පෞද්ගලික බස්රථ හිමියන්ට සහන පැකේජයක් කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසර එකහාමාරක කාලයක් අස්ථාවර වු පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා පෞද්ගලික බස්රථ හිමියන් 20,000කට සහන පැකේජයක් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 14 October 2021
ගුරු - විදුහල්පතිවරුන්ට පාරිපාලන සේවයට එක්වන්න අවස්ථාව ගුරු - විදුහල්පති හා ගුරු උපදේශක සේවාවන් සංවෘත්ත සේවාවක් කර දීප ව්‍යාප්ත සේවාවල වැටුප් ලබා දෙන ලෙසට ගුරු - විදුහල්පති සංගම් අද (14) දහවල් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලා සිටියේය. 14 October 2021
මෙහෙකාර දැරියගේ සිද්ධියටත් බදියුදීන්ට ඇප මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන ජූඩ් කුමාර් ඉශාලිනී දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) නියෝග කළාය. 14 October 2021
වසන්ත ප්‍රිය රාමනායක දිවි ගමනෙන් බැසයයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂකවරයෙක්, ජනප්‍රිය දේශපාලන විචාරකයෙක් මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත විය. 14 October 2021
උත්සවවලට සෞඛ්‍ය නීති ලිහිල් වෙයි විවාහ මංගල්‍ය උත්සව , අවමංගල්‍ය උත්සව අවන්හල්, රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්රණ සඳහා ක්‍රියාත්මක කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට (15) සිට තවදුරටත් ලිහිල් කෙරේ. 14 October 2021
බදියුදීන්ට ඇප පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස හයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (14) නියෝග කළේය. 14 October 2021
අලුත් මිලට කිරිපිටි අද සිට නව මිල යටතේ කිරිපිටි හෙට (15) සිට මිලදී ගතහැකි බවත් නව මිල සටහන් කළ කිරිපිටි තොග අද වෙළෙඳපොලට නිකුත් කරන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය. 14 October 2021
සුදු ලූනු වංචාවේ පිරිසට ඇප සුදුලූනු වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත් කර සිටි ලංකා සතෝස නිලධාරින් සිව් දෙනා සහ ව්‍යාපාරිකයා එක් අයකුට ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි වත්තල මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා නියෝග කළේය. 14 October 2021
විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ මේ වන විට උද්ගත වී ඇති තත්වයට රජයෙන් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වර්ජනයකට යෑමට තීරණය කළ බවත් රජය දක්වන ප්‍රතිචාරය අනුව වර්ජනය ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණය වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුකරු රංජන් ජයලාල් මහතා පැවසීය. 14 October 2021
කටපුංචා උණවටුනේ වැඩ උණවටුන හීනටිගල ප්‍රදේශයේ දී මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරාදූව පොලිසිය කියයි. 14 October 2021
දුරකථන අංකය වෙනස් නොකර ජාලය වෙනස් කිරීමට අවසර දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයකට මාරුකිරීමේ පහසුකම් (භමපඉැර ඡදරඒඉසකසඑහ) ලබාගැනීම සඳහා අනුමැතිය ලැබුණු බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසයි. 14 October 2021
ස්පුට්නික් එන්නතට තවමත් අනුමැතිය නෑ රුසියාවේ ’ස්පුට්නික් 5’ කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත, හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කිරීම ප්‍රමාද වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 14 October 2021
එජාප මහලේකම්ගෙන් හිටපු ජනපතිට චෝදනා පත්‍රයක් ? යහපාලන ආණ්ඩුවට රට ඉදිරියට ගෙන යෑමට බාධා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිවුවැදෑරුම් චෝදනා පත්‍රයක් මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය. 14 October 2021
“කිරි පිටි ඇතුළු ආහාර වරායෙන් ගන්න ඩොලර් දුන්නා’’ ආනයනික කිරි පිටි ඇතුළු කිරි ආහාර වරායෙන් නිදහස් කිරීම සඳහා ඩොලර් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි. 14 October 2021
ගැබිණි අම්මලාගේ පෝෂණයත් නවතී ලංකා සතොසින් මෙතෙක් ලබාදුන් ගර්භණී මව්වරුන්ගේ පෝෂණ දීමනා භාණ්ඩ මල්ල අත්හිටුවා ඇති බව ලංකා සතොස උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 14 October 2021
ඉගිල්ලෙන්න හයි කැපැසිටියක් ගත් දෙදෙනෙක් මාට්ටු මෙරට ධාවනයට තහනම් ලියාපදිංචි නොකළ අධි බල යතුරුපැදියක් මිලදීගෙන වෑන් රථයක පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු සමග වෑන් රථයද ගැලනිගම අධිවේගී පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි 14 October 2021
බැංකු පොලී අනුපාතවල වෙනසක් නෑ ශ්‍රී ලංකා මහ බැංකුව සිය බැංකු පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. 14 October 2021
‘‘පැන්ඩෝරා මෙන්ම පැනමා ගැනත් සොයන්න‘‘ පැන්ඩෝරා සහ පැනමා පත්‍රිකා මගින් හෙළිදරව් කොට ඇති නීති විරෝධී අයුතු විදේශ ආයෝජනයන් හා තැන්පතු කරුවන් පිළිබඳව තරාතිරම නොබලා පරීක්ෂණයක් කොට ඔවුනට විරුද්ධව කටයුතු කරන්නැයි ’’රට රකින ජන හඬ’’ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. 14 October 2021
ඖෂධ අධිකාරියේ දූෂණ වාර්තාවෙන් එළියට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව හෙළිදරව් කර ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 14 October 2021
ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 23ක් අල්ලයි යාපනය පේදුරුතුඩුව සහ වෙත්තලකේනි අතර මුහුදු තීරයට අනවසරෙයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 23 දෙනකු ධීවර යාත්‍රා දෙකක් සමගින් අද අලුයම අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 14 October 2021
රිය අනතුරු ගැන කෝපා කමිටුවෙන් අලුත් හෙළිදරව්වක් රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයකුට ප්‍රතිකාර ලබාදීමට අවම වශයෙන් රජයට රුපියල් ලක්ෂ දහයකට වැඩි මුදලක් වැය වන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) පවසයි. 14 October 2021
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) මද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 14 October 2021
’’පාම් ඔලේන්’’ තෙල් ගෙන්වීමේදී රජයට කෝටි 613 ක පාඩුවක් ආනයනය කෙරුණු ’’පාම් ඔලේන්’’ තෙල් තොගයක් ශ්‍රී ලංකා රේගුව වැරදි අංකයක් යටතේ නිෂ්කාශනය කිරීම නිසා රජයට රුපියල් කෝටි 613 ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 14 October 2021
ඇම්බියුලන්ස් හෙදිය රන්මාලයට විදලා විශ්‍රාමික ආදායම් බදු කොමසාරිවරයකුගේ බිරියක රෝගාතුර වී රෝහලට රැගෙන යාමට ආ සුවසැරිය ගිලන් රථයක හෙදියක රෝගි කතගේ ගෙළෙහි වූ ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් සොරාගත් බව කියන සිද්ධියක් මිරිහාන පොලිසියෙන් වාර්තා වෙයි. 14 October 2021
නෝර්වේ රටේ දුනු ඊතල ප්‍රහාරයක් දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු කළ පහරදීමකින් නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවර පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් දෙදෙනක් තුවාල ලැබූහ. 14 October 2021
මියුරු හඬින් ලොවක් පිනවූ ‘‘මැණිකේ‘‘ මාධ්‍යයට කියූ දේ ’’ පරාජය භාර ගන්න සූදානම් වන්න . එතැනින් ඉදිරියට යන්න පුළුවන්.’’ යැයි ජාත්‍යන්තරව ප්‍රසාදයට පත්ව සිටින ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා මෙනෙවිය අද සවස ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියාය . 13 October 2021
ආදායම් බදු කාර්යාලයත් පැන්ඩෝරා නම් ගැන සොයන්න යයි ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ආදායම් බදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 13 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 167ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 167 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 13 October 2021
සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙක් සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 13 October 2021
නීතිපතිගේ තීරණය බල ශූන්‍ය කරන්නැයි රිට් පෙත්සමක් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලශූන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ එම ළමයින්ගේ මව්පියෝ හතර දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ අද රිට් පෙත්සමක් ගොනු කළහ. 13 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026