(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර සිටි අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන අමල් සිල්වා ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා අතර මොරටුව මහ නගර සභාවේ නගර සභාවේ සේවකයෙක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මොවුන් තිදෙනා ඊයේ රාත්‍රියේ මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෝරු, මෝරු පැත්තකට දාලා හාල්මැස්සන් ටිකක් අත්අඩංගුවට අරගෙන ෂෝ එකක් දාන්න හදන්නේ. අනේ අපේ රටේ ඉන්න සමහරක් ගොබ්බ මිනිස්සුන්ට මේවා මැජික් වගෙයි. අපේ දේශපාළුවන් තාමත් හිතන් ඉන්නේ රටේ ජනතාව ඔවුන් වගේ ගොබ්බයින් කියලා. දැන් ඉතින් රටේ ජනතාව රවට්ටන්න කලින් තරම් පහසු නැහැ මහත්තයෝ... ඒත් සමහරක් රැවටෙන අය ඉන්නවා..