(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විවිධ පියවර ගෙන ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (17) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පදිංචිව සිටින ස්ථානවලට අමතර ආරක්ෂාව සැලසීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදීත් පිටව යෑමේදීත් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවත් කතානායකවරයා පැවසුවේය.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇතැයි කී අබේවර්ධන මහතා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඒ අනුව කටයුතු කර ඇතැයිද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් පැන නැගී ඇතැයි කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන කතානායකගෙන් ප්‍රකාශයක්
දාස Tuesday, 17 May 2022 02:40 PM
හොරුන්, තක්කඩින් ආරක්ෂා කරන එකම දූපත...!