‘කන්න දුන්න පාන් කෑල්ලෙන් උප සභාපතිට ගහයි‘ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06) දා පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය. 06 April 2022
ඖෂධ ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පාරට බසිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට ගමන් ආරම්භ කර තිබේ. 06 April 2022
ඩීසල් ඉල්ලා කොළඹ-හලාවත මාර්ගය මූදුකටුවෙන් වහයි මාරවිල මූදුකටුව ඉන්ධන හලට දින 13 කින් ඩිසල් නොලැබිමට විරෝධය පා අද (6) උදෑසන සිට කොළඹ හලාවත මාර්ගය මූදුකටුව ඉන්ධන හල අසලින් වසා දමා ඇති බව මාරවිල පොලිසිය කියයි. 06 April 2022
ජනපතිගේ ඉල්ලීම ශ්රීලනිපය ප්‍රතික්ෂේප කරයි යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 06 April 2022
අවුරුද්දට යකඩ යකා ගමේ නොයයි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය. 06 April 2022
පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 06 April 2022
ඉදිරියේදී මීට වැඩි ආහාර හිඟයක් ඇති වේවි අද දවසේ පවතින ඉන්ධන ගෑස් හා විදුලිය විදුලිය හිඟයට වැඩි ආහාර හිඟයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවත් එය සිදුවන්නේද නොවන්නේද යන්න තීරණය වන්නේ මේ සභාවේ සියලු දෙනාගේ හැසිරීම අනුව බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 April 2022
‘දුම්රිය හරස් මාර්ගවල ගමන් කිරීම පරිස්සමෙන් විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ග බාධක ක්‍රියාත්මක නොවීම නිසා එම කාලයේදී හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී ඉතා අවධානයෙන් ගමන් කළ යුතු බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. 06 April 2022
උද්ඝෝෂණය අස්සේ අනුරගේ වාහනයට නැග්ගේ කවුද ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් ඩබ්ල් කැබ් රථයට උද්ඝෝෂණකරුවන් අතර සිට නැගි හෙල්මටයක් පැලඳ ගත් පුද්ගලයා කවුදැයි වහාම සොයා බලන්නැයි තමා කතානායකවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 April 2022
පාර්ලිමේන්තු සභා ගර්භයේ විපක්ෂයේ විරෝධතා රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කර විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආරම්භ කළහ. 06 April 2022
‘ජනාධිපතිතුමා කොහෙත්ම ඉල්ලා අස්වන්නේ නෑ‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 April 2022
පාසල් අධ්‍යයන කාලය පැයකින් දීර්ඝ කරයි රජයේ පාසල්වල දෛනික අධ්‍යයනය කාලය පැයකින් දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 April 2022
ජනපති ශ්‍රීලනීපයෙන් කළ ඉල්ලීම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයෙන් සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයෙන් ඉවත් නොවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇත. 06 April 2022
අදත් සවස තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 06 April 2022
නිරූපමා රට යයි නිරූපමා රාජපක්ෂ මහත්මිය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සනාථ කළහ. 06 April 2022
හදිසිය ඉවතට මහජන හදිසි නීතිය ඊයේ (5) සිට ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය. මහජන හදිසි නීතිය ඊයේ (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරමින් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 06 April 2022
තීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයි රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 05 April 2022
චමල් සාඨකය නැතිව මැතිසබයට දුඹුරු පැහැති සාටකයකින් නිතර සැරසී සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සාටකය රහිතව පාර්ලිමේන්තු සභා ගර්භයට අද පැමිණ සිටීම විශේෂ සිද්ධියක්විය. 05 April 2022
ආසාදිතයන් 113 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිතයින් තව 113 දෙනෙක් අද (5) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 05 April 2022
අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක් විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි. 05 April 2022
කලකින් කොරෝනා මරණවලට තිත කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (4) දින වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. 05 April 2022
මිරිහානේ සැකකරුවන්ට ඇප මිරිහාන,පැගිරිවත්ත ප්‍රදේශයේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ආසන්නයේ සිදුකළ විරෝධතාව අතර තුර රාජ්‍ය දේපෙළවලට හානි කළැයි අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ පසුවු සැකකරුවන් තිස් එක්දෙනකු එක් අයෙකුට ලක්ෂ විසිපහ බැගින් වන ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද අද නියෝග කළේය. 05 April 2022
ජනාධිපති-ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේ දී මේ වන විට පැවැත්වේ 05 April 2022
සෞඛ්‍ය සේවකයෝත් පාරට බසිති රජයට විරෝධය දැක්වීම සහ සෞඛ්‍ය ක්ෂේත්රය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට එරෙහිව සෞඛ්‍ය සමිති එකමුතුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (5) විරෝධතාවක් පැවැත්වීය. 05 April 2022
ආණ්ඩුවට බහුතරය තියෙනවා පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන්නේ ආණ්ඩුවට යැයිද ආණ්ඩුවට බහුතරය නැතැයි විපක්ෂය කියනවා නම් විපක්ෂයේ බහුතරය ඉදිරිපත් කරන්නැයි ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 April 2022
ලැබුණු එළවලු දඹුල්ලේ වේලෙයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද ( 05 ) එළවළු කිලෝ ලක්ෂ තිහකට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවත් එහෙත් එළවලලු මිලදී ගැනීමට පමිණෙන පිටස්තර වෙළඳුන් ගේ අඩුවීම හේතුවෙන් එළවලළු මිල පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය කියයි. 05 April 2022
ආටිගල ඉල්ලා අස්වෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම්.එස්.ආර්.ආටිගල මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. 05 April 2022
තිස්ස ජනනායකත් සමාව ඉල්ලයි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබේ. 05 April 2022
අලුත් මුදල් ඇමැති බන්දුල? නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත්වීමට නියමිතය. 05 April 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026