
(යොහාන් භාසුර)
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් පිරිසක් අරලිගහ මන්දිරය ඉදිරිපිට අද (13) පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කළහ.
එම පිරිස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට විරෝධය දැක්වූ ආකාරයටම අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන් දැන් රටේ තත්ත්වය තේරුම්ගත යුුතුයි. තනියෙන්ම ගොඩයන්න බැරි රටක රජයක් නැතිනම් ජාත්‍යන්තර උපකාර ගත නොහැකිය. අට්ටාල ගහගෙන කාලේ කනවාට වඩා සුදුසුයි වැඩක්ම නැත්නම් ගිහින් ගොවිතැනක් කරන එක. එන මැතිවරණයකදී තමන් කැමැති කෙනෙක් පත්කරගන්න පුළුවන්නේ...
මෙහෙම ගියොත් අපේ රට හැමදාමත් වලපල්ලේ...!
පව් අන්තරේ ළමයි...!
දැන් මේක ඇති...
කව්රුත් නොවෙයි ජෙප්පෝ. නොකියා කියන්නේ අනුරට රට බාරදෙන්න කියලා.
මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වයෙන් යම් මට්ටමකින් හෝ ගොඩ ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ශක්තියක් විය හැකියි. පවතින තත්ත්වය ගැන රටෙහි පුරවැසියන් සැවොම තේරුම්ගෙන කටයුතු කිරීම වැදගත් වනු ඇත. අට්ටාල ගැසීම පසුවට තබමු.
"අරගලය සමූහ ව්‍යාපාරය"ට අවශ්‍ය වන්නේ විසඳුමක් නොව තම ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට රැගෙන යෑමයි. එසේ කළොත් පමණක් ඔවුන්ගේ ගිණුම්වලට නොයෙක් ආකාරයේ අරමුණු ඇති අයගෙන් ඩොලර්ස් ගලා එන බැවින් ඔවුන් කවුරු පැමිණියත් එයට විරුද්ධ වේ.
අන්තරේ හැමදාමත් ජෙප්පන්ගේ ගොටු අල්ලලා නා ගන්නවා. ජෙප්පො ඒකෙන් හොඳට හොයනවා. මේ අයට යන්න තිබුනේ කැම්පස් නොවෙයි, කුඹුරේ අම්බරුවන් ලෙසයි.
මේ නිර්පාක්ෂිකයි කියාගන්නා අයට ඔලුගෙඩියක් තිබුණට ... මොල ගෙඩියක් නැහැ. මේ වෙලාවේ කළයුත්තේ රට වටේ තිබෙන තැනින් ගොඩගැනීමයි. උද්ඝෝෂණ කරන අතර එයට උදව් කළ යුතුයි. නැතිව සෑම දේකටම විරුද්ධවෙලා මව්බිම තවත් අගාධයට ඇදදමන එක නෙවෙයි.
ලෝක ප්‍රජාව මේවා දිහා බලන්නේ විහිළු විදිහට. ස්ථාවර රජයක් නැති රටක්. රනිල් පස්වතාවක් ඔය පුටුවේ හිටිය රට හොඳට තිබුණු කාලේ මොනවද කළේ? දැන් ඉතින් එයාගේ පුද්ගලික ධනයන්...
මේ ගෝගමයින් දැන් තම ගම්බලා පිටත්ව යා යුතුයි.
මිනිස්සු වුණාම තේරුම් ගන්න ඕන රටට වෙලා තියෙන හානිය. ආණ්ඩුයි, ජේවීපීයි රට ගිනිබත් කළා.. කවුද එන්නේ මේ රටට...? සල්ලි තියෙන්නෙත් සතියකට. ළමයි ගෙවල්වල. ගුරුවරුන් පඩිකන ගමං අරගල. කමක් නෑ කන්න බොන්න දෙනවානේ. "කන්න දෙනව නං අපිට බොන්න දෙනව නං අපිට මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ" හොඳ වෙලාවට බිරිඳගේ වදේට හරි පොඩි එවුන් දෙන්නා ප්‍රයිවට් ස්කූල් දැම්මේ මම...
හැමදේටම සාධාරණයක් තියෙන්න ඕනෑ. මේ මනුස්සයා ආවා විතරයි. අඩුම ගානේ මාස තුනක්වත් දීලා බලමු. ඊට පස්සේ ප්‍රගතියක් සිදුවුණේ නැත්තන් අපිත් එනවා අට්ටාල ගහන්න. තම තමන්ගේ පුද්ගලික දේශපාලනය වීරයන් රජ කරන හීන බොඳ වුනේ ඒ වීරයින් මේ අභියෝගය බාර නොගත් නිසයි. මේ මොහොතේ වගකීමෙන් වැඩ කිරීමම අරගලයක්...
කල්ඇරීම අනුවණකමක්... වහාම එළවා දැමිය යුතුයි. අනුකම්පා කළා ඇති. 71 ඉඳලාම රට භාගයක් විනාශ කළේ මේ අය..
මෙරටට මෙහෙම වෙලා තියෙන්නේ, දේශපාලකයින්ගේ හොරකම් සහ ජවිපයේ තියෙන කඩාකප්පල්කාරී වැඩ නිසයි. ජවිපයට වෙන එකෙක් වැඩකරනවා බලන්න බැරි ගතියක් හැමදාම තියෙනවා. දුන්නු වෙලාවේ බාර අරන් කරන්නේ නැතිව කටමැත දොඩවනවා. දැන් අරගල කරනවා. අරගල කරලා රට ගොඩ යනවා නම් අපිත් අරගලේට එනවා. දැන්වත් විහිළුවක් නොවී මේ රට ඉස්සරහට ගෙනියන්න තමන්ගෙන් වෙන්න තියෙන දේ ඉටුකරන්න.
මේ වෙලාවේ මේ තියෙන විකල්පයට අප අනිවාර්යෙන්ම යා යුතුයි. නැත්තම් මීට වඩා රට වලපල්ලට යනවා. දැන් පත්වෙන හැමකෙනාටම විරෝධය පපා ඉන්න ගියාම අන්තිමය කවුද? පත්කළ යුත්තේ අනුරද? අනුර නියත වශයෙන්ම දැනට පවතින තත්වය හමුවේ රටේ අගමැති පුටුවට සුදුසු නැති බව මගේ හැඟීමයි. මේ දේශපාලනික ව්‍යුහය තුළ සියලු පක්ෂ තම තමන්ගේ දේශපාලනික බලය තහවුරු කිරීමට උත්සාහ කරනවා වෙනුවට රටට වැටී ඇති තත්වයට පිළියම් සොයන්නේ නැත.
දැන් පැහැදිලියි ඔය නිර්පාක්ෂික කියන වචනය බොරුවක්... තනිකර මෙය මෙහෙය වන්නේ අන්තරේ කියලා දැන් ජනතාව තේරුම් ගන්න ඕනෑ... එයට පිටිපස්සෙන් ඉන්නේ කව්ද කියලා පැහැදිලිනේ. මේ ලියන මටත් තේරුනේ දැන් තමයි. මේ වෙලේ ජනතාවට ඕනේ දරුවන්ගේ බඩගින්න නිවන්න. කාගේවත් දේශපාලන කුමන්ත්‍රණ නෙමේ. නීතිඥ මහත්වරුනේ බලාගෙන කල්පනාවෙන් උදව් කරන්න. අපිට ජීවත් වෙන්න ක්ෂණික පිළියමක් අවශ්‍යයි...
කාවද ඕනේ... අනුරවද? මෙයා හැමදේටම අරගල කරනවා.
දැන් මොකට විරුද්ධවද විරෝධතාව තියන්නේ? මේ මනුස්සයා තාම වැඩක් කරන්න පටන් ගත්තෙත් නෑ නොවැ...!
දැන් අපි ගෝඨා ගෝ ගමේ නම වෙනස් කරමු. ඒකට හරියන්නේ ජෙප්පාගම... අර අන්තරේ අය අපේ සල්ලිවලින් කැම්පස් ගිහින් අර රැවුලන්ට කඩේ යනවා. දැන්නම් නිර්පාක්ෂිකයි ගෝල්ෆේස් එක...
ශ්රී ලංකාව කියන අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියාට ජීවත්වීම සඳහා මුදල් තියෙන්නේ තවත් සතියකට පමණයි. ඒ තත්වය තේරුම් ගැනීමේ හැකියාවක් නැති සජිත්ලා හා අනුර කුමාරලා රට බාරගන්නේත් නැතිව.., වෙනත් විකල්පයක් දෙන්නෙත් නැතිව පුරසාරම් දොඩමින් ඉන්නවා. මාත් පවතින අරගලයට එකඟයි. ඒත්, දේශපාලන පක්ෂ නායකවරුන් රණ්ඩුවේවි... එකිනෙකාගේ වැරැදි පෙන්වා ගනිමින් ඉන්නවා. රට නැමැති මරණාසන්න අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියා මියයෑමට ආසන්නයි. එහෙව් එකේ රනිල් හෝ රටේ පැහැදිළි යථාර්තය දැක රට ගොඩදැමීමට ඉදිරිපත් වීම වරදක් නැහැ. රනිල් සමග අපටද ගැටළු තිබෙනවා. ඒත්, මේ මොහොතේ පාට, පක්ෂ, ජාති, ආගම් ගැන නොබලා රට ගොඩගැනීමට සියලු දෙනා එක්විය යුතුයි...
5%ක් ඉන්නවා මානසික රෝගීන්...! අරගලවල පෝස්ටර් අල්ලලා රට හදන්න බෑ.