අද දවසේ කාලගුණය සබරගමුව, මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2021
මුහුණු පොතින් ඇවිත් පසුම්බියට විදලා මුහුණු පොතෙන් හදුනාගත් මාතර ප්‍රදේශයේ කාන්තාවකට මුදල් වංචා කළ විදේශීය ජාතිකයෙක් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය විසින් නුගේගොඩ දී අත්අඩංගුවට ගනු ලැබීය. 16 October 2021
වැලිපැන්නේ අදත් දිග පෝලිම් දින පහක නිවාඩුවක් එළඹෙන බැවින් බස්නාහිර පළාතේ සිට දකුණු පළාතට යාම සඳහා අධිවේගී මාර්ග වැලිපැන්න පිවිසුම අසල සිට කිලෝ මීටර් ගණනාවක් දිගු වාහන අද දක්නට ලැබුණි. 16 October 2021
හික්කඩුවට සංචාරකයන් ඇවිත් කොරෝනා ව්‍යසනයෙන් පසුව හික්කඩුව සංචාරක පුරවරය විදෙස් සංචාරයකින් සදහා අද(16) විවෘත කෙරිණ. 16 October 2021
කොවිඩ්’ රෝගීන්ට මැටි වාෂ්පීකරණ උපකරණයක් ‘කොවිඩ්’ රෝගීන්ගේ භාවිතය සඳහා දේශීය නිෂ්පාදකයකු මැටි වාෂ්පීකරණ උපකරණයක් නිෂ්පාදනය කර ඇති අතර එම උපකරණ කට්ටල තොගයක් මාරවිල හා ලුණුවිල ජාතික රෝහල් වෙත පසුගියදා බත්තරමුල්ල ජාතික ශිල්ප සභාවේදී ප්රදානය කළේය. 16 October 2021
‘‘බලය ගත් පසු උම්මත්තකයෝ ලෙස හැසිරෙන්න හොඳ නෑ‘‘ බලය ලබාගත් පසු උන්මත්තකයො ලෙස උද්ද්ච්ඡ කමින් හැසිරෙන්නෙ නැතිව මිනිසුන්ගේ හඬට කන් දීමට ආණ්ඩුවකට හැකියාව තිබිය යුතුයි. ගමේ ජීවත් වෙන කෙනෙක් විදිහට මම මුල ඉදලම කිව්ව මේ පොහොර සම්බන්ධ තීන්දුව ලොකු අර්බුදයක් බවට පත්වෙනවා කියලා. දැන් අපේ ගොවීයන් වැඩකටයුතු ටික කරලා පොහොර නැතිව බලාගෙන ඉන්නවා යැයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (16) නිකවැරටියේ දී පැවසීය. 16 October 2021
කොරෝනා ආසාදිතයන් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 October 2021
ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්? අයවැය ඉදිරිපත් කෙරෙන ලබන මස 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික හෝ සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී .බී ජයසුන්දර මහතා සියලුම ඇමැතිවරුන්ට, රාජ්‍ය ඇමැතිවරුන්ට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් දැනුම්දී ඇත. 16 October 2021
කෝන් ගසෙන් ආ මාරයා සිසුවා ඩැහැ ගනී හොරොව්පොතාන මොරවැව ප්‍රදේශයේ හේනක නවතා තිබූ රෝද හතරේ ට්‍රැක්ටරයක රියදුරු අසුනේ වාඩිවී සිටි දාහතර හැවිරිදි සිසුවකු ගේ හිස මතට ආසන්නයේ ගිනි ගනිමින් තිබූ කෝන් ගසක් අද (16) දහවල් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලීසිය කියයි. 16 October 2021
‘අපේ ජන බල පක්ෂ’ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ඥානසාර හිමිට අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ගලගොඩාත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. 16 October 2021
පළාත් සභා මැතිවරණය කඩිනම් කරන්නැයි හිටපු ජනපතිගෙන් ඉල්ලීමක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. 16 October 2021
ගිනස් වාර්තා අතරට ගිය ලොව උසම කාන්තාව ලොව උසින් වැඩිම කාන්තාව ලෙස ගිනස් වාර්තා අතරට යෑමට 24 හැවිරිදි තුර්කි ජාතික කාන්තාවක වන රෑමේසා ගෙල්ගි සමත් වූවාය. ඇගේ උස අඩි 7 යි අගල් 0.7 කි. 16 October 2021
චීන ගගනගාමීන් තිදෙනා උඩුගුවනට චීනය පෘථිවි කක්ෂයේ කුඩා අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරමින් පවතින අතර, එහි තවත් අදියරක් සම්පූර්ණ කිරීමට, එරට ගනගාමීහු තිදෙනෙක් අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ. මෙම ගගනගාමීන් තිදෙනාගෙන් එක් කෙනකු කාන්තාවක් වීම ද විශේෂත්වයකි. 16 October 2021
ඉන්දියාව විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි ’කොවිඩ් 19’ ආසාදිතයන් සැලකිය යුතු අන්දමින් අඩුවීමත් සමඟ ඊයේ (15) සිට ඉන්දියාව යළි විදෙස් සංචාරකයන්ට විවෘත කෙරුණි. 16 October 2021
දියර කිරි ලීටරයක ගැනුම් මිල රුපියල් 7 කින් ඉහළට දියර කිරි ලීටරයක් සඳහා ගොවීන්ට ගෙවන මුදල රුපියල් 7 කින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මිල්කෝ සමාගමේ උසස් නිළධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 16 October 2021
පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා මාස 6ක් තුළ විභාග නොකළොත් අවලංගුයි පොලිස් නිලධාරීන්ට ඇති චෝදනා පත්‍ර මාස හයක් ඇතුළත විභාග කර අවසන් කළේ නැත්නම් ඒවා ඉබේ අවලංගුවන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය. 16 October 2021
රුසියානු සබ්මැරීන් 2ක්-යුද නෞකාවක් කොළඹ වරායට රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරීන් දෙකක් සහ යුද නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබේ. 16 October 2021
යොහානිගෙන් වාර්තාවක් යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද(16) වාර්තාවක් තැබුවාය. 16 October 2021
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් ඉවත් කරයි කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව පහළ යෑම නිසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය තීරණය කර ඇත. 16 October 2021
එළිමහන් සතුන් වත්තක් හදන්න යන ලොකුගේට විරෝධයක් දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවෙයි. 16 October 2021
හරිත කෘෂිකර්මාන්තයට ජනාධිපති කාර්ය සාධක බලකායක් හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා සාමාජිකයන් 14 දෙනෙකු ගෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ. 16 October 2021
රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් අහෝසි කරනු ලැබ ඇත. 16 October 2021
රජයට එක්කෝටි පනස් ලක්ෂයක පාඩුවක් කළ වට්ටක්කා අතිරික්තව පැවති වට්ටක්කා තොග මිලදී ගැනීම නිසා රජයට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක පමණ පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. 16 October 2021
‘‘ජනතාව නොසැලිකිලිමත් නම් ඉදිරිය අවදානම්‘‘ සෞඛ්‍ය නීති ලිහිල් කෙරුණද ජනතාව සෞඛ්‍ය පුරුදුවලට අනුගත වෙමින් කටයුතු නොකළහොත් ආසාදිතයන් වැඩිවී යළි අවදානම් තත්වයක් ඇතිවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 16 October 2021
වඳුරඹ නගරයෙන් කොරෝනා ආසාදිතයන් 11ක් වදුරඹ නගරය ආශ්රිත රජයේ හා පුද්ගලික ආයතන සේවකයන්,ජංගම වෙළදුන් අහඹු ගෙන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී කොරෝනා ආසාදිතයන් 11 දෙනකුට කොරෝනා වයිසරය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 16 October 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 October 2021
‘‘කඩතුරාව‘‘ නිර්මාණ ග්‍රන්ථය අගමැතිට ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි. 16 October 2021
ලංකාවේ තරුණයෙක් බෙහෙත් පෙති නිපදවන මැෂිමක් හදයි ලංකාවේ ප්‍රථමවතාවට බෙහෙත් පෙති නිෂ්පාදනය කරන යන්ත්‍රයක් නව නිපැයුම්ශිල්පි කැලුම් වාදසිංහ විසින් නිර්මාණය කර තිබේ. 15 October 2021
කොරෝනා ආසාදිතයන් තවත් 168 කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 168 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 666 කි. 15 October 2021
ඉන්දියාවෙන් නයිට්රජන් දියර පොහොර උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 15 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026