(අංජුල මහික වීරරත්න)
චමල් රාජපක්ෂ මහතාට දුක ගැන අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුව යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා රාජපක්ෂවරුන්ට ලිපියක් යවමින් සඳහන් කරයි.
එමෙන්ම වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීම බවද රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. ආදරයෙන් ලියමි,යනුවෙන් අමතමින් එජාප මහ ලේකම්වරයා සිය ලිපියේ මෙසේද සඳහන් කරයි.
කර්මය පටිසන් දෙමින් තිබේ. එය කරුමයක් ලෙස දකින්නට හෝ චමල් රාජපක්ෂලාට බුද්ධිය පහළ වීම පිළිබද අගය කරමි. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් සහ තමා ඇතුළු රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපොල ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් දාර්ශනික අදහස් සහිත කරුණු දැක්වීමක් පසුගියදා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලදී.
කෙසේ වෙතත් ඔවුන්ට දුක අවබෝධ වී ඇත්තේ කරුමය පටිසන් දීමෙන් අනතුරුවයි. එමෙන්ම ඔවුන්ගේ වරද වන්නේ අනෙකාගේ දුක අවබෝධ කරගැනීමට අසමත් වීමයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූර වාර දෙක අවසන් වීමෙන් අනතුරව දේශපාලනයෙන් අත්මිදුනේ නම් වඩාත් හොද බවද ඔහු පවසන ලදී. සත්‍ය ජනතාව තේරුම් ගෙන තිබුණත් රාජපක්ෂවරුන්ට එය වැටහී ඇත්තේ කාලය ඉක්මයාමෙන් පසුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ මසුරන් කට..! පුතා රිය අනතුරක් කරලා... ඒ බීවෙ වතුර කියපු කෙනා නේද මේ....?
දැනට දිය හැළියේ නැටුවට, ඔහෙලටත් ඕකම හිතෙයි තව ටික කාලෙකින්... !
මහින්ද 2015 දී පරාජය වූ පසු මහින්ද සුළඟ ගෙන විත් තම දේශපාලන බලය තහවුරු කරගත් විරවංශලා ගැන මොනවාද හිතන්නේ?
අර වොඩ්කා වතුර වුණු වෙලේ අපිනම් කාගෙ කාගෙත් සත්‍යය තේරුම් ගත්තා...
"බල" තණ්හාව නමැති කරුමයෙන් අන්ධ වී, මත්වී අත්හැරීමේ යථාර්තය නොපෙනීමත් නිසා රාජපක්ෂවරුන් පමණක් නොව සියල්ලන්ටම අත්වන්නේ නැවත නැවත දුකට පත්වීම පමණි.
තමුන්නාන්සේලා හිතන් ඉන්නේ රාජපක්ෂ හොරු එළවලා පරණ හොරු යළිත් වරක් බලයට ගෙනාවා කියලද? බයවෙන්න එපා මහත්තයෝ, තව මාස කිහිපයකින් ඡන්දයක් එනවා. මෙහෙම රටකට යන්න බෑ. එතකොට මේ පාර ජනතාව තීරණය කරයි මේ පාරත් හොර තක්කඩියන්ව යවනවද කියලා. එකක් හිතාගන්න මහත්තයෝ, මේ සියවසේ ඉන්නේ අර අසූ ගණන්වල, හැත්තෑ ගණන්වල සිටිය තමුන්නාන්සේලා වගේ අය නොවන බව...
පසුගිය ජනාධිපති මැතිවරණයෙන් පරාජය වී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ මහතාව යළි රැගෙන විත් මෙවන් තත්වයකට පත් කළේ මැක්කන් පිරිසක්ය.
මාරුවෙන් මාරුවට ඔයයි තලගොයයි කරපු සක්කිලිකමුත් තාම මතකයි අපිට.........
රනිල් පුළුවන් කියලනේ බාරගත්තේ... දැන් නැහැ කියලා හරියන්නේ නැහැ...මිනිස්සු ඊළඟ පාර රනිල්ව බේරෙ වැවට දාන දවස ලග එනව.ණය ගන්නත් බෑ... ණය ගෙවන්නත් බෑ... යයි අඬ අඬා ඉන්නද ආණ්ඩුව බාර ගත්තේ..?රට විරුවන්ගෙන් ඩොලර් ලබාගැනීමට නම් ජනතාවගේ විශ්වාසය දිනූ ආණ්ඩුවක් පත් වෙන්න ඉඩහැර ගෙදර යන්න ගුටි නොකා.