කුසිනාරාවට ජාත්‍යාන්තර ගුවන්තොටක් ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ මෙම මස 20 වැනි දින අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙන අතර ඊට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතය 17 October 2021
කෘෂි ඇමැතිට විශ්වාස භංගයක් පොහොර කලට වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 17 October 2021
රට රටවල කොරෝනා ගැන වාර්තා ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 17 October 2021
වස බී මියගිය ඉරාන රැඳවියන්ගේ සිරුරු ඥාතීන් එන තෙක් සුරක්ෂිතව තබයි කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ දී විෂ වර්ගයක් පානය කිරීමෙන් මියගිය ඉරාන් ජාතික රැදවියන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන තෙක් සුරක්ෂිතව රඳවා තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත අද (17) නියෝග කළාය. 17 October 2021
පොලිසියේ දෙන්නාට ගැසු අපරාධකරු රිමාන්ඩ් රාත්‍රී පාමුර සංචාරයේ යෙදී සිටි මෝදර පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට පිහියෙන් ඇන බරපතළ තුවාල කළැයි අත්අඩංගුවට ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරු ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය නියෝග කළාය. 17 October 2021
කොරෝන මරණ 12 දක්වා අඩු වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (16) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය. 17 October 2021
නීති කඩා රෝන්දේ ගිය වාහන 911 පන්නා දමයි බස්නාහිර පළාතේ සිට කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දකුණු පළාතටත් ප්‍රධාන මාර්ග ගණනාවකින් තවත් පළාත් කිහිපයකටත් සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් නීති විරෝධීව ගමන් ගත් වාහන 911 ක් පොලිස් මුර කපොලු කිහිපයකදී දැඩි ලෙස පරීක්ෂාකර ආපසු හරවා යැවීමට කටයුතු කළ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවැසීය. 17 October 2021
පාසල් සිසුන්ට කිරි වෙනුවට කැඳ පාසල් සිසුන් සඳහා කිරි වීදුරුවක් ලබා දීම වෙනුවට දේශීය සහල් වලින් පිළියෙල කරන ලද කැඳ වීදුරුවක් ලබා දීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත. 17 October 2021
21 ඇරැඹෙන පාසල්වට අලුත් පිරිසක් ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරා දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ. 17 October 2021
ගව ඝාතනය කඩිනමින් නතර කරන්න යයි ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය සම්පුර්ණයෙන් තහනම් කිරීමට ගත් තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. 17 October 2021
නියාමක තාත්තාට - පුතාට දැලි පිහි ප්‍රහාරයක් බන්ධනාගාර නියාමකවරයකු සහ ඔහුගේ පුතා දැලි පිහියකින් කපා තුවාල සිදු කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අද(17 ) අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි. 17 October 2021
පාසල් අරින්න පොලිසියේ සහායත් ගන්න යයි පාසල් ආරම්භ කිරීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දායකත්වය ලබාදිය යුතු අතර විදුහල්පතිවරුන් හමුවී පාසල් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි පොලිස් මූලස්ථානය පොලිස් ස්ථානාධිපතිවරුන්වෙත දැනුම් දී තිබේ. 17 October 2021
උපකාරක පන්ති නොවැම්බර් 1 වැනිදා ඇරඹෙයි ? පෞද්ගලික උපකාරක පන්ති ලබන නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකයන්ගේ සංගමයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. 17 October 2021
මාතර මුහුදු වෙරළට මැරුණු මාළු ගොඩගහලා මාතර පොල්හේන මුහුදු වෙරළ තීරයට මියගිය මසුන් ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ. 17 October 2021
ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට ඇමරිකාවේ නිෂ්පාධිත බෝර 12 ගිනි අවියක්, ඒ සදහා යෙදිය හැකි උණ්ඩ 01ක් හා මෙරට නිෂ්පාදිත බෙහෙත්කොටන තුවක්කුවක් සමග සැකකරුවකු රත්ගම පන්විල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි. 17 October 2021
මාධ්‍යවේදීන්ට පාර්ලිමේන්තු යන්න අවසර පාර්ලිමේන්තුව ආවරණය සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ආයතන විසින් නම් කෙරුණු සියලුම මාධ්‍යවේදීන්ට එම ආවරණ කටයුතු සඳහා අවසර දීමට තීරණය කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 17 October 2021
රට විවෘත කරන දින සිට අන්තර් පළාත් දුම්රියත් ධාවනයට පළාත් සංචරණ සීමා ඉවත්කිරීමත් සමඟ ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බවත් එදින සිට දිනකට ගමන් වාර 128 ත් 130 ත් අතර සංඛ්‍යාවක් ධාවන කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 17 October 2021
මාතර රෝහලේ වරදින් කෝටි 3 ක් වතුරේ මාතර මහ රෝහල ඇතුළු අනුබද්ධ ආයතනවලට පවිත්‍රතා සේවය ලබාගැනීම සඳහා ශ්‍රම පිරිවැය ගණනයේදී සිදුවූ වරදක් නිසා රුපියල් තුන් කෝටියකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට පසුගියදා බාරදුන් වාර්තාවක සඳහන් වෙයි. 17 October 2021
කොරෝනාවෙන් මැරුණැයි කීවත් ව්‍යාපාරිකයාට කොරෝනා නෑ කොරෝනා ආසාදිතව මියගිය ඇඹිලිපිටිය ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාගත් පී.සී.ආර් වාර්තාවේ පිටපතෙන් තහවුරු වී ඇතැයි ඔහුගේ පියා ඇඹිලිපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 17 October 2021
අධිවේගයත් ඉලෙක්ට්‍රොනික වෙයි අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික ගාස්තු එකතු කිරීමේ (Electronic Toll Collection) කුටි ඉදිකිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 17 October 2021
බණ්ඩාරගමදී මහ දවල් තරුණයන් දෙදෙනකුගේ දෑත් කපයි බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේදී විශාල පිරිසක් බලා සිටිද්දී තියුණු ආයුධයකින් පහරදී තරුණයන් දෙදෙනකුගේ දෑත් කපා ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 17 October 2021
ඉන්දු-ලංකා යුද අභ්‍යාසයේදී අනතුරකින් මේජර් රෝහලේ ඉන්දු ශ්‍රී ලංකා , මිත්‍ර ශක්ති, ඒකාබද්ධ යුද අභ්‍යාසය පුහුණුව යටතේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ දී පුහුණු කරන අතරතුරදී අනතුරකින් 6 වැනි ඉංජිනේරු බලකායේ මේජර් වරයකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය කියයි. 17 October 2021
‘‘පාස්කු බෝම්බයේ දේශපාලකයන් කියන්න‘‘ පාස්කු ඉරුදින එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් පමණක් නොවන බවත්, දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ කවුද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 17 October 2021
තිස්සෙන් ගිනි අවි කම්හලක් තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි සෑදූ පුද්ගලයකු එම කම්හලේ නිෂ්පාදනය කරනු ලැබූ ගිනි අවි පහක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි. 17 October 2021
අනවසර විදුලි රැහැනක පැටලී දැරියක සහ තරුණයකු මරුට කොලොන්න පිටවෙළ ප්‍රදේශයේ දී දැරියක සහ තරුණයකු අනවසර විදුහිල රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 October 2021
මුලතිව් ළිඳකින් උණ්ඩ 1529ක් මුලතිව්, තීර්තකරෙයි ප්‍රදේශයේ පැරණි ළිඳක තිබි ටි.56 වර්ගයේ පතරොම් 1529ක් සොයාගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 October 2021
තෙල් ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු පැවසීය. 17 October 2021
‘ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව සකස් කර අවසන්‘ ග්‍රාම නිලධාරීවරුන්ගේ සේවා ව්‍යවස්ථාව සකසා අවසන් බවත් එය ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය. 17 October 2021
ඉන්දියාවෙන් නාඩු සහල් තොගයක් අද එයි ඉන්දියාවෙන් ඇනවුම් කළ නාඩු සහල් මෙට්‍රික්ටොන් 30000 න් කොටසක් අද (17) කොළඹ වරායට ළඟාවීමට නියමිත බව වෙළඳ අමාත්‍යාංශයේ උසස් නිළධාරියෙකු පැවසීය. 17 October 2021
විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය අද ඇරඹේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) සංවිධානය කරන හත්වැනි විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2020) සුදුසුකම් ලැබීමේ තරගාවලිය ඕමානයේදී අද (17) ආරම්භ වේ. 17 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026