(යොහාන් භාසුර)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාව සඳහා උප පොලිස් පරීක්‍ෂකවයෙක් ඇතුළුව නිලධාරීන් හය (6) දෙනෙක් යෙදවන ලෙස ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා (මෙහෙයුම්) එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ.
ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් ඒකක වෙත සුදුසු නිලධාරීන් ලබාගැනීමට ප්‍රභූවරයා සමඟ සාකච්ඡා කර ලැයිස්තුවක් ලබාගන්නා ලෙසත් ආරක්‍ෂක නිලධාරීන් සදහා ප්‍රභූවරයා අකමැත්ත පළකරන්නේ නම් එය ලිඛිතව ලබාගන්නා ලෙසත් ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා වැඩි දුරටත් දැනුම්දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රභූවරයා? ලංකාව හැදෙන්නේ නැහැ.
ප්‍රභුවරුන් කියා කොටසක් පාර්ලිමේන්තුවේ නොමැත. කරණාකර ඔවුන්ට ප්‍රභූන් ලෙස ඇමතීමෙන් වළකින්න.
එක වාහනයක 05 දෙනෙකුට ගමන් කළ හැක.
අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරකර ඔය හොර නඩේම රැකපල්ලා...!
දැනට පොලිස්ථානවල එදිනෙදා සාමාන්‍ය රාජකාරී කටයුතු සඳහාද නිලධාරීන් නොමැතිව සිටියදී මෙලෙස නිලධාරීන් වැඩි කිරීමට නම් ( මන්ත්‍රීන් 225 × නිලධාරීන් 7 ) කඩිනමින් අලුතින් පොලීසියට බඳවා ගැනීම් කිරීමට සිදුවේවි...!