පොහොර ඉල්ලා මින්නේරිය ගොවීහු පාරට බසිති වගාවට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස සහ ඉහළ යන ජීවන වියදම පහත හෙළන ලෙස රජයට බල කරමින් ගොවීහු පිරිසක් මින්නේරිය මහ ගොවිජනපදයට අයත් හිඟුරක්ගොඩ,හතමුණ වෙල් යායේදී අද (11) උද්ඝෝෂණයෙක නිරත වූහ. 11 October 2021
’’19න් ලබාගත් ජයග්‍රහණ ආණ්ඩුව එකින් එක ආපස්සට හරවනවා’’ 19 වැනි සංශෝධනයෙන් රටත් ජනතාවත් ලබාගත් ජයග්‍රහණ එකින් එක වත්මන් රජය ආපස්සට හරවමින් යන බව යුරෝපා සංගමයේ නියෝජිතයන් දැනුම් දුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය. 11 October 2021
මහකොමසාරිස්වරයකු සංස්ථා සභාපතිවරුන් 25ක් උසස් නිලතල කාරක සභාව හමුවට මහකොමසාරිස්වරයෙක් සහ සංස්ථා ඇතුළු ආයතනවල සභාපතිවරුන් ලෙස පත් කරන ලද 25 දෙනෙක් සුදුසුකම් (යෝග්‍යතාව ) පරික්ෂා කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති. 11 October 2021
මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සංචාරකයෙකු පැය 05 කින් ආපසු යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි. 11 October 2021
ජී.එල් අයවැයේ රහසක් හෙළිකරයි ගම් මට්ටමේ සිට රටේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයකුට රුපියල් ලක්ෂ 1000 ක් හෙවත් රුපියල් මිලියන 100 ක් ලබාගෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 11 October 2021
1,257කින් වැඩි කළ ගෑස් 75කින් අඩු කරයි ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී රුපියල් 1,257 කින් ඉහළ දැමූ කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (11) පස්වරවේ රුපියල් 75 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 11 October 2021
දෙහිඅත්තකණ්ඩිය ගොවියෝත් පොහොර ඉල්ලා මහ පාරට මෙවර මාස් කන්නයේ වගා කටුතු සදහා පොහොර ලබා දෙන ලෙස රජයට බලකරමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් අද දහවල් පැවැත්වුණි. 11 October 2021
හිටපු ඩී.අයි.ජී ගේ ගෙට විද්ද දෙන්නා මාට්ටු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නිවසක වතුර මෝටරයක් , භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ විශ්‍රාමික මහාචාර්යවරයෙකුගේ නිවසක රූපවාහිනීයක් , ඇතුළු රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි. 11 October 2021
පළාත් සභා කඩිනම් කරන්න නීති ජනවාරියේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කර සම්මත කරගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය. 11 October 2021
ආප්පය - ප්ලේන්ටිය ගණන් උස්සයි ගෑස්, තිරිඟු පිටි සහ කිරිපිටි මිල ඉහළ යෑමත් සමඟ සියලුම ආභාර සහ පාන වර්ගවල මිල ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියෝ පවසති. 11 October 2021
සරසවි සිසුන්ට අද සිට කොරෝනා එන්නත් විශ්ව විද්‍යාල සිසුන්ට කෝවිඩ් මර්දන එන්නත් ලබාදීම අද සිටි ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ කියයි. 11 October 2021
ඛනිජ තෙල් මිලත් ඉහලට පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා රජයෙව් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය. 11 October 2021
කළු කඩ ආණ්ඩුව ගෙදර යවා අලුත් පිරිසකට බලය දෙමු සමාගම්වලට හිතුමතේ මිල පාලනය කරන්න දෙමින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ කළු කඩ මුදලාලිගේ චරිතය රඟ දක්වමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 11 October 2021
ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත පහ අතරට ශ්‍රි ලංකාවත් මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 October 2021
පාන් මිල රුපියල් පහකින් ඉහළට? තිරිඟුපිටි මිල ඉහළ දැමීම නිසා බේකරි නිෂ්පාදන ද ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දහවල් පවත්වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 11 October 2021
සිමෙන්ති රුපියල් 93 කින් ඉහළට සිමෙන්ති මිල රුපියල් 93 කින් ඉහළ දැමූ බව ප්‍රධාන සිමෙන්ති සමාගම නිලධාරියකු පැවැසීය. 11 October 2021
තිරිඟු පිටි රුපියල් 10 කින් ඉහළට තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය. 11 October 2021
ලාෆ් ගෑස් රුපියල් 984කින් ඉහළට ලාෆ් ගෑස් සමාගම කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 11 October 2021
වැරදි බදු ගණනය නිසා රේගුවේ කෝටි 12 වතුරේ ගිහින් රටේ සංවර්ධනයට යොදා ගත හැකි විශාල මුදලක් දඩ මුදල් ලෙස නම්කර ඒවා ත්‍යාග මුදල් ලෙස රේගු නිලධාරින් සීමිත පිරිසක් අතරේ බෙදා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන්වේ. 11 October 2021
ගැබිණි අම්මලාට වෛද්‍ය අංශයෙන් පණිවිඩයක් ‘කොවිඩ්’ ආසාදිත සියලුම ගර්භණී මව්වරු රෝහල් නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසන්නීය. 11 October 2021
මෝටර් රථය ලොරියේ ගැටේ:දෙකම ගිනිගෙන අළු වෙයි අති සුඛෝපභෝගී මෝටර් රථයක් සහ රුපියල් කෝටි ගණනක දේපළ ගබඩා කර තිබූ තිබු ලොරි රථයක් දෙල්කඳ හන්දියේදී ගැටීමෙන් එම වාහන දෙක ගිනිගෙන විනාශ වූ බව මිරිහාන පොලිසිය කියයි. 11 October 2021
ගැටුමක් බේරන්න ගිය පොලිසියේ දෙකකට කඩු පහර උඩප්පුව කීරියන්කල්ලිය - සින්නකොළණිය ප්‍රදේශයේදී ගැමුටක් සමථයකට පත් කිරීමට ගිය උඩප්පුව පොලීසියේ ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයකු තවත් නිලධාරීයකු ගැටුමට මැදිවූ පුද්ගලයකු කැපුම් තුවාල සහිතව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව උඩප්පුව පොලීසය කියයි. 11 October 2021
පළාත් රැසකට ගිගුරුම් සහිත තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට හො ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 October 2021
රසායනික පොහොර ගැටළුව පසුපෙළ මන්ත්‍රීවරු ජනපතිට කියති කුඹුරුවලට , එළවළුවලට සහ අපනයන බෝග වගා වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 11 October 2021
ගුවන් යානයක එකවර යා හැකි සීමාව ඉවතට කොවිඩ්-19 වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන ගුවන් යානයක රැගෙන ආ හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් විය යුතු බවට පනවා තිබූ සීමාව වහාම ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා ඊයේ (10) ලංකාදීපයට පැවසීය. 10 October 2021
ගෑස් රුපියල් 1,257 කින් ඉහළට ලිට්රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරය මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1,257 කින් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමඟ එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,750 ක් බවට පත්වූ බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 10 October 2021
අලෙවියට තහනම් මත්පෙති ජ‘පුර රෝහල් කඩයකින් මතුවෙයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ වෙළෙද සැලක විකිණීමට තබා තිබූ “තහනම් ඖෂධ” පෙති 173ක් නුගේගොඩ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරීන් සහ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙරේදා (09) සොයා ගනු ලැබීය. 10 October 2021
‘‘පොහොර ගැටළුව නිසා ගමට යන්නත් බැරිවෙයි ද දන්නේ නෑ‘‘ පොහොර නොමැතිවීමෙන් ගොවියා මුහුණ පා ඇති ඛේදවාචකය හේතුවෙන් ඉදිරියේදී තමාට ද පොළොන්නරුවට යාමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 10 October 2021
ලොව පුරා කොරෝනා තත්ත්වය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 10 October 2021
පොහොර නැතිව විනාශ වූ බඩ ඉරිඟු වගාවට ගිනි පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බිසෝබණ්ඩාරයේ 1 බී යාය ප්‍රදේශයේ යළ කන්නයේ කාබනික පොහොර යොදා වගා කළ බඩඉරි වගාවක් අසාර්ථ වී ඇති බව පවසමින් එහි හිමිකරුවන් විසින් බඩඉරිඟු වගාවට ගිනි තබා විනාශ කරනු ලැබීය. 10 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026