IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ කමිටු කාමරයක්  අසලදී අද (17)  උදෑසන  වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී  පහරදීමට තැත් කර ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනු ලැබ ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධිය නිසා එහි  දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

සිද්ධියට මුහුණ දුන්නේ  පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ  සභාපති  ස්වර්ණවාහිනී ආයතනයේ  ප්‍රගීත් පෙරේරා සහ සිරස මාධ්‍ය ආයතනයේ කසුන් සමරවීර  යන ජනමාධ්‍යවේදීන් දෙදෙනාය.

මන්ත්‍රීවරුන් දෙදෙනා " උඹලා තමයි ඔක්කොම කළේ" යනුවෙන් පවසමින් මාධ්‍යවේදීන් දෙදෙනාට මෙලෙස පහරදීමට උත්සාහ දරා ඇතැයි කියති.

මේ සිද්ධියෙන් අනතුරුව  ඉන්දික අනුරුද්ධ සහ ඩී  වීරසිංහ යන මන්ත්‍රීවරුන් දෙදෙනා ජංගම දුරකථන දෙකක් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතානායකවරයා අසලට පැමිණ බාරදෙනු දැකගත හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ මන්ත්‍රීවරු සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූහ.

හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන -

පාර්ලිමේන්තු පරිශ්‍රයට මන්ත්‍රීවරැන් සහ කාර්ය මණ්ඩලයේ නොවන කිහිප දෙනෙකු ඇවිත් දුරකතනවලින්   පාර්ලිමේන්තුව වීඩියෝ කරනවා. කමිටු කාමරයේ අපේ ආණ්ඩු පක්ෂයේ රුස්වීම තිබුණු ස්ථානයටත් පැමිණියා. එය   මන්ත්‍රීවරැන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් . කවුද ඒ පිරිස කියලා වහාම හොයලා බලලා අනාවරණය කරන්න.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත -

මේ මන්ත්‍රීවරැන් සියලුදෙනා රුස්වුණේ විශාල ප්‍රශ්න සමග. අපි දන්නවා ජනමාධ්‍යවේදීන්ට මේ පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන දේවල් එළියට ගිහින් වාර්තා කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අද අපි දැක්කා ආණ්ඩු පක්ෂයේ රුස්වීම ඉවර වෙලා එද්දි,  දෙදෙනෙක් කුඩා දුරකථන දෙකක් අරගෙන  වීඩියෝ කරනවා. මම කතානායකතුමාගෙන්  දැනගන්න කැමතියි පාර්ලිමේන්තුවේ සෑම තැනැක්ම ඔය කියන අයට අවශ්‍ය පරිදි වීඩියෝ කරන්න පුලුවන්ද? මේ සම්බන්ධයෙන් සොයා බලන්න.



අදහස් (2)

මන්ත්‍රීවරු දෙදෙනකුගෙන් මාධ්‍යවේදීන් දෙදෙනකුට පාර්ලිමේන්තුවේදී හිරිහැර

wahaldeepe Tuesday, 17 May 2022 01:44 PM

ම්ම්... දැන්වත් ඔය ජනමාධ්‍යවේදීන් කියන කට්ටිය වහල් භාවයෙන් මිදිලා ශිෂ්‍යත්වයක් කියලා දෙයක් තියෙන බව හිතුවොත් හොඳයි..!

:       0       0

Sisil Tuesday, 17 May 2022 02:08 PM

හොර, බොරු, වංචා, දූෂණ, මැරකම්, කුපාඩිකම් කරලා නැත්නම්, වීඩියෝකළාට මොකටද බය වෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 235 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 429 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site