා ගත් බව කියු බුදු පිළිමය පොලිසියට විකුණයි අනුරාධපුර ථූපාරාම දාගැබේ නිදන් කොට තිබියදී සොරා ගන්නා ලද බව කියන කිලෝ 22 බර බුදු පිළිමයක් රුපියල් ලක්ෂ හැටකට අලෙවි කිරීම්ට සූදානම් වූ පුද්ගලයන් තිදෙනකු කහටගස්දිගිලිය දිවුල්වැව කෝමාරිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි . 10 October 2021
පළාත් කීපයකට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (10) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 October 2021
යක්කල 78 පස්දරු මව මරා නිවස කොල්ල කයි යක්කල පිටුවල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික නිවසකට ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් අවුරුදු 78 ක පස් දරු මවක ඝාතනය කර රන්බඩු හා මුදල් කොල්ලකා ඇතැයි ඇතැයි මල්වතුහිරිපිටිය පොලිසිය කියයි. 10 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026