
(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස ඇතුලු දේපළ අහිමිවූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම තමාගේ පළමු රාජකාරිය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම ප්‍රචණ්ඩ ක්‍රියා කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස රාජකාරි ආරම්භ කරමිනි.
එම තනතුරේ වැඩ බාර ගැනීමේ ලිපිය ප්‍රසන්න රණතුංග මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න මහතාට අද (16) උදේ බාර දුන්නේය.
පසුගියදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 74 දෙනකුගේ නිවාස ඇතුලු දේපළවලට හානිසිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉස්සෙලාම ඔයාලගේ වැඩ ටික කරගන්න රටේ ජනතාව පත්වෙලා තියෙන අපහසුතාවය ගැන පස්සේ බලන්න පුළුවන්.