උගන්ඩා කතගේ කුසෙන් කොකේන් පෙති 100 මතුවෙයි උගන්ඩාවේ සිට කටාර් හරහා කටුනායක ගුවන් තොටුපළට ළගා වූ ගුවන් යානයකින් පැමිණි උගන්ඩා ජාතික කාන්තාවක් ගිලදැමීමෙන් උදරයේ සඟවා ගෙන රැගෙන ආ කොකේන් තොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීහූ අද (15) සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය. 15 October 2021
නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කරයි පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කළේය. 15 October 2021
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැම්මාට සජබයෙන් විරෝධය සහල්, කිරි පිටි සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ඉහළ නැංවීමට විරෝධය දක්වමින් සමගි බලවේගය පක්ෂ විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද (15) පස්වරුවේ පැවැත්විණ. 15 October 2021
කොවිඩ් ආසාදිතයන් 498ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 498 දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 15 October 2021
උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 October 2021
ශ්‍රී ලංකාව ලෝක සාගිනි දර්ශකයේ 65වන ස්ථානයට මෙම වසරට අදාළව නිකුත් කර ඇති ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. 15 October 2021
කොවිඩ් මරණ තවත් 20ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 October 2021
පාසල් ළමයින්ටත් බූස්ටර් එන්නතක් පාසල් ළමයින් එන්නත් කිරීමෙන් පසු ඔවුනටද ප්‍රතිශක්ති වර්ධක තුන්වෙනි මාත්‍රාවක් (බූස්ටර්) ලබාදීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 15 October 2021
කොළඹ තැන් කීපයකට හෙට ජලය නෑ කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කීපයකට හෙට (16) පෙරවරු 8.00 සිට පැය 13 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. 15 October 2021
ලංකාවට ගෙනාවේ කාබනික පොහොරමයි මහ කන්නය සඳහා මෙරටට ආනයනය කරන ලද පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර පිරිසිදු ඛනිජ සම්භවයක් ඇති පොහොර වර්ගයක් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා තහවුරු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. 15 October 2021
රඹුක්කන නිවෙසක තනිව සිටි ජර්මන් කතක් අභිරහස් ලෙස මිය ගිහින් රඹුක්කන හිරිවඩුන්න පිටවල ප්‍රදේශයේ නිවසක තනිවම සුරතල් සතුන් කරමික් ජීවත් වු ජර්මන් ජාතික කාන්තාවක අභිරහස් ලෙස මිය ගොස් සිටියදී අද දහවල් සොයා ගත් බව රඹුක්කන පොලිසිය කියයි. 15 October 2021
දරුවෝ දෙදෙනෙක් කහටපිටිය වැවට බිලි මොනරාගල, දඹගල්ල පොලිස් වසමේ, උඩුමුල්ල ප්‍රදේශයේ කහටපිටිය වැවේ දිය නෑමට ගිය පිරිමි දරැවන් දෙදෙනකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි දඹගල්ල පොලිසිය කියයි. 15 October 2021
ඉදිරි වසර දෙකේ රටපුරා අලුතින් අපනයන කලාප 14ක් ඉදිරි දෙවසරක කාලය තුළ දිවයින පුරා නව අපනයන කලාප 14 ක් ස්ථාපිත කරන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (15) පැවසීය. 15 October 2021
පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් උපදෙස් දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වැනිදා බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 15 October 2021
‘‘බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා‘‘ සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 15 October 2021
මහාචාර්ය සම්පත් අමරතුංගට සම්මානයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන රජයෙන් ඉහළ සම්මානයක් පිරිනමා තිබේ. 15 October 2021
ළඟ එන කොරෝනා රැල්ල ගැන කලින් කියන වෙබ් අඩවියක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය උපයෝගී කරගෙන නොකඩවා ඉදිරි දින 10 ඇතුළත ආසාදනය වියහැකි සහ මරණයට පත්විය හැකි කොරෝනා රෝගීන් සංඛ්‍යාව පිළිබඳව අනාවැකි පළකරන වෙබ් අඩවියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිර්මාණය කර තිබේ. 15 October 2021
වගාවට දුන් ජලය ගොවියෝ වසති නිකවැරටිය මාගල්ල ව්‍යාපාරයේ අක්කර 7000 කට ජලය නිකුත් කිරීම 15 දා සුබ නැකතින් සිදු කළ ද ,පොහොර නොදී ජලය ලබාදීම ප්‍රතික්ෂේප කළ ගොවි සංවිධාන 14 ක ගොවි නායකයන්ගේ විරෝධය නිසා යළි සොරොව් වසා දැමීමට වාරිනිලධාරීන් පියවර ගත්හ. 15 October 2021
රුපියල සියයට 6.8 කින් පහත වැටිලා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය පසුගිය මාස නවය තුළ සියයට 6.8 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 15 October 2021
ත්‍රිවිල් උස්සන කල්ලියක් අල්ලයි ජාඇල,නදාන,ඒකල සහ ඒ අවට ප්‍රදේශවල ත්‍රි රෝද රථ සොරකම් කොට විකිණිමේ ජාවාරමක් කරගෙන ගිය සංවිධානාත්මක සොර කල්ලියක් සමග සොරකම්කළ ත්‍රී රෝද රථ 20 ක් සමග අත් අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි. 15 October 2021
මෝටර් රථ ආනයනයට නව ක්‍රමයක් මෝටර් රථ ආනයනය කිරීමේ සමස්ත වියදම විදෙස් මුදල් පමණක් භාවිතා කර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රමයක් රජයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 15 October 2021
ඉන්දීය හමුදාපති, ලුතිතන්වරයකු ලෙස සේවය කළ මෙරට කඳවුර බලන්න යයි 1987 වර්ෂයේ ඉන්දීය සාම සාධක හමුදාවේ ලුතිතන්වරයකු ලෙස කටයුතු කළ ඉන්දියාවේ වත්මන් යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා ලුතිතන්වරයකු ලෙස ඔහු මෙරට සේවය කළ ත්‍රිකුණාමලය හතර කණුව කඳවුර තිබූ ස්ථානය දැක බලා ගැනීමට අද පැමිණියේය. 15 October 2021
වැලි ගොඩ දමන්නන්ටත් රක්ෂණ ක්‍රමයක් වැලි ගොඩදැමීමේ නිරත වන කම්කරුවන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට සහ සහන රැසක් ලබාදීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර ඇත. 15 October 2021
තහනම් වල් නාශක සමග අයෙක් මාට්ටු අගුණකොළපැලැස්ස නගරයේ වෙළදසැල් දෙකක අලෙවිය සඳහා ගබඩා කර තිබූ තහනම් වල් නාශකයක් වන ග්ලයිෆෝසේට් ග්‍රෑම් 100 පැකට් 125 ක් සමග සැකකරුවෙක් සහ සැකකාරියක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 15 October 2021
පොහොර ඉල්ලා වෙහෙරගල ගොවියෝත් විරෝධතාවක තමන්ට මෙවර මහ කන්නයේ වී වගා කිරීම් සඳහා රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බලකරමින් මහවැලි සී කලාපයේ වෙහෙරගල ගොවි සංවිධාන 24ක ගොවීහු පිරිසක් දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල ප්‍රධාන මාර්ගයේ වෙහෙරගල මංසන්ධියෙන් අවහිර කරමින් අද දහවල් උද්ඝෝෂණයක නිරත වූහ. 15 October 2021
නීතිපතිට සහ හිටපු නාවික හමුදාපතිට නොතිසි නාවික හමුදා භට පිරිසක් විසින් ළමුන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදන්වූ එම ළමුන්ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) නියම කළේය. 15 October 2021
තිරු නඩේෂන් අල්ලස් කොමිසමට හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරු නිඩේෂන් මහතා, ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (15) පැමිණ තිබේ. 15 October 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළට මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත. 15 October 2021
කෑමට නුසුදුසු භාස්මතී සහල් තොගයක් වරායෙන් අල්ලයි පෞද්ගලික ආනයනකරුවකු පාකිස්තානයෙන් ආනයනය කළ බව කියන භාස්මතී සහල් කන්ටෙනර් 40ක් පරික්ෂාවට ලක් කළ සෞඛ්‍ය අංශ එම සහල් කෑමට නුසුදුසු මට්ටම පවතින බවට තහවුරු කරගෙන ඇත. 15 October 2021
කොළඹ උසස් පෙළ සිසුන්ට එන්නත ලබාදීම ඇරඹෙයි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල සිසුන් සඳහා ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ වැඩසටහන අද (15) ආරම්භ විය. 15 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026