උත්සව පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා පැවසීය. 13 October 2021
රිෂාඩ්ගේ ජංගම දුරකතන නඩුව විභාගයට ජංගම දුරකථනයක් සන්තකයේ තබා ගත් සිද්ධියට අදාළව තමන් නිවැරදිකරු බව කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයෙහි මහේස්ත්රාත්තුමා ඉදිරියේ අද (13 ) සඳහන් කර ඇත.. 13 October 2021
කාබනික පොහොර මෙට්‍රික්ටොන් 20,000ක් කොළඹ වරායට රජයේ පොහොර ආයතන දෙකක් ආනයනය කළ කාබනික පොටෑසියම් පොහොර මෙට්‍රික්ටොන් 20,000 සහිත නැවක් අද (13) කොළඹ වරායට ළගා වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා පවසයි. 13 October 2021
පරණ නීති 60ක් අලුත් කරන්න යයි යල්පැන ගිය නිතී 60ක් හඳුනාගෙන ඒවා වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. 13 October 2021
බස්නාහිර ලයිසම් ගැටළුව 15 වැනි දායින් අවසන් පරිගණක පද්ධතියේ බිඳවැටීම් හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහනවල (මෝටර් බයිසිකල් හා ත්‍රී රෝද රථ හැර අනෙකුත් වාහන) වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 15 වන සිකුරාදා දින සිට නැවත ආරම්භ කරන බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 13 October 2021
කොරෝනා කරලත් ගෙන්න යයි කොවිඩ් මර්දනය සඳහා ලෝකයේ බොහෝ රටවල් භාවිතා කරන මොල්නුපිරවියා (molnupiravir) නමැති ඖෂධීය කරල මෙරට භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. 13 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 513ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 513 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 13 October 2021
අසාද් සාලි ලබන 25 මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක් ජාතීන් අතර අසමගිය ඇති ඇති කළ බවට චෝදනා ලැබ සිටින හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රනරාජා මහතා බන්ධනාගාර අධිකාරිවරයාට අද 13 නියම කළේය. 13 October 2021
කොවිඩ් මරණ 31ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 October 2021
ස්වර්ණමහල් ආයතනයේ ව්‍යාපාර කටයුතුවලට තාවකාලික අවසරයක් මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර ඇත. 13 October 2021
පස් මාසයක් තිසසේ කොරෝනා රෝගීන්ට කෑම පිසින හිමියෝ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සියලු කොරෝනා රොගීන්ට පස් මාසයක් තිස්සේ දිවා ආහාරය ලබාදීමට කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමක් මිනුවන්ගොඩින් අපට හමුවිය. 13 October 2021
ජනපති - සුබ්‍රමනියම් ස්වාමි අතර විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ භාරතීය ජනතා පක්ෂයේ නායක, ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහත්වරුන් අතර සුහද හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (13) පෙරවරුවේ පැවැත්විණ. 13 October 2021
“සියල්ල අමතක කර දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න’’ මේ මොහොතේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම බැවින් රට සහ රටේ අනාගතය වෙනුවෙන් සියල්ල අමතකර කර නොමිලේ හරි උගන්වනවා කියා දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නැයි තමන් ගුරුවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කොට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 13 October 2021
මාර්ග තදබදය අවමකරන්න විකල්ප මාර්ග භාවිත කරන්න නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවමකිරීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් කර තිබේ. 13 October 2021
පනත් දෙකකට කතානායකවරයාගේ සහතිකය ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට සහ සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (13) සටහන් කළේය. 13 October 2021
ළමා රෝහලේ කොවිඩ් වාට්ටු 2ක් සාමාන්‍ය ප්‍රතිකාරවලට නිදහස් කරයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සඳහා වෙන් කෙරුණු වාට්ටු පහෙන් ප්‍රධාන වාට්ටු දෙකක් සාමාන්‍ය ප්‍රතිකාර සඳහා නිදහස් කෙරුණු බව එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2021
“කොරෝනා පාලනයට යුද හමුදාව දුන් සහය අගය කළ යුතුයි’’ ‘කොවිඩ්-19’ කළමනාකරණයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව කළ කාර්යභාරය නිල වශයෙන් අගය කළ යුතු යැයි ඉන්දීය යුද හමුදා මාණ්ඩලීක ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද (13) පැවැසීය. 13 October 2021
වෛද්‍ය වෘත්තිකයන්ගේ ගැටලු ඇමතිට කියයි වෛද්‍ය වෘත්තිකයන් කාලයක් තිස්සේ මුහුණ දෙන සැබෑ වෘත්තිය ගැටලු, ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්ගේ ගැටලු සහ ජාතික රෝහලේ රෝගී සත්කාර සේවාවන් ඉහළ නැංවීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය. 13 October 2021
ජීවන වියදම වැඩියි: වහා පඩි වැඩි කරනු ජීවන වියදම සියයට 200කින් වැඩි වී ඇති හෙයින් මෙවර අයවැයෙන් ජනතාවගේ පඩි වැඩි කරන්නැයි ආණ්ඩුවට බල කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (13) පැවසීය. 13 October 2021
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි සිවුදින නිල සංචාරයක සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවනේ මහතා අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා පැවැත්වීය. 13 October 2021
බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ජීව අත්බෝම්බයක් බෙල්ලන්විල රජමහා විහාර භූමියේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ. 13 October 2021
අර්ජුන් මහේන්ද්‍රන් නැතිව මහබැංකු නඩුව විභාගයට අවසර මහ බැංකු බැඳුම්කර වංචා කළ බවට චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ටෙශර සමාගමේ හිටපු අධ්යක්ෂවරයා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සාක්කි මෙහෙය වන ලෙස පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නීතිපතිවරයාට නියම කළේය . 13 October 2021
පොලිස් ඔත්තුකරුගේ දුරකතනය කොල්ලකෑ එස් අයි ගේ වැඩ තහනම් මහ මග ගමන් කරමින් සිටි පොලිස් ඔත්තුකරුවකුට පහරදී ඔහුගේ ජංගම දුරකතනය කොල්ලකෑ බව කියන කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 13 October 2021
එල්.පී.එල්. පළමු වටය කොළඹට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙවැනි වරට සංවිධානය කරන ‘ලංකා ප්‍රීමියර් ලීග්’ (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර තිබේ. 13 October 2021
21දා සිට දුම්රිය වාර 130ක් පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත මේ මස 21 වැනිදා සිට දුම්රිය ධාවන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. 13 October 2021
පාසල් විවෘත කිරීමට පෙර විශේෂ පෙරහුරුවක් පාසල් කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් පාසල් විවෘත කිරීමට පෙර පැවැත්වීම කෙරෙහි සෞඛ්‍ය අංශවල අවධානය යොමුවී ඇත. 13 October 2021
ඇලහැර ව්‍යාපාරයේ ගොවියෝත් පාරට බසිති රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600 වැඩි පිරිසක් අද දින බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ. 13 October 2021
ඉන්දීය යුද හමුදා ප්‍රධානී ආරක්ෂක ලේකම් හා යුද හමුදාපති හමුවෙයි මෙරට නිල සංචාරයක නිර. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා අද (13) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් හමු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. 13 October 2021
හිටපු නාවික හමුදාපතිට එරෙහි අධි චෝදනා ඉවත් කර ගනී හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 13 October 2021
කෝප් කමිටු වාර්තා ගැන මැතිසබා විවාදයක් 22 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) වාර්තා පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 22 වැනිදා දවස පුරා පවත්වන බව එම කාරක සභාවේ සභාපති, මහාචාර්ය චරිත හේරත් මහතා ලංකාදීපයට පැවැසීය. 13 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026