(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් අර්බුදකාරී තත්ත්වය නිසා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම තර්ජනයක් වන හෙයින් සියලු මන්ත්‍රීවරුන්ගේ දේපොළ සහ දේපළ සහ ජීවිත ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පොලිස්පතිට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව කී කතානායකවරයා මන්ත්‍රී වරුන්ගේ මෙන්ම ඔවුන් පදිංචි පදිංචි ස්ථාන වල ආක්ෂාව වැඩි කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස දැනුම් දුන් බවද කතානායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන ජීවිතය සුරක්ෂිත නම් සහ ඔවුන්ගේ සුභසාධනය ක්‍රමවත් නම් මන්ත්‍රී ලට ජනතාවගෙන් ආරක්ෂාවීමට අවශ්යය එව්න්නේ නැත මන්ත්‍රීලාගේ ( මොවුන් මහජන නියෝජිතඉන් නෙමෙයි ) අමතර දීමනා කප්පාදු කරනු...
දැන්වත් මන්ත්‍රීලගෙ වත්කම් හෙලිවේයි ද දන්නෙ නැහැ
ජාතික ධනය හොරාකාපු අය රකින්න. ඔබලාගේ ඔක්කොගේම කිල්ලෝටවල මහාපරිමාණයෙන් හොරාකාපු රාජ්‍ය දේපළ තියෙනවා. ඒකයි ජනතාව තමුන්නාන්සේලාට විරුද්ධ...
මිනිස්සු එක්ක එකට වැඩ කරන්න බැරි හොර දෙටුවන්ට මොන ආරක්ෂාවද?
මොකද ඒ ගොල්ලන්ට විතරක් අලුත් නීතියක්? මහජනයාගේ දේපල සහ ජීවිත ආරක්ෂා කරන්න තරම් වටින්නේ නැද්ද?
ඔය කියන කට්ටියගෙන් පොදු ජන ජීවිත රැකගන්න කාලය උදා වෙලා
ඕක හදිසි නෑ... හොරකම, වංචාව නැතිකරන සිස්ටම් එකක් හදන්න දැන්වත්..
හොරකම් කරන්නෙ නැතිව ඉන්න කියන්න එතකොට ඉබේම දේපල රැකෙයි
මෙයාලාව රකින්නම වැඩේ. ගහලා පන්නලා දානවා මිසක්.... රට කෑවා..!
මෙයාලාව රකින්න අවශ්‍ය නෑ. මහජනතාව තමයි රකින්න ඕනෑ. මෙයාලව වලට තමා යවන්න ඕන... රට විනාශ කරපු හින්දා..