(නිමල කොඩිතුවක්කු)
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය යටතේ කිසිදු අමාත්‍යධුරයක් භාර ගැනීමට සමගි ජන බලවේගය කිසිදු මන්ත්‍රීවරයකු කටයුතු නොකරන බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද(13)පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති බවත් හැකිනම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස අභියෝග කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
රටේ ගැටලු විසඳීම කෙසේ වෙතත් තම ජනාධිපති ධුරය සහ සහ රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ පිරිනැමූ බවද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
සාමකාමී විරෝධතා කරුවන්, රටේ පොදු මහජනතාව, මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීම් වලට පයින් ගසා ව්‍යවස්ථාවෙන් සහ සම්ප්‍රදායෙන් පරිබාහිරව පත් කර ඇති මෙම තනතුරට සමගි ජන බලවේගය සම්පූර්ණයෙන්ම විරෝධය පළ කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘බල්ලා පිදුරු කන්නෙත් නෑ... කන ගොනාට දෙන්නෙත් නෑ..‘‘ එහෙනම් නුඹලා කවුරු හරි බාරගෙන මේක කරපල්ලා. නැතිනම් ඇමෙරිකාවට, චීනයට, ජපානයට, එංගලන්තයට හෝ සෝමාලියාවට හරි කමක් නෑ මේක විකුණපල්ලා. මේ අය මේක හරියට කරයි..
හොඳයි, ඔබලා සියලු දෙනාටම එකම ඉරණම තමයි.
ඒ වගේ තමයි ඔබතුමාලාට කිසිම වගකීමක් බාරගෙන කරන්නත් බෑනේ.
තම තමන්ගේ පුද්ගලික දේශපාලනය වීරයන් රජ කරන හීන බොඳ වුනේ ඒ වීරයින් මේ අභියෝගය බාර නොගත් නිසයි. වෙන කතන්දර කියකියා මේ අභියෝගය බාරගත් කෙනාට ඒක කරන්න දෙන්නේ නැති එකට කුහකකම හැර වෙන මොකක් කියන්නද?
ඔව් ඉතින් විපක්ෂ නායකතුමා අවුරුද්දකටත් ඉස්සෙල්ලා ඉඳන් කිව්වා IMFයන්න. ගත්තු ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා, රසායනික පොහොර ගොවියන්ට දීලා කාබනික පොහොර දිගු කාලයක් අරගෙන රටට හඳුන්වන්න කියලා... ඒවා ඒ වෙලාවේ කළානම් අද වෙනකොට රට මේ අගාධයෙන් බේරගන්න තිබුණා. මේ ආණ්ඩුවේ පිස්සු නඩේ හැඳිගෑවිලා ගියානම් තමයි රටට සෙතක් වෙන්නේ...
බල්ලා පිදුරු කන්නෙත් නැත.. කන ගොනාට දෙන්නෙත් නැත..! ගන්න කිව්වාම ගන්නෙත් නෑ. ඊට බස්සෙ අඬා වැටෙනවා දෙන්න කියලා. එතකොට පමා වැඩියි. දැන් ගත්තු මනුස්සයාට කරන්න දෙන්නෙත් නෑ. මෙහෙම සවුත්තු දේශපාලනයක් නම් ලෝකයේ මොනම රටකවත් නැතුව ඇති...!
ඔබලාගේ නොහැකියාව පෙන්වන්න එපා. මුලින්ම රජයක් පිහිටුවීමට සජබයට තිබුණා. ඒත් දේශපාලන ගේම් හා නොහැකියාව නිසා ඔබලාට කොන්දක් තිබ්බේ නැහැ අභියෝග බාරගන්න. මේ වෙලාවේ රටේ තියෙන්නේ ආර්ථික ගැටළුවක්.. එය දේශපාලකයින් විසින් නිර්මාණය කරන ලද්දක්... ජනතාවට දේශපාලුවන්ට හෙන ගැහුවත් කමක් නැහැ. නමුත් අපට ජීවත් වීමට අවශ්‍යයි. එබැවින් කරගන්න බැරිනම් කරන කෙනෙකුට කරන්න දිලා කට පියාගෙන ඉන්න. කොහොමත් ඔබ හා සජිත් ලබන පාර කුණුකූඩෙට දායි මිනිස්සු.
ඔව්.. නුඹලාට මේ රට ගැන මිනිස්සු ගැන කිසිම හැඟීමක් නෑ...
එන්නේ නැති එකනම් හුඟාක් හොඳයි. දැන් නම් ජනතාව එක්ක නිධන් හොයන්න අමාරුයි..
ඇමතිවරු දිවුරුම් දෙන දවසට බලමු...