IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 කගෙන් හෙට සී.අයි.ඩී යට ප්‍රකාශ

(ඉන්දිකා රාමනායක)

අරලියගහමන්දිරය   ඉදිරිපිට    සහ ගාලුමුවදොර  දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකුගෙන්  හෙට (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , පවිත්‍රා වන්නිආරච්චි, සංජීව  එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන , සී බී රත්නායක, ඉන්දික අනුරුද්ධ    යන මහත්ම මහත්මීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් කණ්ඩායම් 5 ක් අද (17) මොවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට  පාර්ලිමේන්තුව ගියද ප්‍රකාශ ලබා ගැනීමට හෙට (18) දිනයේ එකග වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගලකරුවන්ට පහරදීමේ   සිද්ධිය   සම්බන්ධයෙන්     ප්‍රමාණවත් සාක්කි ඇති  නම්   මෙතෙක් හදුනාගෙන ඇති මන්ත්‍රිවරුන් ඇතුලු සැකකරුවන් 22   අත්අඩංගුවට ගැනීමට   කටයුතු කරන ලෙසට   ඊයේ  (16)  නීතිපතිවරයා   විසින් පොලිස්පතිවරයා වෙත සහ    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට   ලිඛිතව දැනුම් ද ඇත.



අදහස් (1)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 කගෙන් හෙට සී.අයි.ඩී යට ප්‍රකාශ

අයි. නන්දික Wednesday, 18 May 2022 06:18 AM

මාධ්‍ය මගින් සජීවව දර්ශනය කළ තොරතුරු අනුව පැහැදිලිවම මේ මන්ත්‍රීවරුන් හයදෙනා බීමත් පොහොට්ටු පාක්ෂිකයින් පොළඹවන ආකාරය මුලු ‌ලෝකයටම දැකගත හැකිවිය. එසේනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර, වෙනත් සාමාන්‍ය සැකකරුවන්ට සලකන ආකාරයටම සැලකීමක් නොකරන්නේ ඇයි? නීතිය සැමටම එකක් විය යුතුයි. ඔවුන් මන්ත්‍රීවරුන්, රාජපක්ෂ හිතවාදීන් කියා වෙනසක් නොකළ යුතුයි. නැතහොත් ජනතාවගේ නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 872 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site