‘ජනපති කොමිසමට කැඳවීම වරප්‍රසාද කැඩීමක් ‘ පාර්ලිමේන්තුවේ තමා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා දේශපාලන පළිගැනීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැඳවා ඇතැයිද එය තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීමක් යැයිද හිටපු අග්‍රාමාත්‍ය පත් කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (7)පැවසීය. 07 April 2022
බොපේ ප්‍රා.සභාවට ගම්මු කඩාපනිති බෝප පෝද්දල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද (07) පැවැත්වෙමින් තිබිය දී ගම්වාසීන් පිරිසක් එහි කඩා වැදීම හේතුවෙන් සභාවේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවිය. 07 April 2022
පුටින්ගේ දියණියන්ට හිටපු බිරිඳට සම්බාධක යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ තරුණ දියණියන් දෙදෙනාටත්, පුටින්ගේ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 07 April 2022
‘විවාදයේදී හොඳ අදහස් නොලැබීම කණගාටුදායකයි‘ රටේ තත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයේදී අර්බුදය විසඳීම සඳහා මන්ත්‍රීවරුන්ගෙන් යහපත් විසඳුම් සහ අදහස් ප්‍රමාණවත් පරිදි නොලැබීම කණගාටුදායක යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 April 2022
අධිභාර පනත ඡන්දයකින් තොරව සම්මතයි ආන්දෝලනයට තුඩුදුන් අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය. 07 April 2022
‘ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල‘ ලෝකයේ දුර්වලම මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල බව බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පවසයි. 07 April 2022
ජනපති පාර්ලිමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 10.13 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණියේය. 07 April 2022
නිධන් හැරීමට ගිය කපුවෙක්-කාන්තාවක් ඇතුළු 4ක් මාට්ටු කල්එළිය වෑබඩමුල්ල ප්‍රදේශයේ නිවසක් පිටුපස නිධානයක් හෑරීම සදහා ශාන්තිකර්ම සිදු කරමින් යෙදී සිටි බව කියන කපුවකු හා කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු රජයේ අරක්කු බෝතල් දහයක්ද සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 07 April 2022
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (7) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 April 2022
විපක්ෂය ඇමැති තනතුරු නොගනී කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට දින හතරක් ගත වුවද, ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී ඇත. 06 April 2022
ජනපති උපදේශක සභාව පත් කරයි බහුපාර්ශ්වීක කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මුල්‍ය සහ ආර්ථිකව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් ඇති නිලධාරීන් තිදෙනකු පත්කර තිබේ. 06 April 2022
කොරෝනා එක්ස්.ඊ. වයිරසය වැළඳුණු රෝගියකු ඉන්දියාවෙන් ‘කොවිඩ්’ 19 නව ප්‍රභේදය වන ‘එක්ස්.ඊ. ප්‍රභේදය ආසාදිත ඉන්දියාවේ පළමු රෝගියා මුම්බායි නුවරින් අද (6) හදුනාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 April 2022
‘‘ජනතා හඬට ආණ්ඩුව කන්දිය යුතුයි‘‘ ආණ්ඩුවට ගෙදර යන්නැයි දේශපාලන පක්ෂ භේදයකින් තොරව තරුණ සමාජය අද පාරට බැස බල කරමින් සිටිනවා. රට ලේ විලක් වීමට මත්තෙන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ජනතා ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයැයි එක්සත් ජාතික ෂක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද සවස මාතර දී පැවසීය. 06 April 2022
කරන්නාගොඩගේ පෙත්සම ජූනි 27 විභාගයට ළමුන් 11 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ගොනු කර ඇති රිට් පෙත්සමක් ලබ ජුනි මස 27 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) දින නියම කළේය. 06 April 2022
සියඹලාපිටිය නි.කතානායක ධූරයේ ඉදිරියටත්? රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කතානායකධූරයේ ඉදිරියටත් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධතාවයක් නැතැයි එම පක්ෂයේ මහලේකම්, හිටපු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවසීය. 06 April 2022
පාසල් හෙට සිට නිවාඩු රජයේ සහ අනුමත පාසල් හි අවුරුදු නිවාඩුව හොට සිටි ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 06 April 2022
ඉන්ධන නැතිව කඩවතින් මහනුවර පාර වහයි කඩවත පොලිසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් කොළඹ - මහනුවර මාර්ගය අවහිර කරමින් වාහන රියැදුරෝ පිරිසක් මේ මොහොතේ විරෝධතාවක නිතරව සිටිති. 06 April 2022
ජනපතිකමට සුදුස්සා හරීන් කියයි කවුරුත්ම නැතිනම් ජනපතිකම සමගි ජන බලවේගයේ ආචාර්ය හර්ෂ ද සිල්වාට ලබාදෙන්නැයි තමා ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 April 2022
රත්තරන් මිල පහළට හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (6) දිනයේ රුපියල් 170,000 ත් 175,000 ක් අතර මිලක් දක්වා පහළ ගොස් තිබුණි. 06 April 2022
වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්න ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවත් වත්මන් තත්ත්වය සාමකාමීව විසඳා ගන්නා ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. 06 April 2022
පාර්ලිමේන්තුව අසළ සිද්ධියට වෙනම පරීක්ෂණයක් ජපන් මිත්‍රව පාළම දෙසින් වු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාව සිදුවන අතරතුර ඊයේ (5) යුද හමුදා යතුරු පැදි කණ්ඩායම් පැමිණීමත් සමග එල්ල වූ මහජන විරෝධය මැද පොලිස් නිලධාරීන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නියමයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 06 April 2022
ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 140 ක ආයෝජන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් හෙවත් ඩොලර් කෝටි 140 කට වැඩි ආයෝජන ලබාගෙන ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි. 06 April 2022
ආණ්ඩුව හදිසි පක්ෂ රැස්වීමක් කැඳවයි ආණ්ඩු පක්ෂයේ හදිසි රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (06) රාත්‍රියේ පැවැත්වේ. 06 April 2022
ජලගැලුම් නිම්නයේ නිධන් හෑරූ තුනක් මාට්ටු පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය කරපොල විල්ලුවට නුදුරින් අද අලුයම නිධන් හාරමින් සිටි තිදෙනකු, අත්ටැක්ටර්යක් ජෙනරේටරයක්, ඇතුළු නිධන් හැරීමට යොදා ගත් භාණ්ඩ රැසක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය කියයි. 06 April 2022
‘රටට පණ කඳ ඇති අගමැතිවරයෙක් ඕනෑ‘ රටට පණ කඳ ඇති අගමැතිවරයකු අවශ්‍ය වන බව අපේ ජන බල පක්ෂයේ පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (6) පැවසූහ. 06 April 2022
බසය ප්‍රපාතයේ තුනක් රෝහලේ කහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ 06 April 2022
අ'පුර සිද්ධියේ කලහකාරීන් 8ක් මාට්ටු අනුරාධපුර නගරයේ සහ ඒ අවට පසුගිය 4 දා රාත්‍රී කලහාකාරී අන්දමින් හැසිරෙමින් ඇමති නිවාස කාර්යාල රථ වාහන කීපයකට පහර දීමේ සිද්දීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් අට දෙනෙකු අද දහවල් වන විට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 06 April 2022
‘මුළු රටම මරව් කියද්දී ජේ ආර් ගෙදර ගියාද ‘ එදා මුළු රටම මරව් කියද්දී ජේ ආර් ජයවර්ධන මහතා ජනපතිකම අතහැර දමා ගෙදර ගියා දැයි මුදල් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ප්‍රශ්න කළේය. 06 April 2022
‘හෙල්මට් සිද්ධිය ගැන අනුර කුමාරගෙන් ප්‍රකාශයක්‘ වාහනයට හෙල්මටයක් පැළඳ නැගි පුද්ගලයා තමාගේ ආරක්ෂාව සඳහා ස්වෙච්ඡාවෙන් පැමිණි පක්ෂයේ අයකු බවත් එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නේ නම් ඒ සඳහා ඔහු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 April 2022
විදුලිය කප්පාදුවෙන් මහනුවර අධිකරණ කටයුතු අපහසුවෙන් පැය හතරක් විදුලිය විසන්ධි වීම නිසා මහනුවර අධිකරණයේ අධිකරණ ශාලා සියල්ලේම නඩු කටයුතු විභාග කිරීම දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිදු කිරීමට විනිසුරුවරුනට හා අධිකරණ නිලධාරීනට සිදුවිය. 06 April 2022
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026