(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමට හා ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධිය මුල්කරගෙන දිවයිනපුරා ඇති වු කළහාකාරි සිද්ධිය සම්බන්ධයෙන් ජනතාවගෙන් ඡායාරූප 484 හා වීඩියෝ පට 73 ක් පොලිසිය වෙත ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මේ දක්වා තොරතුරු 669 ක් ලැබී ඇති බවත්, ඉන් 31 ක් අලාභ හානි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබා දීමට හා පැමිණිළි කිරීමට 2022.05.11 දින සිට [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ සහ 1997, 118 දර්ණ අංක අංක ඔස්සේ ජනතාය තොරතුරු හා ඡායාරූප, වීඩියෝ පට එවා තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම ප්‍රචණ්ඩක්‍රියා නිසා වින්දිතයන් බවට පත්වු පිරිසට කඩිනමින් යුක්තිය ඉටුකිරීම සදහා මහජනයා මේ ආකාරයෙන් තොරතුරු ලබා දිම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිය පුදකරන බවත්, තවදුරටත් තොරතුරු තිබේනම් ඉහත අංක හා විද්‍යුත් තැපෑල වෙත යොමු කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරායුධ අරගලකරුවන්ට පහර දුන්නු සිද්ධිය ගැන ඡායාරූප සහ වීඩියෝ කීයක් විතර එකතු කර ගත්තද සෑර් ?
එතකොට රටේ ධනය හොරාකාලා රටත්, ජනතාවත් බංකොළොත් කරපු අයගේ ඡායාරූප නැතිද?