
(අංජුල මහික වීරරත්න)
අරගලය දිගටම ගෙන යා යුතු අතර ගෝඨා ගෝ ගමට කිසි විටෙක අතගසන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනතාව වත්මන් දුකට ඇද දැමීමට මාධ්‍යයත් වගකිව යුතු බව කී අග්‍රාමාත්‍යවරයා ගෝඨාට ඡන්දය දෙන්න එපා යැයි කියූ එක මාධ්‍යයක් වත් තිබේනම් පෙන්වන්නැයි සඳහන් කළේය.
ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු කොළඹ වාලුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් පැවසූයේ තමා පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ඇතිව ජනතාවට විදුලි බලය,ඩීසල්, ගෑස් ලබා දෙන්නට කටයුතු කරන බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය:ගෝඨා ගෝ ගම සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක්ද?
පිළිතුර:-අරගලය දිගටම ගෙන යනවා .ගෝඨා ගෝ ගමට කිසිවිටෙක අතගසන්නේ නැහැ.එය ඉදිරියට ගෙන යා යුතුයි. පොලිසියත් ඊට එරෙහිව කිසිවක් කරන්නේ නැහැ.
ප්‍රශ්නය:-රනිල් ගෝ ගම කියා එකක් හදනවා යැයි කතාබහට ලක්ව තිබෙනවා.
පිළිතුර:-මගේ ගෙදර ඉස්සරහට ඇවිත් පිරිසක් රනිල් ගෝ හෝම් යැයි පැවසුවා.එයින් මට ලොකු ප්‍රශ්නයක් වුණා. මම ගෙදර ඉඳගෙන කොහේ යන්නද කියා මා සිතුවා.මෙතන තියෙන්නේ එකයි.ඒ ගෝඨා ගෝ ගමයි.අනිත් අයටත් ඕන නම් මේවා කරන්න කියන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අරගලය දිගටම අරගෙන යා යුතුයි. අඩුම තරමේ තව දශක 5ක් වත්... එතකොට මෙයාගේ දරුවන්ටත් නොමිලේ කකාඉන්න පුළුවන්...
ඔව්... අපි උද්ඝෝෂණ කරකර ඉන්නම්... ඔයාලා වී8 වල ගිහින් අපෙන් කකා ඉන්නකෝ.. !
අගමැති දන්නවා "අරගල සමූහ ව්‍යාපාරය" හරහා ලංකාවට ඩොලර් ගලා එන බව. එබැවින් එය ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට අස්වැසිල්ලක් වන බව...