පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ද පැවසීය. 04 July 2022
ඇමෙරිකන් විද්‍යාඥයන්ගෙන් අසූචි බැංකුවක් විද්‍යාඥයන් ඔවුන් බලාපොරොත්තු වන ආකාරයෙන් සියලූ දේ සිදුකළහොත් ඔබගේ මල ජිවිතේ කුමන හෝ අවධියකදී භාවිතයට ගැනීම සඳහා අයිස් මත තැන්පත් කිරීම සම්මතයක් විය හැක. 04 July 2022
කෝටි 19ක රත්‍රං කටුනායකින් අල්ලයි රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු ද සමග අත් අඩංගුවට ගැනීමට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් ඊයේ (03) රාත්‍රීෙය් සමත් වී තිබේ. 04 July 2022
කෝපන්හේගන් නුවර වෙඩි තැබීමකින් 3 ක් මරුට රයිෆලයක් අතැතිව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලකට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 10 ක් බව පැවැසෙයි. 04 July 2022
ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. 04 July 2022
පළාත් රැසකට කඩින් කඩ වැසි සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (4) විටින් විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 July 2022
ඉන්ධන අවසන් වුණැයි හමුදා සෙබළාගේ අත කපලා ඇඹිලිපිටිය 100 කණුව අයි ඕසී ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ තදබදයක් සහ ගැටුමක් අතරතුර ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබළකුගේ අත කිසියම් පුද්ගලයකු තියුණු ආයුදයකින් පහරදී කැපුම් තුවාලයක් සහිත ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළත් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. 04 July 2022
‘‘දරුවන් බඩගින්නේ හඬනවා. දරාගන්න බෑ පියෙක් මහ පාර මැද හඬා වැටෙයි‘‘ ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු පියකු හෙම්මාතගම නගරයේ ප්‍රධාන මාර්ගය මධ්‍යයේ නාමපුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් මහ හයියෙන් හඩා වැටෙමින් සිටියදී පොලිසිය සහ ව්‍යාපාරිකයෝ සහ නගරවාසීහු පිරිසක් මැදිහත්ව ඔහුට අවශ්‍ය ආහාර පාන තොගයක් පරිත්‍යාක කළහ. 04 July 2022
ලංකාපුර ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය ඝාතනය කරයි පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි. 04 July 2022
බෙම්මුල්ලේ වෙඩි තැබීමකින් කොළඹ වෙඩික්කරු මරුට කොළඹ බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන පාතාල සාමාජිකයකු ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි. 04 July 2022
මාගම්මන ගින්නේ සහ හැවිරිදි දියණියත් මියයයි හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉකුත් 25 දා රාත්‍රි පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසයි. 03 July 2022
දෙපා අහිමි මවට බෙහෙත් ගන්න යන්න හිටපු රණවිරුවාට තෙල් දී නෑ නාවික හමුදාවේ සේවය කොට යුද සමයේ බෝම්බයකට අසව ආබාධියකට ලක් වු සොල්දාදුවකුට තම දෙපා අහිමි මව කරාපිටිය රෝහලට රැගෙන යෑමට ඉන්ධන ලබා නොදුන් දුක්මුසු පුවතක් සූරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 03 July 2022
ඉන්ධන ගන්න ‘ටෝකන්’ ක්‍රමය ඉවරයි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වලට ඉදිරියේදී ‘ටෝකන්‘ ක්‍රමය ක්‍රියාත්මක නොකරන බවත් ‘ටෝකන්‘ ක්‍රමය රජය ක්‍රියාත්මක කරන එකක් නොව ආරක්ෂක අංශ ක්‍රියාත්මක කරන එකක් බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 July 2022
‘‘මේ ආණ්ඩුව පන්නනවා හැර වෙන විකල්පයක් නෑ‘‘ තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 03 July 2022
ඕස්ට්‍රේලියාවට හොරෙන් පනින්න හැදූ 75 ක් අල්ලයි නිති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්රමනිකයන් 75 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 03 July 2022
හෙට අනිද්දා විදුලිය කපන්නේ මෙහෙමයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (4 සහ 5) දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 July 2022
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හෙට (4) සඳුදා මැතිසබයේදී උදාවනු ඇත. 03 July 2022
ඉන්ධන 10 වැනිදා සිට දෙනවා මෙම මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් ජනතාවට ආර්ථික වශයෙන් සිදුවූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (3) පස්වරුවේ පැවසීය. 03 July 2022
බිත්තර වී කිලෝව 150 ට මිලදී ගනී යල කන්නයේ වගා කරන ලද බිත්තර වී කිලෝවක් රුපියල් 150 බැගින් මිල දී ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ. 03 July 2022
මන්ත්‍රී කාවින්දගේ සංදේශයට වතිකානයෙන් ලිඛිත පණිවුඩයක් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට රජය සාධාරණය ඉටු නොකිරීම සම්බන්ධයෙන් රෝමයේ වතිකානයට ගොස් පාප්වහන්සේට කරුණු දක්වා සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා භාරදුන් සංදේශයට ප්‍රතිචාර දක්වමින් වතිකානයෙන් ලිඛිත පණිවුඩයක් යොමුකර ඇත. 03 July 2022
සියලු පාසල් සතියක් නිවාඩු මෙම සතියේදී දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. 03 July 2022
අත්‍යවශ්‍ය මහජන සේවා පනත ලබන බදාදා මැතිසබයේ අනුමැතියට අත්‍යවශ්‍ය මහජන සේවා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ලබන( 6) බදාදා සම්මත කරගැනීමට නියමිතය. 03 July 2022
සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානවලට ළඟාවීමට ඇති අපහසුතාව හේතුවෙන් පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 03 July 2022
විමලසුරේද්‍ර ජලාශය වාන් දමයි නොටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශයට (2) දින රාත්‍රී සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරෙන්ද්‍ර ජලාශය අද (3) දින උදැසන සිට වාන් දැමිමට පටන්ගෙන තිබේ. 03 July 2022
කන්දකාඩුවෙන් පැන්න තවත් රැඳවියෝ 6 ක් මාට්ටු වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටියදි අතුරැදහන්වු රැදවියෝ 6 දෙනෙක් බකමුණ සොමියල් හංදියේ දි බකමුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙනු ලැබූහ. 03 July 2022
රාජකාරියට යන්න බැරිව පොලිස් නිලධාරීහුත් අමාරුවේ ඉන්ධන නොමැතිවීමෙන් රාජකාරි වාර්තා කිරීමට පොලිසිය ස්ථාන වෙත යාමට නොහැකිව තමන් දැඩි අසීරුතාවයකට පත් වී ඇතැයි බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීහු පවසති. 03 July 2022
බයිසිකල් ගන්නත් දිගු පෝලිම් රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදයත් සමග ජාඇල ප්‍ර දේශයේ පාපැදි වලට විශාල ඉල්ලුමක් ඇතිවි තිබේ. 03 July 2022
සේවක සේවිකාවෝ අසනීප වෙලා: ගම්පහ රෝහල හොඳටම ලෙඩවෙයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු අංශ කිහිපයක සේවක සේවිකාවන් පෙරේදා (2) දිනයේ සිට අසනීප නිවාඩුමත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් රෝහලෙහි කටයුතු මුළුමනින්ම පාහේ අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 03 July 2022
ගාල්ලේ සමුද්‍ර මාවතේ සුන්බුන් ඉවත් කරයි රළ පහරත් සමග මුහුදු ජලය ගොඩට ගලාගෙන එම නිසා ගාල්ල සමුද්‍ර මාවතේ පිරි තිබු මුහුදු වැලි හා සුන්බුන් ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරියේ හා ගාල්ල පොලිසිය එක්ව අද (03) කටයුතු කරණු ලැබිය. 03 July 2022
කඳුකරයේ මාර්ග රැසකට ගල් කඩා වැටෙයි නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ හපුගස්තැන්න 05 කණුව ප්‍රදේශයේ හා දියගල ප්‍රදේශයේදී අද අළුයම මාර්ගයට පස් කඳු හා ගල් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය පැය කීපයකට ඇණ හිටියේය. 03 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026