
දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් යැයි පැවැසෙයි.
ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවෙයි. එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබේ. ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.
මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලවය. පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බව පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රටට ගැලපුණත් අපේ රටට මෙය කොතරම් සුදුසුදැයි කිව නොහැකියි. මක් නිසාද ලොව වැඩිම නිවාඩු හිමි රටක් වූ අපට වැඩ කිරීමට කාලය නොමැති වනු ඇත...